නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ජීවිතයේ මොන බැඳීමක සිටියත් ඔබ සෙමින් සෙමින් අත්හැරීම පුරුදු වෙන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ජීවිතයේ මොන බැඳීමක සිටියත් ඔබ සෙමින් සෙමින් අත්හැරීම පුරුදු වෙන්න

Published March 17, 2025

විවාහය කියන්නේ ජීවිතයක එක්තරා ආකාරයක හැරවුම් ලක්ෂයක්. විවාහයෙන් පසුව දරුවන් ලැබීම පවුලේ සම්පූර්ණ වීමක්. නමුත් හැම අයෙකුටම පිංවත් දරුවන් ලැබෙන්නේ නැහැ. ඒ වගේම හැම පවුලක් තුළම නකුල මාතාවන් සහ නකුල පිතා වගේ අඹු සැමියන් නැහැ.

පිනට පහළ වුණ දරුවෝ…

අපේ ජන සමාජයේ මේ වගේ කියමන් ඔබට ඇහෙනවා ඇති. මව්පියන්ගේ පිනට පහළ වුණ දරුවෙක්. ඒ වගේම තවත් පිරිසක් මේ විදිහට කියනවා. පෙර ගත්තු ණය අරගෙන යන්න ආව ණය කාරයෙක්. සමහර අම්මලා වුණත් ඉවසලා බැරිම තැන මේ විදිහට කියනවා. උඹ නම් මගේ පෙර ආත්මයක හතුරෙක්. මේ සිදුවීම් තුළ තිබෙන්නේ විශ්වීය ගණුදෙණුවක්.

බිම්බිසාර රජතුමාට අජාසත් වගේ පීතෘඝාතක දරුවෙක් ඉපදුනේ ඇයි…? මේ සියල්ල අපේ සංසාරයේ ගණුදෙණු යේ ධම්මා හේතුප්භවා… හැම දෙයකටම හේතුවක් තිබෙනවා. දරුවන් වුණත් අඹු සැමියන් වුණත් අපේ පිං පව් අනුව සංසාරගත පැමිණීමක්. ඒවා අප විසින්ම පෙර කරන ලද කුසල, අකුසල කර්මයන්ගේ විපාකයන්.

දරුවන්ට ආදරයෙන් සැලකුවත්…

අද හැම මවක්, පියෙක්ම තමන්ගේ දරුවන් ඉතාම ආදරයෙන් රැක බලා ගන්නවා. මවක් තම දරුවාට කොතරම් බැඳීමකින් කටයුතු කරනවාද යන්න ගැන කරණීය මෙත්ත සුත්‍රයේ එන මේ ගාථා පාඨයෙන්ම අපට පැහැදිළි වෙනවා.මාතා යථා නියං පුත්තං… ඒකසා පුත්ත මනුරක්ඛෙ… එක් ඇසක් ඇති මවක් ඒ ඇස රකින්නා සේ… බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කරන ලද ඒ උදාහරණයට අනුව දරුවන් රක්ෂා කරන මව්පියන් අදටත් අප අතරේ සිටිනවා.

විදේශ රැකියාවන්හි නිරත වෙමින් දුක් විඳින මව්වරු වසර තිස් ගණනක් සේවය කර විශ්‍රාම ලබා ගෙනත් ආරක්ෂක සේවාවන්හි යෙදෙන තාත්තලා ඉන්නවා. ඔවුන් ඒ විදිහට වෙහෙසෙන්නේ තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඒත් විදේශගත මවගෙන් ජංගම දුරකථනයක් ඉල්ලා ඇමතුම් දෙන දරුවා අම්මා කෑවද… රස්නයද… කියල අහන්න තරම් කාරුණික නැහැ.

නිදිමතේ එන තාත්තාගෙන් මුදලක් ඉල්ලා ගැනීම මිස තාත්තේ දැන් නිදා ගන්න… මහන්සි ඇති නේද කියන පුතාලා නැහැ. ඒ වගේම තමන්ගේ මව, පියා තමන්ගේ ජීවිතයටත් වඩා ආදරයෙන් රකින දරුවන් සිටිනවා. රෝහල්ගත මව රැක බලා ගැනීමට පාසල් නොගොස් විභාගයට මුහුණ දී උසස් ලෙස සමත් වෙන පින්වන්ත දරුවන් සිටිනවා. මේ දෙපැත්තම අපේ පෙර කුසල, අකුසල කර්මයන් නිසා වර්තමානයේ ලැබුණ ප්‍රතිවිපාක බවත් අමතක කරන්න එපා.

දඬුවම් ලබා දෙන්නේ ආදරයට…

එදා අපේ පොත් පත්වල තිබුණ මේ කවිය ඔබටත් මතක ඇති. වේවැල් කෝටු නාරං සියඹලා අතු- කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය අතු මෙහැම ඉපල් මගෙ දෑසට නොපෑ යුතු- පමා නොවී එමි අකුරට මෙයින් මතු එදා ගුරු ගෙදර අධ්‍යාපනය ලබා ගත් දරුවන්ට දඬුවම් දුන්නේ අනාදරයකින් නොවේ. සේනක කුමරු අකුරු උගත් අන්දම කියැවෙන කවි ඔබ අසා ඇති.

