නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පුතේ, දුවේ මතක ශක්තිය දෑඩි කරගන්න බුදුදහම පිළිපදින්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පුතේ, දුවේ මතක ශක්තිය දෑඩි කරගන්න බුදුදහම පිළිපදින්න

Published March 24, 2025

අද දවසේ විභාග කාලයක් කියන්නේ දරුවන්ට වගේම දෙමව්පියන්ටත් මානසික ආතතිය ඇති වෙන කාලයක්. සමහර දරුවන් රෝග තත්ත්වයට පත් වෙනවා. තවත් සමහර දරුවන් පොත් ටික පැත්තක දාලා අනිත් අවුරුද්දේ ලියනවා කියල තීන්දු තීරණ ගන්නවා. නමුත් කිසිම දවසක විභාග අතපසු කරන්න එපා.

විභාගය කල් තබන්නේ ඇයි…?

අපි බොහෝ විට දරුවන්ගෙන් අහනවා ඇයි විභාගය ලියන්නේ නැත්තේ. ඔවුන් කියන්නේ මට පාඩම් කරපුවා මතක නැහැ. ඒ හින්දා මම අසමත් වුණොත්…? දරුවන්ගේ තර්කය එයයි. විභාග අසමත් වීම නොහැකියාවක් නොවේ.සාමාන්‍ය පෙළ අසමත් වුණොත් සමහර අය මේ විදිහට කතා කරනවා. අනේ සාමාන්‍ය පෙළවත් පාස් වෙන්න බැරි වුණා කියන්නේ. අකම්පහල වෙනවා.

තවත් අය ඒ දරුවා “ මැටි ” කියල ලේබල් කරනවා. නමුත් විභාගය කියන්නේ ජීවිතේ නොවෙයි. එක අභියෝගයක් පමණයි. විභාගය සාමාන්‍ය පෙළ අසමත් වුණොත් සේරම විනාශයි. මේ විදිහට දරුවන්ගේ සිත පීඩනයට පත් කරන්න එපා.

එය එක් අවස්ථාවක් පමණයි. හැම දරුවෙක්ම එක හා සමාන හැකියාවෙන් යුක්ත නැහැ. අපේ බුද්ධ ශාසනයේ වුනත් සංඝ සමාජයේ විවිධ හැකියාවන් ඇති භික්ෂු, භික්ෂුණීන් සිටියා.

චුල්ල පන්ථක හාමුදුරුවන්ට ගාථා පාඩම් වුණේ නැහැ. බුදුරජාණන්වහන්සේ සුදු රෙදි කඩක් දීලා “ රාජො භරණං ” ගාථා පාඨය දුන්නා. මේ පාඨය සමග උන්වහන්සේ ධර්මය තේරුම් ගත්තා. ඒ වගේ දරුවන් අතරත් බුද්ධි මටට්ම වෙනස්.

ඒ නිසා කිසිම දවසක දරුවන් “ ඔබට බැහැ ”යන සෘණ අදහස් දෙන්න එපා. විභාගය අසමත් වුණත් අද දවසේ ජීවිතය ගොඩ නගා ගැනීමේ මාර්ග තිබෙනවා. ඒ නිසා ඔබේ දරුවා අනිවාර්යෙන් විෂයන් නවයටම විශිෂ්ට සාමාර්ථ නවයක් ගත යුතුය යන නියමයක් කොතැනකවත් නැහැ.

බාහිර පරිසරයේ බලපෑම නිසා…

බොහෝ දරුවන්ට දැඩි මානසික බලපෑමක් ඇති කරන්නේ තමන්ගේම මව්පියන්. ඔවුන් දරුවන්ට ලබා දෙන ඉලක්කයක් තියෙනවා. අල්ලපු ගෙදර දරුවා විශිෂ්ට සාමාර්ථ නවයක් ගත්තා. ඔයත් ගනන්ම ඕන. නැත්නම් අපිට පාරේ බහින්න බැහැ.

මේ වගේ ඉලක්ක දුන්නාම දරුවන්ට මානසික ලෙසින් පීඩනයක් ඇති වෙනවා. හදිසියේවත් මට අම්මා කියන විදිහට සමත් වෙන්න බැරි වුණොත්…? දරුවා හිතනවා.

බොහෝ විභාග ප්‍රතිඵල නිකුත් වුණාම අපේ රටේ දරුවන් කීප දෙනෙක් හෝ සිය දිවි හානි කර ගැනීමේ අවාසනාවන්ත තත්ත්වයට පත් වෙනවා. ඔවුන් බොහෝ විට තමන්ගේ ආත්මීය ප්‍රකාශන සටහන් කරනවා. මට දෙමව්පියන්ට මුහුණ දෙන්න බැහැ.

