දන්ත සෞඛ්‍යය ගැන අපි ප්‍රාථමික අවධියේ පටන් කතා කරනවා. නමුත් දන්ත සෞඛ්‍යය ගැන අද කතා කරන තොරතුරු අතීතයේ අපි දැන සිටි තොරතුරුවලට වඩා බොහෝ සේ වෙනස්.
මුඛය ජිවත්වෙන්නේ බැක්ටිරියා සමගයි. මුඛයේ රැඳෙන කාබොහයිඩ්ටේ්රට සහ සිනි දත්වල එනැමලයට හානි කරන අම්ල බව අපි දන්නවා. සෑම ප්‍රධාන ආහාර වේලකට පසුව දත් මැද පිරිසිදු නොකළහොත් මුඛයේ රැඳෙන ආහාර සහ සීනි කොටස් විසින් බැක්ටිරියාවන් වර්ධනය කරනවා. දත්වල මැලියම් බැඳි තිබිමත් දත් රෝගයන්ට හේතු වෙනවා.
මැලියම් ඝණ බවට පත් විමෙන් දන්ත පථ (dental plaque) සැදෙනවා. මෙම දන්ත පථ බැක්ටිරියාවන්ගේ පැවැත්මට ආධාරවන නිසා සැදෙන අම්ල දත් පෘෂ්ටයෙන් ඉවත් විමට ප්‍රමාද වෙනවා. දත් නිසි ලෙස නොමැද සිටිමත් දත් රෝග සඳහා හේතු වෙනවා. දත්වල කුහර සෑදිමට බලපාන බැක්ටිරියාවන් අතර Streptococcus mutans හා Lactobacilli නමින් හඳුන්වන බැක්ටිරියාවන් විශේෂයි.
හිතකර බැක්ටීරියා තිබෙනවා…
මේ නිසා දත් දිරා යෑමට එරෙහිව ක්‍රියා කළ හැකි සිනි රහිත පැණිරස නිෂ්පාදනයක් දැන් හඳුන්වා දි තිබෙනවා. මෙම මිතුරු බැක්ටිරියාව lactobacillus paracasei නමින් හඳුන්වන අතර එය Streptococcus mutans වැනි හානිකර බැක්ටිරියාවන්ට එරෙහිව ක්‍රියාත්මක විමේ හැකියාවෙන් යුක්තයි. පැණි රස නිසා මුඛයේ ඇති වෙන බැක්ටිරියාවන්ට එරෙහිව ක්‍රියාත්මක විමේ හැකියාව මෙම සිනි රහිත පැණිරස නිෂ්පාදනයේ තිබෙනවා. මෙය මුඛයට ඇතුලු වුණාම කෙළ සමග මිශ්රවෙලා හානිකර බැක්ටිරියා දතට සිදුවන ලබන හානිය වලක්වන්නට සමත්වෙනවා.
මිනිස් මොළයට බලපාන බැක්ටීරියා
මිනිස් මුඛයේ ඇති ඇතැම් බැක්ටීරියා අපේ වයස්ගත වීමත් සමග මොළයේ ක්‍රියාකාරීත්වයට බලපාන බැව් එක්සිටර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද අධ්‍යනයන් මගින් පෙන්වා දෙනවා. ඒ අනුව අපේ මුඛයේ ඇති ඇතැම් බැක්ටීරියා වර්ග මතකය සහ අපේ
අවධානය සමග සම්බන්ධතාවක් ඇති අතර තවත් බැක්ටීරියා වර්ග මගින් මොළයේ සෞඛ්‍ය තත්වය දුර්වල කරන අතර ඇල්සයිමර් ” වැනි රෝග තත්ත්වයන්ටත් හේතු විය හැකි බැව් මෙම පර්යේෂකයන් විසින් සඳහන් කරනවා.
කල් තබා හඳුනා ගැනීමට හැකියි
නමුත් මේ ගැන ඔබ බිය වීමට අවශ්‍ය නැහැ. මතකය පිළිබඳ ගැටළු ඇල්සයිමර් රෝගය සමග සම්බන්ධ අතර එවැනි රෝග තත්ත්වයන් අපට කල් තබා හඳුනා ගත හැකි බැව් මෙම අධ්‍යනයේ ප්‍රධාන පර්යේෂිකා වෛද්‍ය ජොආනා ලොරොව් සඳහන් කරනවා.