ගුරු සිත නොරිදවා- වේලාව නොවරදවා

බැති පෙම් උපදවා- අකුරු උගනී කුමරු සොඳවා ගුරුවරයා වෙනුවෙන් සිසුවා විසින් දැක්විය යුතු යුතුකම් ගැන බුදුරජාණණ්වහන්සේගේ සිගාලෝවාද සුත්‍ර දේශනාව සේනක කුමරු විසින් ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කර ගත්තා. ඒ වගේම අධ්‍යාපනය වෙනුවෙන් ගුරු ගෙදර ගිය කුමාරයෙක් දිය නෑමට යන අවස්ථාවේ මහළු කාන්තාවකගේ තල අහුරක් හොරෙන් කෑ නිසා ගුරුවරයා දඬුවම් දුන්නා. පසුව රජබවට පත් කුමරු ගුරුවරයා ගෙන්වා දඬුවම් දීමට තැත් කළ විට ගුරුවරයා මෙසේ කිව්වා.

එදා මම ඔබට දඬුවම් නොකලා නම් අද ඔබ රජෙක් නොව හොරෙක්…

දරුවෙකුගේ ජීවිතය ගොඩනගන්නට නම් දඬුවම් අවශ්‍ය වෙනවා. අප්පච්චිගේ වේවැල් පහරින් නැගුන රිදුම් තැන් අම්මා මී තෙල් ගාලා පිරිමැද්දා. එදා සමාජය ඒ විදිහට ගොඩනැගුණා. ගුටි නොකා හැදෙන දරුවයි… හැඳි නොගා හදන හොද්දයි… එක හා සමානව සැලකුවා. නමුත් අද දඬුවම් ලබාදීම ගැන අඩුවෙන් කතා කරන යුගයක්. එහි තවත් පැත්තක් තිබෙනවා.

සිප් කිරි පෙවූ මුසිලයන් උඩු මාලේ යැයි ගුරුවරුන්ට ආත්මීය ප්‍රකාශන කියන්නත්, මල්ලියෙ නරක මිතුරන් ඇසුර එපා… නංගියේ නොහොබිනා කම් කරනු එපා… යැයි බන්ධනාගාරගතව පසුතැවිලි වීමටත්, ජංගම දුරකථනය පාවිච්චිය සීමා කරන්න කී විට මහලෙන් පැන දිවි නසා ගන්නා දියණිවරුන් බිහි වී ඇත්තේද ඒ නිසාම නොවේද…?

බුදුරජාණන්වහන්සේගේ දඬුවම්…

සංඝ සමාජය තුළ බුදුරජාණන්වහන්සේ විසින් දඬුවම් ලබා දුන් අවස්ථා තිබෙනවා. කොසඹෑ නුවර වස් කාලය ගත කරද්දී ධර්ම ධර සහ විනයධර භික්ෂුන් වහන්සේලා අතර ඇති වුණ ගැටුම විසඳාගත නොහැකි විට බුදුරජාණන්වහන්සේ පාරිල්‍යෙය වනයට වැඩියා. නම්‍යශීලී නොවන ඔබලා සමග වාසයට වඩා වනාන්තරයේ සතුන් සමග වාසය වඩාත් වටිනවා යැයි ලබා දුන් ඒ පණිවිඩය මෙම භික්ෂුන්වහන්සේලාට තදබල අතුල් පහරක් වුණා. ඡන්න භික්ෂුන්වහන්සේට බ්‍රහ්මදණ්ඩනය පැනවීම වැනි අවස්ථා තවත් උදාහරණයක්.

හනාමි…

කේසිය සුත්‍රයේදී බුදුරජාණන්වහන්සේ අශ්වධම්මගෙන් මෙසේ අසනවා. අශ්වයන් දමනය කළ නොහැකි තැන ඔබ මොකද කරන්නේ…දමනය කළ නොහැකි අශ්වයන් මම මරා ( හනාමි ) දමනවා. එහිදී ඔහු පෙරලා බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසනවා.ඔබවහන්සේ දමනය කළ නොහැකි අය දමනය කරන්නේ කෙසේද…?මමත් ඔවුන් මරා ( හනාමි ) දමනවා. මේ අන්දමින් බුදුරජාණන්වහන්සේ දමනය කළ නොහැකි අය හිතින් ඉවත් කළා.

අත් හළ බැඳීම් ගැන පසු තැවෙන්න එපා…

අපේ ජීවිතයේදී මෙම “හනාමි “හෙවත් අත්හැරීමෙන් පසුව නැවත පසුතැවිලි නොවන ධර්මතාවය ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කර ගත හැකියි. සමහර බිරින්දෑවරු සැමියා යහපත් ලෙසින් හසුරුවා ගත නොහැකි වුණ තැන සම්පූර්ණයෙන්ම හිතින් අත්හරිනවා. නමුත් දරුවන්ගේ පියා ලෙසින් වූ පිළිගැනීම නිසා ඇගෙන් විය යුතු යුතුකම් ඉටු කරනවා.

සමහර මවිපියන්ද දරා ගත නොහැකි තැන මේ අන්දමින් දරුවන් හිතින් ඉවත් කරනවා. නමුත්… මේ අන්දමින් ඔබ යමෙක් හිතේ ඇති බැඳීම්වලින් ඉවත් කරනවා නම් නැවත ඒ ගැන පසුතැවෙන්න එපා. මේ සියල්ල විශ්වීය ගනුදෙණුවක් බවත් අප මේ සිටින්නේ තාවකාලික නවාතැනක පමණක් බවත් සිතන්න. එයම ඔබට සැනසීමක් විය හැකියි.

මහනුවර ලංකාතිලක රජමහ විහාරවාසී,
හලාවත මහවිහාර වන අරණේ නිර්මාතෘ
රාජකීය පණ්ඩිත නීතියගම චන්දිම ස්වාමින්වහන්සේ

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?