නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බොරු බඩගිනි එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බොරු බඩගිනි එපා

Published February 3, 2025

කුසගින්න ශාරීරික සහ මානසික සෞඛ්‍ය පවත්වා ගැනීම් සඳහා ආහාර ලබාගැනීම් ඉඟියක් ලබාදෙයි. එහෙත් සමහරුන් කල්පනා කරන්නේ මිනිසා ජීවත්වී සිටින්නේ ආහාර ගැනීම සඳහා බවය. මේ නිසාම දවස පුරා ඉවක් බවක් නැතිව කෑම කෑමට යොමු වීම පසුව නොයෙකුත් ශාරීරික හා මානසික ගැටලුවලට හේතු වෙයි. මේ නිසා ආහාර ගැනීම් රටාවකට අප හුරු විය යුතු අතරම ව්‍යාජ කුසගින්න යනු කුමක්දැයි හඳුනාගත යුතුය.

micronutrient deficiency ක්ෂුද්‍ර පෝෂක ඌණතාවයක්

අධ්‍යයන වාර්තා පෙන්වා දෙන ආකාරයට කිසියම් පෝෂ්‍ය පදාර්ථයක වන ඌණතාවයක් නිසා කුසගින්න හෝ අධික බර ඇතිවිය හැකිය. මැග්නීසියම් ඌණතාව නිසා නිතරම කුසගින්නක් දැනේ. චොකලට්වල මැග්නීසියම් අධීකය. චොකලට් තෘෂ්ණාවද සිරුරේ මැග්නීසියම් ඌණතාවය ඉඟිකරන්නක් විය හැකිය. ඇට වර්ග, බීජ සහ හරිත ආහාරවල මැග්නීසියම් බහුලය.

පරිවෘත්තීය ගැටලුවක්

පරිවෘත්තීය ක්‍රියා අඩපණවීම කුසගින්නට හේතුවිය හැකිය. එසේම සීනි සහ සැකසූ කාබොහයිඩ්‍රේට ආහාර නිතර දැනෙන කුසගින්නට හේතුවන බවද අධ්‍යයන පෙන්වා දෙයි.

විජලනය

සිරුරේ ජලය අඩුවීමද ව්‍යාජ කුසගින්නට හේතු වේ. කුසගින්නක් ඇතිවූ පමණින් ආහාර ගැනීමට ඉක්මන් නොවී ජලය වීදුරුවක් පානය කර බලන්න.

තන්තුමය ආහාර හිඟකම

කෙතරම් ප්‍රෝටීන ප්‍රමාණයක් ලබාගත්තත් ආහාරවල තන්තුමය කොටස් අඩුවේ නම් කුසගින්න ඇතිවේ.

මානසික හේතුවක්ද විය හැකියි

කම්මැලි කමක්, දුකක් හෝ යමක් කල් දැමූ විට බොහෝ දෙනෙකුට කුසගිනි දැනේ. අධ්‍යයන පෙන්වා දෙන්නේ අපගේ මනෝභාවයන් අප බර සමග සෘජුවම සම්බන්ධ බවයි.

නියම කුසගින්න හඳුනාගන්න

නියම කුසගින්න හඳුනාගැනීමට උත්සාහ කිරීම තුළින් ව්‍යාජ කුසගිනි දැනීමෙන් අත්මිදිය හැකිය. එම පුරුද්ද සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට ඔබ හුරු කරනු ඇත.

සරල අත්හදා බැලීමක්

බ්‍රොකොලි වැනි රුචිකත්වයක් ඇති නොවන දෙයක් ආහාරයට ගෙන බලන්න. ඔබට තව තව කෑමට සිතෙයි නම් එහි අරුත වන්නේ ඔබ සිරුරට ආහාර අවශ්‍ය බවයි. එනම් එම අවස්ථාවේදී සිරුරේ නියම කුසගින්නක් ඇති බවයි. ජලය ටිකක් පානය කිරීමෙන් කුසගින්න අඩුවෙයි නම් එයද ව්‍යාජ කුසගින්නකි.

ව්‍යාජ කුසගින්නෙන් සදහට අත් මිදෙන්න නියම ආහාර රටාවකට පුරුදු වන්නේ නම් කිසිදා වරින්වර දැනෙන ව්‍යාජ කුසගින්නකට ඔබ ගොදුරු නොවනු ඇත. ප්‍රෝටීන් සහ තන්තුමය ආහාර ඔබගේ ආහාර රටාවට ඇතුළත් කරන්න.

එළවළු සහ පලා වැනි හරිත ආහාර මෙහිදී ඉතා වැදගත්ය. සීනි සහ සැකසු කාබොහයිඩ්‍රේට ආහාර සිදුකරන්න් ඔබ කුසගිනි නිවීමකට වඩා ව්‍යාජ කුසගිනි ඇවිලවීමකි.

https://drjohnday.com  ඇසුරින්

සුනිල් අල්ගම ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?