නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වැඩියෙන් පේන්න මේ ක්‍රම කරලා බලන්න.
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

වැඩියෙන් පේන්න මේ ක්‍රම කරලා බලන්න.

Published March 17, 2025

අප මොන දේ කළත් ඇස් පෙනීම අඩුවන කළ අපට දැනෙන්නේ මහත් දුකකි. ඇස් පෙනීම රැකගැනීම සඳහා කළ යුතු දේ ඇත. මේ ලිපිය තුළින් පහසු ක්‍රම 10 ක් විස්තර වේ.

සුදුසු ආහාර ගන්න

විටමින් ඒ, සී සහ ඊ යහපත් ඇස් පෙනීමක් පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍යය. මීට අමතරව සින්ක් ද අවශ්‍යයය. මේවා සිරුරට ඇතුළත් කර ගැනීම සඳහා වර්ණවත් පළතුරුද, එළවළුද අවශ්‍යයය. කැරට්, රතු ගම්මිරිස්, බ්‍රොකලි, නිවිති, ස්ට්‍රෝබෙරි, බතල, පැඟිරි වර්ගයේ පළතුරු, සැල්මන් මත්ස්‍යය සහ හණ ඇට (flaxseeds) වැනි ඔමෙගා-3 තෙල් අම්ලවලින් පොහොසත් ආහාර) යොදාගත හැකිය.

ප්‍රමාණවත් තරම් කැරොටිනොයිඩ් (Carotenoids)

Lutein සහ zeaxanthin පෝෂක, කොළ පැහැ ආහාර, බ්‍රොකොලි සහ බිත්තරවලින් ලබාගත හැකිය. අහිතකර නිල් එළිය උරාගනිමින් ඇස් ආරක්ෂා කිරීම මින් සිදුවේ.

ක්‍රියාශීලීව සිටින්න

තරබාරු පුද්ගලයින්ට ඇස්වල රුධිර නහරවලට හානි සිදුකරන, 2 වන වර්ගයේ දියවැඩියා අවදානම වැඩිය. මෙය ඇස් පෙනීම සම්පූර්ණයෙන්ම නැතිවීමටද හේතුවේ. ක්‍රියාශීලීව සිටීමෙන් තරබාරු බව මෙන්ම රුධිර සීනි මට්ටමද පාලනය වෙයි.

සෞඛ්‍ය තත්ත්වය පාලනය කරගන්න

දිය වැඩියාව, අධි රුධිර පීඩනය මෙන්ම multiple sclerosis නිසා දෘෂ්ටි ස්නායුවේ දැවිල්ල සහිත ප්‍රදාහය ඇතිවේ. මෙය වේදනාවට සහ ඇස් පෙනීම නැතිවීමට හේතු විය හැකිය.

ආරක්ෂිත ඇස් කණ්ණාඩි පළඳින්න

ක්‍රීඩාවල යෙදීම, ආයුධවලින් වැඩ කිරීම, රසායනික ද්‍රව්‍ය භාවිතය ආදියේදී ආරක්ෂිත කණ්ණාඩි හෝ ආරක්ෂිත ඇස් ආවරණ පළඳින්න.

අව් කණ්ණාඩි පළඳින්න

පාර ජම්බුල කිරණ (UV rays) නිසා ඇස්වල සුද ඇතිවීම සහ වයස්ගත වීමේදී ඇතිවන macular degeneration අක්ෂි ආබාධය ඇතුළු වෙනත් අක්ෂි ගැටලු ඇතිවේ. මේ නිසා අව් කණ්ණාඩි මිලදී ගැනීමේදී UVA සහ UVB කිරණ 99%ක්ම වළක්වන ප්‍රමිතිගත එකක් මිලට ගන්න. එසේම දහවල ගමන් යෑමේදී ඉදිරියට විහිදුණු දාරයක් සහිත කැප් තොප්පියක් භාවිත කරන්න.

20-20 නියමය අනුගමනය කරන්න

විද්‍යුත් තිරයක් දෙස නෙත් යොමා සිටින විට සෑම විනාඩි 20 කට වරක් අඩි 20 ක් ඉදිරියෙන් ඇති දෙයක් දෙස තත්පර20ක් බලා සිටින්න. මෙමගින් ඇසට දැනෙන වෙහෙස අඩුකර ඇස් පෙනීම තියුණු කරයි.

දුම්බීම නතර කරන්න

දුම්බීම මුළු සිරුරටම අහිතකරය. හොඳ ආරංචිය නම් දුම්බීම සම්පූර්ණයෙන්ම අත්හළ විට පවතින අක්ෂි ආබාධ සුවවන බවය.

ඔබ පවුලේ අක්ෂි රෝග ඉතිහාසය දැනගන්න

glaucoma macular degeneration වැනි රෝග පරම්පරාගතව පැමිණේ. මේ නිසා පවුලේ අක්ෂි රෝග ඉතිහාසය පරීක්ෂාකර දැනගැනීමෙන් පසු නිතිපතා ඔබේ ඇස් පරීක්ෂා කර ගැනීමෙන් අවදානම් වළක්වා ගත හැකිය.

අත් සහ අක්ෂි කාච පිරිසිදුව තබාගන්න

ඔබගේ ඇස් විෂබීජවලට සංවේදී වේ. එමනිසා ඇස් ස්පර්ශ කිරීමට ප්‍රථම අත් පිරිසිදු කරගන්න. එසේම ඇස් කාච පළඳින්නේ නම් ඒවාද විෂබීජ හරණය කරගන්න.

https://www.healthline.com ඇසුරෙන්

සුනිල් අල්ගම ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?