නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පිළිකාවට අත වනමින් රහට කන කෑම.
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පිළිකාවට අත වනමින් රහට කන කෑම.

Published February 3, 2025

සැකසූ මස් වර්ග

රසකාරක තවරා දුම් දමා, ලුණු දමා හෝ ටින් කිරීම ආදිය මගින් සංරක්ෂණය කරන ලද ඕනෑම මස් වර්ගයක් මෙයට ඇතුළත් වේ. Hot dogs, Salami, Sausage, Ham, Corned Beef, කුළු බඩු හා රසකාරක එක් කර හරක් මසින් සකස් කළ වියළි මස් කෑම මෙම කොටසට අයත් වේ.

මස් සැකසීමේදී භාවිත කරන නයිට්‍රයිට නිසා ඇතිවන N-nitroso compounds පිළිකාකාරකයකි. දුම් දමා සකස් කරන මස් වර්ග නිසා Carcinogenic polycyclic aromatic hydrocarbons (PAHs) පිළිකා කාරක ඇතිවිය හැකිය. සැකසූ මස් අධිකව භාවිතයෙන් මහා බඩවැල් ආශ්‍රිත පිළිකා මෙන්ම පියයරු පිළිකා අවදානම ඇති කරයි.

වැඩිපුර පිසින ලද ආහාර

වැඩිපුර පිසින ලද ආහාර මගින් carcinogenic PAHs සහ heterocyclic amines (HCAs) නිපදවයි. මේ මගින් ඩීඑන්ඒ විකෘති කරමින් පිළිකා අවදානම ඇතිකරයි. අධික ලෙස ගිනි දැල්ලට නිරාවරණය කරමින් කෙරෙන Grilling, Barbecuing සහ තැටියේ බැදීම (pan-frying) ආදිය උදාහරණ වේ.

සෞඛ්‍ය සම්පන්නව පිසගන්න

Pressure Cooking, අඩු උෂ්ණත්වය් පිසීම, පිඟන් මැටි බඳුනක සෙමින් පිසීම ආදිය මගින් අධික ලෙස පිසීමේදී ඇතිවන ඇකිලමයිඩ් සෑදීම අඩුකර ගත හැකිය.

කිරි නිෂ්පාදන

කිරි නිෂ්පාදන බහුලව භාවිතය මගින් පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා අවදානම වැඩි කරයි. කිරි, චීස් සහ යෝගට් උදාහරණ වේ. මෙහිදී ඉන්සියුලින් හා සමාන වර්ධන සාධකයක් වන IGF-1 මට්ටම් වැඩිවීම පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවට හේතු වෙයි. සීනි සහ පිරිපහදු කළ කාබොහටිඩ්‍රේට මෙම ආහාර පිළිකා අවදානම වක්‍රව වැඩිකරයි.

පැණිරස පාන වර්ග, බේක් කළ ආහාර, සුදු පැස්ටා, සුදු පාන්, සුදු සහල්, සීනි සහිත ධාන්‍ය වර්ග, අධික සීනි සහිත සහ පිෂ්ඨය සහිත ආහාරවලින් දෙවන වර්ගයේ දියවැඩියාව සහ තරබාරුකම වැඩි වෙයි. එසේම දැවිල්ල සහ ඔක්සිකාරක ආතතිය වැඩි කරමින් පිළිකා අවදානම ඇතිකරයි. දෙවන වර්ගයේ දියවැඩියාව නිසා ඩිම්බකෝෂ, පියයුරු සහ ගර්භාෂ පිළිකා අවදානමද වැඩි කරයි.

අවදානමෙන් වැළකී සිටීමට ආහාර

සම්පූර්ණ ධාන්‍ය පාන් සහ පැස්ටා, දුඹුරු සහල් සහ ඕට්ස් මේ සඳහා සුදුසු වේ.

මත්පැන් පානය කිරීම

ඔබ මත්පැන් පානය කරන විට අක්මාව මගින් මධ්‍යසාරය acetaldehyde නම්වූ carcinogenic සංයෝගයට බිඳ හෙළනු ලබයි. මෙහිදී DNA A හානි සිදුවන අතර oxidative stress ප්‍රවර්ධනය වෙයි. ප්‍රතිශක්තිකරණ පද්ධතියට බාධා වෙන අතර පූර්ව පිළිකා සෛල හඳුනාගැනීම අසීරු වේ. කාන්තාවනගේ ඊස්ට්‍රජන් මට්ටම වැඩි කෙරෙන අතර පියයුරු පිළිකා අවදානම වැඩි වෙයි.

පිළිකා අවදානම අඩු කරන ආහාර

පළතුරු, ධාන්‍ය, බෝංචි, කෙඳි සහිත සහ ප්‍රති ඔක්සිකාරක අඩංගු දුඹුරු සහල් වැනි ධාන්‍ය වර්ග, මාළු යන ආහාර පිළිකා අවදානම අඩු කරයි.

දැන්වත් සිතන්න

මත්පැන් සිරුරෙන් පරිවෘත්තීය වන විට පිළිකා කාරක නිපදවයි. කිරි, සීනි සහ පිරිපහදු කළ කාබොහයිඩ්‍රේට්ද පිළිකා අවදානම වැඩිකරයි. පිළිකා අවදානම ඇතිකරන ආහාර අධික ලෙස පරිභෝජනයෙන් වළකින්න. නිතිපතා ව්‍යායාම කරන්න. ආතතිය අවමව පවත්වාගෙන යන්න.

https://www.healthline.com ඇසුරින්

සුනිල් අල්ගම ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love18
Sad9
Happy6
Sleepy2
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?