දෙමව්පියන්ගේ මුදල්. ගෞරවය මගෙන් විනාශ වුණා. මම ජීවත් වෙලා වැඩක් නැහැ. මේ ප්‍රකාශය අභ්‍යන්තරයේ තිබෙන්නේ පෙරදා ඔබ විසින්ම දරුවන් දිරිමත් කිරීම වෙනුවෙන් ඔබෙන්ම නිකුත් වුන ප්‍රකාශ විය හැකියි.ඒ නිසා දරුවන් වාචසික ලෙසින් අපයෝජනය කරන්න එපා… මැට්ටා… මෝඩයා… කාලකණ්ණියා… වැනි විශේෂණ පදවලින් දරුවාට කතා කරන්න එපා.

මතකය සමග ගිවිසුම් එපා

කවදාවත් ඔබ පාඩම් කළ සියල්ල මතක සිටින්නේ නැහැ. ඒක ඇත්ත. නමුත් ඔබේ උඩු සිත ඒ විදිහට කිව්වත් ඔබේ යටි සිතේ මේ සියල්ල මතක ගබඩාවේ තියෙනවා. විභාග ශාලාවට යන්න. පුටුවේ වාඩි වෙන්න. ප්‍රශ්න පත්‍රය අතට ගත් සැනින් ඔබේ යටි සිතේ ගබඩා වුණ දත්ත ගලා ගෙන එන්න පුළුවන්. පාඩම් කරපු ගෙදර මේසයේදී මතක තිබුනාට

සංසන්දනය කරන්න එපා.

දරුවාට පාඩම් කරන විට දරුවාගේ මොළයේ පරිපථ අනුව ධාරණය වෙන වෙලාවන් තිබෙනවා. සමහර දරුවන් පාන්දරට පාඩම් කරනවා. සමහර විට දිවා කාලයේ පාඩම් කරල රාත්‍රියේ නිදා ගන්නවා ඇති.

එවැනි අවස්ථාවන්හිදී ඔබේ කන්තෝරුවේ මිතුරන්ගේ දරුවන් රාත්‍රිය නිදි වැරුවාට ඒ විදිහටම ඔබේ දරුවා පාඩම් කළ යුතු නැහැ. ඔබේ දරුවාට පාඩම් කිරීමට සුදුසු වෙලාවක් ඇති. ඔහු ඒ කාලයෙන් ප්‍රයෝජන ගනීවි.

ඔබේ දරුවා යනු වෙනම චරිතයක්. තවත් අයෙකුට සමාන කරන්න බැහැ. ඒ නිසා විභාගය ලියන දරුවන් සමග කරන ගණුදෙණුව බොහොම සීරුවට විය යුත්තක් බව මව්පියන් තරයේම මතකයේ තබා ගන්න.

මෑතකදී 2024 වසරේ ජීව විද්‍යාව විෂය ධාරාවෙන් උසස් පෙළ ලියන දරුවෙක් ආවා. හාමුදුරුවනේ… මට මේ වතාවේ උසස් පෙළ ලියන්න බැහැ. මට ඇගට පන නැහැ. කන්න බැහැ. අවුරුදු දෙකක් අම්මලාගේ මුදල් නාස්ති වුණා.

මම සරල අභ්‍යාසයක් කියා දුන්නා. දරුවාගේ ගත හා සිත එකට සූදානම් කළා. ඒ දරුවා මේ වතාවේ 2024 උසස් පෙළ විභාගයට සාර්ථකව ඉදිරිපත් වුණා. තවම ප්‍රතිඵළ ලැබුණ් නැහැ.

නමුත් විභාගය නොලියන්න තිරණය ගත් දරුවා අවසානයේදී විභාගය ලියන්න තීරණය කලා කිසිම විටෙක පමණට වඩා ( Over thinking ) හිතන්න එපා. යටි මේ විදිහට තැන්පත් කර ගන්න. මම පාඩම් කරන දේවල් මට මතක තියෙන්න ශක්තිය ලැබෙන්න. මේ ගැන මනසේ තබා ගන්න. දෛනික ජීවිතයේ ඔබ පුරුදු විදිහට ගෙවන්න.

අතීතයේ හෝ අනාගතයේ නොව වර්තමානයේ ජීවත් විය යුතු බව අපේ බුදුහාමුදුරුවෝ අපට කියා දුන්න විදිහට අද දවස ගැන හිතන්න. අද දවසේ ඔබ අධ්‍යාපනයට සූදානම් වන අන්දම අනුව හෙට දවස සැලසුම් වේවි.

අතීතයේදී ඔබට යම් යම් අතපසු වුණ පාඩම් ගැන තැවෙන්න එපා. ඒවා නැවත සූදානම් කර ගන්න. අපි අටලෝ දහම අනුව ජීවිතය හැඩ ගසා ගත යුතුයි. හෙට දවසේ පරාජයක් ලැබෙතැයි අද අනුමාන කළ යුතු නැහැ.

මහනුවර ලංකාතිලක රජමහ විහාරවාසී,
හලාවත මහවිහාර වන අරණේ නිර්මාතෘ රාජකීය පණ්ඩිත
නීතියගම චන්දිම ස්වාමින්වහන්සේ

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?