ඔබගේ නිදන කාමරය වර්ණ ගැන්විමේද එය වර්ණ ආලේපය කරන ක්‍රමවේදය අනුව පෙනේන ආකාරය හා දැනවෙන හැගිම සිතුවිලි වෙනස් වන් බව ඔබ දැන සිටියාද, එවැන ආකාර නමයක් ගැන ඔබව දැනුවත් කරන්න හිතුවා. එකම කාමරයක් වුවද මෙම ආකාර නමයට වර්ණ ගැන්වීමේදී දැනෙන හැඟීම හා අපට කාමරය පෙනෙන ආකාරය එකකින් එකකට වෙනස් වේ. කාමරයේ හැඩය අනුව හා ඔබගේ අවශ්‍යතාව අනුව ඒ සඳහා තීන්ත ආලේප කළ යුතු ක්‍රමවේදය තීරණය කිරීමටද ඔබට හැකි වේ. ඕනෑම අවකාශයක් සඳහා මෙම ක්‍රමවේදයට අනුව වර්ණ ආලේප කළ හැකි වේ.
01. Expanding
කුඩා නිදන කාමරයක් තියෙන ප්‍රමාණයට වඩා විශාල කර පෙන්වීම සඳහා අපට සුදු වර්ණය භාවිත කරන්න පුළුවනි. බිත්ති සිවිලිම මෙන්ම පොළව සඳහාද සුදුු පැහැති Tile යොදා ගන්නේනම් භෞතිකව තියෙන දිග හා පළලට වැඩිය, අපට පෙනෙන අවකාශයේ ප්‍රමාණය වැඩිකර පෙන්වීමට මෙමඟින් ඔබට හැකි වේ. යොදාගන්නා ගෘහභාණ්ඩද සුදු වර්ණයෙන් යොදාගන්නේ නම් මෙම ක්‍රමය තවදුරටත් වැඩි දියුණුවේ.
2. Compressing
ඔබගේ නිදන කාමරයේ bed head බිත්තිය හා එයට මුහුණලා ඇති බිත්තිය යන බිත්ති දෙකම තද වර්ණයක් භාවිත කරමින් වර්ණ ගැන්වීම හා අනෙක් බිත්ති, සිවිලිම සහ පොළව සුදු වර්ණය යොදා ගැනීම. දිගැටි හැඩයෙන් යුක්තත නිදන කාමර සඳහා මෙය වඩාත් සුදුසු වෙයි. එවිට දිග අඩුවී හතරැස් කාමරයක හැඩය ඇසට හා මනසට දැනෙයි.
3. Enlarging
නිදන කාමරයේ bed head බිත්තිය හා ඊට ඉදිරියෙන් ඇති බිත්තිය මෙන්ම, සිවිලිම ද තද වර්ණයක් භාවිත කරමින්, දෙපස බිත්ති දෙක හා පොළව පමණක් සුදු වර්ණය භාවිතා කිරීම. එමගින් දිග අඩුවී කාමරයේ උසත් අඩු වෙමින් කාමරය තුළ පළලින් වැඩි හැඟීමක් දැනවීමට ඔබට හැකියාව ලැබෙයි. සිවිලි මට්ටම උසින් වැඩි, පළල අඩු දිගින් යුක්ත කාමර සඳහා මෙම ක්‍රමවේදය යොදා ගැනීමට පුළුවනි.
4. Focusing
නිදන කාමර වර්ණ ගැන්වීමේදී බහුලව දැක ගත හැකි ක්‍රමවේදයක් වේ. Bed head එක තබන පැත්තේ බිත්තිය වෙනස් වර්ණයක් භාවිතා කරමින්, අනෙකුත් බිත්ති හා සිවිලිම ඊට ප්‍රතිවිරුද්ධ වර්ණයකින් වර්ණ ගැන්වීමයි.එහිදී Bed head බිත්තිය, පොළොව සඳහා සුදු වර්ණයද, අනෙක් බිත්ති සදාත් අද වර්ණයක් යොදා ගැනීමට ද ඔබ පුළුවනි. එමගින් Bed area එක සඳහා වැඩි අවධානයක් යොමුවන, එකවර නෙත ගැටෙන ස්ථානයක් බවට පත් කරගන්න ඔබට පුළුවනි.
