නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පිටරටින් එන පැලට්පෙට්ටි කඩා ඇඳ, පුටු, මේස හදයි රුවිනි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පිටරටින් එන පැලට්පෙට්ටි කඩා ඇඳ, පුටු, මේස හදයි රුවිනි

Published March 24, 2025

කාන්තාව කියන්නේ අරපිරිමැස්මේ සංකේතයක්. මහෞෂධ පණ්ඩිතයන් විසින් අමරා දේවිය පරීක්ෂා කළ ජාතක ඉතිහාසය තුළින් පවා කාන්තාවක විසින් බුද්ධිමත් ලෙසින් සකසුරුවමින් ජීවිතය හසුරුවන අන්දම ගැන ආදර්ශ සපයනවා. ඇය හොරණ පදිංචි අල්ගොඩගේ රුවිනි. රුවිනි ඇගේ සැමියා වන එස්. එස්. සමිර රුවන් කුමාර සමග එක්වෙලා අලුත් නිර්මාණයක් කරන්න පටන්ගත්තා…

රුවනිගේ විස්තර සඳහන් කරනවා නම්…

මගේ මුල් ගම ගම්පහ. උඩුගම්පල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. එතැනින් පසුව අපේ අපේ පදිංචිය වෙනස් වීම සමග හොරණ ප්‍රජාපති බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබුවා. එතැනින් පසුව මම පෞද්ගලික විද්‍යා පීඨයක ප්‍රාථමික හා පෙරපාසල් පුහුණුව ලැබුවා. අවුරුදු 12 ක් පෙර පාසල් ගුරුවරියක ලෙස සේවය කළා. විවාහයෙන් පසුව මම රැකියාවෙන් ඉවත්වෙලා හොරණ පදිංචියට ආවා.

මොකක්ද ඔබේ මේ අලුත් නිර්මාණය…

අපි පැලට් ලීයෙන් ඇඳ, මේස පුටු වැනි ගෘහ උපකරණ වගේම, ලී නිර්මාණ, සැලුන් ආශ්‍රිත නිර්මාණ, පොත් සාප්පුවලට රාක්ක වගේ විවිධ නිර්මාණ හදනවා.

ඒ වගේ අදහසක් ආවේ කොහොමද?

මගේ සැමියා වැඩකළ සමාගමේ ඉවත දමන පැලැට් ලී පටි ගෙනත් අපි නිවසේ අලෙවි කළා. කොවිඩ් කාලයේ මගේ සැමියාගේ

රැකියාව අහිමි වුණා. පාලන අධිකාරිය විසින් 60% ක වැටුපට වැඩ කරන්න කිව්වා. ඒ නිසා අපට ජීවත් වීමේ මාර්ගය ඇහිරුණ නිසා වෙනත් ආදායම් මාර්ගයක් ගැන අපට හිතන්න වුණා. මේ වෙලාවේ අප හිතුවා පැලැට් ලී පටි නිකම් අලෙවි කරනවාට වඩා ඒ වෙනුවෙන් අගයක් එකතු කරන්න. ඒ විදිහට තමයි අපට මේ අදහස ඇති වුණේ.

මොනවද මේ පැලැට්…

පැලට් කියන්නේ පිටරටවලින් අපේ රටට පිටරටින් බඩු ගෙනෙන පෙට්ටිවල යට ෆයිනස් (Pine wood) වලින් හදපු පෙටිටි තියෙනවා. එක පෙට්ටියක මේ වගේ පටි 13 ක්, 16 ක් වගේ තියෙනවා. මේවා ඒ ආයතන වෙතින් ඉවත දමනවා. මේ විදිහට ඉවත දමන පැලට් ලී වලින් නිෂ්පාදන කරල මිල කරන්න පුළුවන් නේද කියල මට හිතුනා.

නිර්මාණ කිරීමේ ක්‍රියාවලිය…

මේ නිර්මාණ කරද්දී අපි මුලින්ම පැලට් ලෑලි වෙන් කරනවා. ඒවායේ ඇණ අයින් කරනවා. එතැනින් පසුව වඩු යන්ත්‍රයකින් ලීය හොඳින් ගානවා. ඇණ තිබුණ සිදුරුවලට පොටි ගාලා වහනවා. ඒවා වියලුනාම ග්‍රයින්ඩ් කරල පොටි කපනවා. නිර්මාණය අවසානයේ ඇණ ගහන්න කලින් ලී දෙකක් සම්බන්ධ වෙන හැම තැනක්ම ගම් දාලා අලවනවා. එතැනින් පසුව ඒ තව් පොටි දාලා වහනවා.

