නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අතීතය වසා තබන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අතීතය වසා තබන්න

Published April 14, 2025

අප අතීතයෙන් ඉගෙනගත යුතුය. එහෙත් අතිතය හා ගණුදෙනු කළ යුත්තේ ප්‍රවේසමිනි. නැවත වර්තමානයට ගෙන ආ නොහැකි අතීතය වැළඳ ගැනීමෙන් ඔබට සිදුවන්නේ වර්තමානය අහිමිවීමකි. එයට හේතුව සුවකිරීම් හා ආලෝකවත් කිරීම් මෙන්ම රිදවීම් සහ අඳුරද අතීතය හා එතී තිබීමයි. තේ කෝප්පයක් තොලගාමින් සිටින විට, සුවඳක් ඔස්සේ වැනි සුළු දෙයකදී අප නොදැනුවත්වම කාලය හා අවකාශය පසුකරමින් අතීතයට අප රැගෙන යනු ඇත.

එහෙත් අප ඒ ඔස්සේ මංමුළා වෙන්නේ ඇයි?

අතීතයේ චාරිකා කිරීමේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. සමහරුන් ඒවාට පිවිසෙන්නේ යළි නොඑන ලෙස වසා දැමීමේ අදිටනිනි. තවත් සමහරු ඒවා යථාර්ථය බවට පත්කර ගැනීමේ උත්සාහයක නියැලෙති. අප විසින්ම අපගේ අනන්‍යතාවය සෙවීම සහ ලෝකයේ අප හිමිකරගන්නා ස්ථානය ගැන ස්වයං විමසීමක්ද මින් ප්‍රකට වෙයි.

හොඳ පැත්ත

අතීතය කණ්ණාඩියක් නම් දීප්තිමත් පැත්තෙතන් අතීතය සොයා බැලීම පෞද්ගලික වර්ධනයට සහ ස්වයං-පරාවර්තනය (self-reflection) සඳහා උත්ප්‍රේරකයකි. අප පැමිණ ඇති දුර සහ ලබා ඇති ප්‍රඥාව එමගින් විමසිය හැකිය. පැරණි තුවාල සුවකිරීමට සහ සමාව දීම සඳහාද භාවිත කළ හැකිය.

හොඳ දෙයෙහිම නරක පැත්තක්ද ඇත

අතීතය නැවත ආවර්ජනය කිරීමෙන් පැරණී තුවාල නැවත විවර වීමක්ද සිදුවිය හැකිය. වළලා දමා ඇතැයි අප සිතූ වේදනා නැවත මතුවිය හැකිය. කම්පන මතකයන් සහ නොවිසඳුණු ගැටුම් සමග අතීතය සම්බන්ධ නම් වර්තමාන මනසේ සාමය ආරක්ෂා කරගැනීම අපහසු වනු ඇත.

අවදි කළ මතකයන් යළි තැන්පත් වන්නේ වෙනස් අන්දමටයි

මොළය මගින් අපට විශ්වාසදායක මතකයන් අවදි කිරීමක් ලබා නොදෙයි. අප සංජානන නැඹුරු මගින් පැරණි අත්දැකීම් සමහරවිට වර්ණවත් හෝ අඳුරු කරමින් වෙනස් ලෙස මතක තබාගැනීමට අපව යොමුකරයි. එවිට යථාර්ථය බැහැර වෙයි. මෙය උපාය මාර්ගයක් ලෙස භාවිත කරමින් සිතිවිලි වලට අභියෝග කරමින් අපගේ අතීතය ආලෝකවත් ලෙස දැකීමට මාර්ගය සලසාගත හැකිය.

මතුවන ගැටලු

අතීතය සිතට පිවිසීම පමණ ඉක්මවා යන විට ගැටලු ඇතිකරයි. උමතුවක් බවට පත්වෙයි. එය ලිස්සන සුළු බෑවුමක් ලෙස ක්‍රියාකරන අතර අප ප්‍රවේසම් නොවුණහොත් පහසුවෙන් පහළට ලිස්සායෑම සිදුවෙයි. එහි පළමු සංඥාව වනුයේ ඔබ දෛනික වැඩකටයුතු අඩාල වීමයි. වර්තමානය කෙරෙහි අවධානය යොමුකිරීමට අසමත්වීම ඊට හේතුවයි. එය දැනුණු මොහොතේම පියවරක් ආපස්සට ගන්න. අතීතයේ ගමනක් යෑම ඔබ පසුපස දර්පණය දෙස නිරන්තරයෙන් බලමින් මෝටර් රථයක් පැදවීම වදිය. එවිට ඔබ ඉදිරිපස ඇති බොහෝ දේ මගහැරෙනු ඇත.

ඔබ කළ යුතුදේ

අතීතයේ එල්ලී සිටීම වෙනුවට අතීතයට ගරු කරමින් වර්තමානය වැළඳ ගන්න. අතීත අත්දැකීම් අමතක කිරීම හෝ බැහැර කිරීම වෙනුවට ඒවා සෞඛ්‍ය සම්පන්න, ඵලදායිී ආකාරයකින් අපගේ වර්තමානයට ඒකාබද්ධ කිරීම ගැන එමගින් සිතාබැලිය හැකිය.

https://neurolaunch.com ඇසුරෙන්

සුනිල් අල්ගම ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?