5. Tightening
නිදන කාමරයේ bed haed එකට දෙපසින් නැති බිත්තිදෙක පමණක් තද වර්ණයක් භාවිත කරමින් වර්ණ ගන්වමින් අනෙකුත් බිත්ති හා සිවිලිම, පොළොව සුදු වර්ණය භාවිතා කිරීම. වැඩි පළලක් සහිත කාමර සඳහා මෙම ක්‍රමය වඩාත් යෝග්‍ය වේ. එමගින් කාමරයේ ඇති අනවශ්‍ය පළල පෙනීම නැති වී වැඩි අලංකාරයක් කාමරයට ලබාදෙයි.
6. Stretching
බිත්ති හතර සඳහාම එක වර්ණ භාවිත කරමින්, සිවිලිම හා පොළව පමණක් සුදු වර්ණයෙන් වර්ණ ගැන්වීම. අඩු සිවිලිම් උසක් ඇති අවස්ථාවකදී සිවිලිමට ඇති උස වැඩිකර දැක්වීම සඳහා මෙම ක්‍රමය උපකාරී වේ. එමගින් අඩු උසක් ඇති ස්ථානයක සිටීමේදී ඇතිවන මානසික අපහසුතාවයෙන් මිදීමට ඔබට පුළුවනි.
7. Compacting
නිදන කාමරය සඳහා සියලු බිත්ති හා සිවිලිම එකම වර්ණයක් භාවිතා කිරීම, හා පොළව පමණක් සුදු පැහැති Tile භාවිත කිරීම. ඉතා විශාල කාමරයක් මෙමගින් කුඩා කර පෙන්වීමේ හැකියාව ඇතිවේ. බහුල භාවිත නොවූවද, විශාල අවකාශ, සුවිශේෂී ස්ථාන සඳහා මෙම ක්‍රමවේදය යොදා ගැනීම සිදුවේ.
8. Shortening
නිදන කාමරයේ බිත්ති හතර සඳහා අඩි 3 ක් පමණ යට කොටස තද වර්ණයකින්ද, උඩ කොටස සුදු වර්ණයෙන් වර්ණ ගැන්වීම. පොළව හා සිවිලිමද සුදු වර්ණය යොදා ගැනීම. මෙමගින් යම් සීමාවක් සහිත අවකාශයක සිටින බව හැඟුනද, ඉහළ කොටසෙහි ඇති සුදු වර්ණය මගින් විශාල නිදහස් බවක් හා අවකාශයේ විශාලත්වයක හැඟීමක් දැනවීමට මෙම ක්‍රමය මගින් සිදුවේ. බිත්ති අපවිත්‍රවීම අවම කර ගැනීමද පුළුවනි. මෙම ක්‍රමය බහුලව දැකිය හැකියි ස්ථානයක් ලෙස රෝහල් හැඳින්විය හැක, එමෙන්ම බහුලව විදෙස් රටවල්වල මෙම ආකාරයට තීන්ට ආලේප කිරීම දක්නට ලැබේ.
9. Lowering
කාමරයේ බිත්ති සහ පොළොව ලා වර්ණයෙන් යුක්ත අවස්ථාවකදී, සිවිලිව පමණක් තද වර්ණය යොදා ගැනීම. එමගින් කාමරයේ උස අඩුකර දැක්වීමට ඔබට පුළුවනි, වැඩි උසක් සහිත සිවිලිම් සඳහා වඩාත් යෝග්‍ය වේ.
විවිධ ආකාරය තීන්ත ආලේප කරන ආකාර හා ඒවා යොදා ගැනීම මගින් දැනෙන අවකාශයේ ස්වභාවය ගැන අදහසක් දැන් ඔබට ඇත. ඔබේ කාමරයේ හැඩය හා ප්‍රමාණය අනුව, නිවැරදි ක්‍රමවේදය තෝරා ගනිමින් වර්ණ ආලේප කරන්න දැන් ඔබට පුළුවනි.
ගොඩනැගිලි සැලසුම් තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පිණී
කවිෂා පෙරේරා
Viharaa HomeDesign
අර්චිත ඉඳුවර ✍️