නිර්මාණය අවසානයේ වැලි කඩදාසියෙන් මැදල වතුරෙන් ආරක්ෂාවට Waterbase ආලේප කරනවා. එය වියළුනාම වැලි කඩදාසියකින් මැදල නැවත Waterbase ආලේප කරනවා. ලීයේ වර්ණයේ වෙනුවට වෙන වර්ණයක් අවශ්‍ය නම් ඩයි කෝඩ් දෙකක් ගානවා. ලීය Burn කරල අවශ්‍ය නම් ලීය පුච්චලා කපල Waterbase ආලේප කරනවා. මේ විදිහට අපට ලස්සන සිනිඳු නිර්මාණයක් ලැබෙනවා.

ඉල්ලුමක් ගොඩනැගුනා…

ඔව් අපිත් නොහිතපු විදිහට. මුලදී අපි මේ වැඩ කරන්න කියත, ග්‍රයින්ඩරය පවා කුලියට ගත්තා.

නමුත් මේ නිර්මාණ අලෙවියෙන් ලැබෙන ලාභයෙන්ම අපට අවශ්‍ය උපකරණ පවා ගන්න හැකියාව ලැබුණා.

මුලින් මමත් සැමියාත් විතරක් සම්බන්ධව මේ නිර්මාණ කළත් කාලයත් සමග වඩු කාර්මික ශිල්පින් දෙදෙදෙනකුත් සම්බන්ධ කරගන්න අපට හැකියාව ලැබුනා.

දැන් අපි සමග වඩු වැඩ කරන බාසුන්නැහේලා දෙදෙනක් සහ තවත් හතර දෙනෙක් ඉන්නවා. ප්‍රමිතිය ගැන, ඇනවුම් ලබාගැනීම, වැනි කටයුතු මගේ අතින් සිදුවනවා.

ඉල්ලුම වැඩි වෙන්න හේතුව?

පැලැට් ලීයෙන් කරන නිර්මාණ මිල අඩුයි. ඒ වගේම ඉක්මනින් දිරාපත් වෙන්නේ නැහැ. කල්පැවැත්ම අතින් ඉහළයි.

පරිසර හිතකාමීයි. සැහැල්ලුයි. මේ වගේ හේතු නිසා පැලැට් නිෂ්පාදන ඉතාම ඉක්මනින් ජනප්‍රිය වුණා කියල මම හිතනවා.

ජනතාව අතරට ගියේ කොහොමද?

අපි FB page එකෙන් ඇනවුම් ගන්නවා. Pallet pallet design නමින් අපේ පිටුව කාටත් බලන්න පුළුවන්. මේ වෙනවිට ලංකව පුරාම අපේ නිෂ්පාදන මිලට ගත් අය ඉන්නවා. ලෝකයේ බොහෝ රටවල්වල පැලැට් නිෂ්පාදන හරිම ජනප්‍රියයි. හොරණ කලාපයේ හොඳම නැගී එන ව්‍යවසායකයන් 14 දෙනා අතරට අපේ SNRS wood pallet design නමත් ඇතුළත් වුණා.

වැඩියෙන්ම අලෙවි වෙන්නේ

මේස, සැලුන් අයිටම්වල උස පුටුවේ සිට සියළුම අයිටම්, කණ්ණාඩි, බිත්ති සැරසිළි, කැෂියර් ටේබල්, වගේ ඒවට වැඩි ඉල්ලුමක් තියෙනවා. දුර ප්‍රදේශවලිනුත් අපේ නිෂ්පාදන වෙනුවෙන් ඇනවුම් ලැබෙනවා.නිෂ්පාදනාගාරයට ඇවිත් ගන්න අයත් ඉන්නවා.

වැඩි ඉල්ලුමක් ඇතිවීමට හේතුව

මේ නිෂ්පාදනවල මිල දැව නිෂ්පාදනවලට සාපෙක්ෂව අඩුයි. ඒ වගේම දැව නිර්මාණ වගේ බරක් නැහැ. විශේෂයෙන් ආයතනවලට ඒ පහසුව වඩාත් වටිනවා. ඔවුන්ගේ ඉඩ අනුව මේ භාණ්ඩ නිතරම වෙනස් කරන්න වෙනවා.

පිරිසිදු කිරීමේදී හසුරුවන්න පහසුයි. මේ සියල්ලමට වඩා දැව භාණ්ඩ නිෂ්පාදනය වෙනුවෙන් පරිසරයේ ගස් කැපීම සිදුවෙනවා. නමුත් පැලැට් ලී භාවිතය නිසා ඉවත දමන දෙයින් ප්‍රයෝජන ගැනීමට වගේම පරිසරයෙන් ගහක් කැපීම අඩු වීම සුවිශේෂී වාසියක්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?