මෙම පර්යේෂණය තවමත් මූලික අදියරේ පවතින අතර නයිට්රේට් බහුල කොළ පැහැති එළවළු ආහාරයට ගැනීම මගින් මෙම හොඳ බැක්ටීරියා ගහණය වැඩි කරන ගැනීමට හැකියාව ඇති බැව් වෛද්‍ය ජෙආනාගේ අදහසයි.
සමහර බැක්ටීරියා මොළයේ ක්‍රියාකාරීත්වයට සහය වන අතර තවත් බැක්ටීරියා විශේෂ මොළයේ ක්‍රියාකාරීත්වයට හානිකර බැව් මගින් මෙම අධ්‍යනය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය ඈන් කෝබට් සඳහන් කරනවා.
ඒ වගේම මුඛයේ බැක්ටීරියාවල සමතුලිතාව වෙනස් කරන ප්‍රතිකාර මගින් ඩිමෙන්ෂියාව වලක්වා ගත හැකි බැව් ඇය සඳහන් කරනවා. ආාහර පිළිබඳ වෙනස්කම්, මුඛ සෞඛ්‍ය පුරුදු සහ ප්‍රෝ බයොටික්ස් සහ ඉලක්කගත ප්‍රතිකාර මගින් මෙම තත්ත්වය වලක්වා ගත හැකි බවත් ඔවුන් සඳහන් කරනවා.
මෙම අධ්‍යනය සඳහා වයස අවුරුදු 50 ට වැඩි ස්වේච්ඡා සේවකයන් 115 දෛනක් සම්බන්ධ කර ගත් අතර එම කණ්ඩායම අතරින් මොළයේ ක්‍රියාකාරීත්වය අඩු පිරිසක් ලෙසින් එක් කණ්ඩායමක් තෝරා ගන්නා ලදී. මෘදු සංජානන ගැටළු ඇති පිරිස දෙවන කණ්ඩායම ලෙසින් තෝරා ගත්තා.
එයින් අනතුරුව මෙම කණ්ඩායම් දෙක වෙනුවෙන්ම මුඛ සේදුම් දියර ලබා දුන්නා. ඒ අතර ඔවුන්ගේ මුඛයේ ඇති බැක්ටීරියා කාණ්ඩ පිළිබඳවත් මෙම පර්යේෂකයන්ගේ අවධානය යොමු වුණා.
“ නිසීරියා ” සහ හිමොෆීලිස් යන බැක්ටීරියා කාණ්ඩ විශාල වශයෙන් තිබුණ පුද්ගලයන්ට හොඳ මතකයක් වගේම අවධානය දැක්වීමේ සතුටුදායක ප්‍රතිචාර ඇති බැව් පෙනී ගියා. ඒ වගේම “ පෝර්ෆිරොමොනොස් ” බැක්ටීරියාව ඉහළ අගයක තිබුණ පුද්ගලයන්ගේමතකය පිළිබඳ ගැටළු පැහැදිළි වශයෙන් දක්නට ලැබුණ බැව් ජොආනා ලොරොව් සඳහන් කරනවා. ප්රිවෝටේලා (Prevotella) වැනි බැක්ටීරියාවන් නයිට්රයිට් සමග සම්බන්ධ අතර ඇල්සයිමර් වැනි රෝග අවදානම සහිත ජාන සහිත පුද්ගලයන් අතර මේ තත්ත්වය බහුලව දක්නට ලැබෙන බැව් ඇය පෙන්වා දෙනවා.
ප්‍රතිකාර…
කොළ පැහැති එළවළු සලාද වැඩි වශයෙන් ආහාරයට ගැනීම. නිවිති, සලාද කොළ වැනි එළවළු නයිට්රේට් ඉතා හොඳින් ලැබෙන ශාඛ ප්‍රභවයක්.මද්‍යසාර, අධික ලෙස සැකසූ සීනි සහිත ආහාර වැනි දේ පරිභෝජනය අඩු කිරීම.
මෙම දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුව යම් පුද්ගලයෙක් අනාගතයේදී මෙම රෝග තත්ත්වයන්ට අවදානම් සහගත බැව් කල් තබා හඳුනා ගත හැකි බවත් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සහ බලපෑම් පිළිබඳ සහකාර උප කුලපති මහාචාර්ය ඇනී වන්හාටලෝ සඳහන් කරනවා.
බී.බී.සී පුවත් ඇසුරින්
පුන්‍යා චාන්දනී ද සිල්වා