නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ස්ත්‍රී දූෂකයන්ට රටේ නීතියෙන් ඉඩක් නැහැ.
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ස්ත්‍රී දූෂකයන්ට රටේ නීතියෙන් ඉඩක් නැහැ.

Published March 24, 2025

ස්ත්‍රී දුෂණ, ස්ත්‍රී දූෂකයන් ගැන නැවතත් සමාජයේ කථිකාවක් ඇතිවෙලා. එයට හේතුව පසුගියදා සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ සිද්ධියයි. ඇය ආත්ම අභිමානය පැත්තකින් තියලා තමන්ට වෙච්ච අසාධාරණය වෙනුවෙන් නීතියේ පිහිට පැතුවා. මේ වෙනකොට අපරාධකාරයත් අල්ලගෙන. මෙහෙම අයට නීතියෙන් කළ හැක්කේ කුමක්ද ?

කැමැත්ත යනු එකඟතාවයයි නීතියට අනුව එකඟතාවය ලබාදිය හැක්කේ කාටද ?

වයස අවරුදු 18 සම්පූර්ණ වූ ඕනෑම අයෙකුට තමා වෙනුවෙන් තීරණ ගැනීමටද කැමැත්ත ලබා දිමටද හැකියාව ඇත.

ලිංගික අපයෝජනය යනු කුමක්ද ?

ශරිරාවයක්, ලිංගේන්ද්‍රිය හෝ උපකරණයක් භාවිත කරමින් වෙනත් පුද්ගලයෙකුගේ ශරීරයේ විවරයකට හෝ වෙනත් ශරීර අවයක් උපයෝගී කොට ගෙන ලිංගික තෘප්තියක් ලබාගැනීමට අරමුණු කොට ගෙන කරනු ලබන ක්‍රියාවකි.

ලිංගික අපයෝජනය හා ස්ත්‍රී දූෂණය අතර වෙනස

නීතියට අනුව කාන්තා යෝනියකට පුරුෂ ලිංගයක් ඇතුළත් වී තිබිම ස්ත්‍රී දුෂණයකට අවැසිය.

ලිංගික හිංසනයන්ගේ ප්‍රභේද මොනවාද?

  • ස්ත්‍රී දූෂණය
  • බරපතල ලිංගික අපචාර
  • ලංකාව තුළ හෝ ලංකාවෙන් පිටත ගණිකාවන් බවට පත් කිරීම
  • අසභ්‍ය දේ පළ කිරීම

ලිංගික අපයෝජනයට ලක්වන බවට ඔබ හඳුනා ගන්නේ කෙසේද ?

ඔබව අපහසුතාවයට පත්වන අනවශ්‍ය ආකාරයෙන් ඔබ දෙස බලා සිටියි නම් හෝ ලිංගික ඉල්ලීම් කරයි නම් ලිංගිකත්වයට බරවූ අදහස් ප්‍රකාශ කරයි නම් ඔබගේ කැමැත්ත නොමැතිව ඔබ ස්පර්ශ කරයි නම් කෙනෙකු ඔබව අපහසුතාව පත් කරන ලිංගික වචන, විහිලු හෝ ඉඟි දක්වනවා නම් ඔබේ සේවා ස්ථානයේ ප්‍රධානියා ගුරුවරයා, ඔබට වඩා බලයක් ඇති පුද්ගලයෙකු බලපෑම් කර, ලිංගික යෝජනා කළහොත්.

ලිංගික අපයෝජනයකදී ලබා දිය හැකි දඬුවම්

● වසර පහක සිර දඬුවමක් හා දඩයක් හෝ දෙකම

ස්ත්‍රී දුෂණයකදී ලබා දිය හැකි දඬුවම්

වසර හතක සිට 20 දක්වා දැඩි සිර දඬුවමක් හා දඩයක් හෝ දෙකම.

අපරාධකරුවෙකුට දැඩි දඬුවම් ලබා දිය යුත්තේ ඇයි ?

● ශ්‍රී ලංකාවේ ලිංගික හිංසනය ස්ත්‍රී දූෂණය සහ බලහත්කාරයට එරෙහිව දැඩි දඩුවම් ලබාදීමේ අවශ්‍යතාවය. මූලික මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට, සාධාරණත්වය ලබාදීම සහ සමාජය ආරක්ෂා කිරීමට ඕනෑම පුද්ගලයෙකුට ගෞරවාන්විතව ජීවත් වීම සඳහා අත්‍යවශ්‍යය.

● අපරාධකරුවෙකු නැවත එවැනිම වු අපරාධකට යොමු නොවීම.

● සමාජය තුළ ලිංගික අපරාධ කෙරෙහි බියක් ඇති කිරීමට.

● නීතිමය රාමුවක් රට තුළ පවත්වාගෙන යාමටත් සමාජය තුළ මෙවැනි අපරාධ වල අඩුවීමක් ඇති කිරීමටත් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය.

බොහෝමයක් පීඩිතයන් සමාජයේ ලැජ්ජාව, පළිගැනීම්, භීතිය මාධ්‍ය මගින් සමාජයට ආවරණය කිරිම් නිසා ඔවුන්ගේ අත්දැකීම් වාර්තා කරන්නේ නැත. ශ්‍රී ලංකාවේ නීති මඟින් මෙම අපරාධ සඳහා නීතිමය ආරක්ෂාවක් සැලසුවද, එහි ක්‍රියාත්මක වීමේ ගැටලු ඉහළ නිසා ප්‍රයෝජනයක් ලබාගත නොහැකි තත්ත්වයකි.

● දැඩි දඬුවම් ලබාදීම මඟින් ලිංගික අපරාධ සිදුකිරීමට උත්සාහ කරන පුද්ගලයින්ට එරෙහිව බියක් ඇති කරවීම ලංකාව තුළ සිද්ධ විය යුතුමය.

● පීඩිතයන්ට සාධාරණත්වය – නීතිමය ක්‍රියාවලිය හරහා පීඩිතයන්ට සාධාරණත්වය ලබාදීම ඔවුන්ගේ මානව ගෞරවය ආරක්ෂා කිරීමයි.

● සමාජය ආරක්ෂා කිරීම – ලිංගික අපරාධකරුවන්ට සැලසුම් කළ දඬුවම් ලබාදීම මඟින් මතුතැන්පත් සිදුවීම් වළක්වාගත හැක.

අභියෝග

1. වාර්තා කිරීමට ඇති බාධා

2. නීති ක්‍රියාවලියට වසර ගණනාවක් ගතවන අතර, පීඩිතයන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැත.

3. මාධ්‍ය සදාචාරය නොමැති වීම නිසා වින්දිතයාගේ පෞද්ගලිකත්වයට සිදුවන හානි

ශ්‍රී ලංකාවේ ලිංගික හිංසනය සහ බලාත්කාරය සඳහා දැඩි දඬුවම් ලබාදිය යුතුය, මන්ද එය අපරාධකරුවන්ට අනුශාසනයක්. පීඩිතයන්ට සාධාරණත්වයක්, සහ සමාජය සඳහා ආරක්ෂාවක් උදා කරයි.

නීතිඥ ලක්ෂිකා රත්නායක
lakshikarathnayaka@gmail.com




 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?