අප කවුරුද වයසට යන්න කැමති? හිසේ එක් කෙස් ගසක් හෝ ඉදිණු පමණින් අපට ඇති වන්නේ ජීවිතය ගැන කළකිරීමකි. කළකිරී ඇති සැමටම වැදගත් වන පර්යේෂණයක් මෑතකදී Wake Forest University විශ්වවිද්‍යාල මගින් සිදුකර ඇත.
වැඩිහිටියන්ට වඩා හොඳයි
ශීත කලාපීය එළවළුවක් වන පෝෂ්‍ය ගුණයෙන් පොහොසත් වන අතරම විවිධාකාරයෙන් පිසගත හැකිය. ව්‍යායාමයට පෙර බීට්රූට් යුෂ පානය කිරීමෙන් මොළයට වයස්ගත වීමට එරෙහි වීමේ ශක්තිය ලැබෙන අතරම අධි රුධීර පීඩනය පාලනය කිරීම සහ කළමනාකරණය වීමද සිදුවන නිසා විශේෂයෙන්ම වැඩිහිටියන්ට මෙහි ප්රතිලාභ වැදගත් වන බව විද්‍යාඥයින්ගේ අදහසයි.
පර්යේෂණ මෙහෙයුම
වයස 55 ට වඩා වැඩි වැඩිහිටි නියැදියකට උදෑසන Treadmill මත ඇවිදීමේ ව්‍යායාමයට පෙර බීට්රූට් යුෂ පානය කිරීමට සලස්වා ඇත. මෙය සතියකට තෙවතාවක් සිදු කෙරිණිත නියැදි දෙකක් භාවිත කෙරුණු අතර අනෙක් කණ්ඩායමට බීට් යුෂවලට බෙහෙවින් සමාන වෙනත් පානයක් ලැබුණි.
ශාරීරික ක්‍රියාකාරකම් නොමැති අය, රුධිර පීඩනය ඇති, සෞඛ්‍ය ගැටලු සඳහා ඖෂධ වර්ග දෙකකට වඩා ඇති අය තෝරාගන්නා ලද අතර ඇවිදීමේ උපකරණය මත විනාඩි 50 ක කාලයක් ඇවිදීම ඇරඹීමට පැයකට පෙර ඔවුන්ට බීට්රූට් යුෂ අතිරේකය ලබාදෙන ලදී.
Nitric Oxide පරිවර්තනය
බීට්රූට් යුෂ Nitrates වලින් පොහොසත්ය. ඒවා ශරීරගත වූ පසු නයිට්රයිට බවටත් පසුව නයිටි්රක් ඔක්සයිඩ් බවටත් පරිවර්තනය වේ.
fõ’Nitric Oxide සහ ඔක්සිජන් සැපයුම
නයිට්‍රික් ඔක්සයිඩ් බලගතු අණුවකි. මේ මගින් සිරුරේ අවශ්‍ය කොටස් කරා ඔක්සිජන් බෙදාහැරීමේ මොළයේ කාර්යයට උපකාරී වීම සිදුවෙයි. අවශ්‍ය බෙදාහැරීම සඳහා මොළයට විශාල වශයෙන් ඔක්සිජන් අවශ්‍ය වන නිසා බීට් යුෂ මගින් ලැබෙන නයිට්‍රික් ඔක්සයිඩ් නිසා එම කටයුත්ත කාර්යක්ෂමව කිරීම සඳහා මොළයට ලැබෙන්නේ විශාල පිටිවහලකි.
සෞඛ්‍ය ප්රතිලාභ
පර්යේෂකයින් පෙන්වා දෙන්නේ බීට්රූට් ජීර්ණය වීමෙන් ලැබෙන නයිට්‍රික් ඔක්සයිඩ් නිසා රුධිර සංසරණය දියුණු වන බවයි. එහි ප්රතිලාභ වශයෙන් සංජානනය, දරා ගැනීමේ ශක්තිය ඇතුළු සමස්ත සෞඛ්‍ය පද්ධතියේම ක්‍රියාකාරීත්වය මෙමගින් ඉහළ නංවනු ලබයි. මේ නිසා ව්‍යායාමයට පැයකට පෙර සිදු කෙරෙන බීට්රූට් යුෂ මගින් සෑම වයස් කාණ්ඩයකම අයගේ ශරීර ක්‍රියාකාරීත්වය ඉහළ නංවනු ලබයි.
https://www.indiatimes.com ඇසුරිනි
සුනිල් අල්ගම ✍️