නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඉගෙන ගන්න ආස දරුවන්ට ගෙදර ඊසානේ තියෙන කාමරේ දෙන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඉගෙන ගන්න ආස දරුවන්ට ගෙදර ඊසානේ තියෙන කාමරේ දෙන්න

Published October 28, 2024

අතීතයේ සිටම මෙලොව උපදින සෑම මනුෂ්‍යයෙකුටම මොනයම් හෝ ශිල්පයක් හැදෑරීමට රුචිකත්වයක් තිබුණි. සිදුහත් කුමරු සර්ව මිත්‍ර ඇදුරිඳුගෙන් ශිල්ප ශාස්ත්‍රයේ පරතෙරට ගිය බව පොත පතෙහි සඳහන් වේ. උපදින සෑම දරුවෙකුගේම පූර්ව ආචාර්යවරුන් වන්නේ තමන්ගේමව්පියන්ය. ඉන් ඉක්බිතිව ශිල්ප තක්ෂලාවේ දී හමුවන ඇදුරුතුමන්ලාය. ඔවුන් දරුවන්ගේ ජීවිතයට යහමඟ පෙන්වාදෙන ඉටු දෙවිවරුන්ය.තිඹිරිගෙය සිට මරණ මංචකය දක්වා අපට ඉගෙනීම බොහෝ දේ ඇත. ඒ සදහා අවැසි ගුරුවරුන් හා අවැසි පරිසරයක් නිර්මාණය විය යුතු වේ.

යහගුණ මෙන්ම උසස් ධාරණ ශක්තියක් නිර්මාණය වීමට නම් නිවසේ නිවැරදි දිශාව තෝරාගෙන දරුවන් ඉගෙනීම් කටයුතු සිදුකළ යුතු බව වාස්තු විද්‍යාවේදී පෙන්වා දෙනු ලැබේ. නිවසේ ඊසාන දිශාවේ ඇති කාමරයක් පොදුවේ සියලු දරුවන්ට ඉගෙනීම් කටයුතු සඳහා වෙන්කිරීම ඉතා වැදගත්. පවුලක සිටින දරුවන් දෙදෙනකු හෝ කිහිප දෙනෙකුට වුවද ඊසාන දිශාවේ තම පොත් පත් හා මේස තබා ඉගෙනුම් කටයුතු සිදුකිරීමෙන් අධ්‍යාපනයෙන් විපුල ඵල නෙලාගත හැකිවේ. ශිල්ප ශාස්ත්‍රයේ තෝතැන්න වූ ඊසාන දිශාවේ පොත් මේස තැබීමේදී උතුරට හෝ

නැගෙනහිරට මුහුණලා පොත් මේස තැබිය යුත්තේ විශ්ව ශක්තීන්ගේ ආකර්ෂණය ශක්තිය මනාව උකහා ගැනීමටයි.මවගේ කිරෙන් හා හිරුගේ රැස්වලින් වර්ධනය වන බුද්ධිය, අධ්‍යාපනය නම් වූ නිවැරදි දිශානතියකට යොමු කිරීමෙන් දෙමාපියන් බලාපොරොත්තු වන අධ්‍යාපනයේ හිනිපෙත්ත කරා දරුවාට ගමන් කළ හැකිවේ.ආදරයෙන් බැඳුණු මවක හා පියකුගේ උපදින දරුවා අධයාපනයෙන් මෙන්ම යහගුණවලින් යුක්ත දරුවෙකු වනු දැකීම දෙමාපියන් වන සෑම අයෙකුගේ ම එකම බලාපොරොත්තුව වේ.

සෑම දෙමව්පියෙකුට ම තමන් උගත් මට්ටමට වඩා තම දරුවා පියවරක් හෝ ඉදිරියට ගෙන යාම එකම සිහිනය වේ. මේ සිහිනය ඉදිරියේ දෙමාපියන්ට දරුවන් වෙනුවෙන් කළ නොහැක්කක් නොමැත. එසේ නම් ඔබගේ දරුවාගේ අධ්‍යාපනයේ යහපැවැත්ම වෙනුවෙන් උතුර හෝ ඊසාන දිශාවේ ඇති කාමරය අධ්‍යාපනයට පමණක්ම වෙන්කිරීම ඉතා අගනේය. විශ්වයේ පවතින්නා වූ ප්‍රබලතම ශක්තීන්ගේ ආකර්ෂණය ගෙනදෙන්නේ ඊසාන දිශාවෙනි. එම නිසා ශක්තීන් ජනිත වන ඊසාන දිශාවේ දරුවන්ගේ පොත්පත්, පොත් මේස තැබීම මෙන්ම පුස්තකාල මෙන්ම ආගමික වතාවත් සිදුකිරීමට ද යහපත් වේ.

දරුවන් අධ්‍යාපනයේ දියුණුව වෙනුවෙන් නිතිපතා ගණ දෙවියන්ට හා සරස්වතී මෑණියන්ට වැඳුම් පිදුම් කිරීම සුලබව දැකිය හැකිය. ඒ සදහා නොයෙකුත් ස්ථාන තෝරා ගන්නා නමුත් වඩාත් සුදුසුම ඊසාන දිශාව බව බොහෝ දෙනෙක් නොදනී. ඊසාන දිශාවේ ඇති කාමරයේ ඊශාන කොටස තුළ බුදුන් වැදීමට, ගණ දෙවියන් සරස්වතී දෙවියත් වන්දනාව සදහා ඉතා ශුභ වේ.

පරිගණක හා විදුලි උපකරණ භාවිත කරන්නේ නම් එම කොටස් සඳහා ගිනිකොණ දිශාව භාවිත කරන්න. තවද උතුරු බිත්තියේ ස්වස්ථික යන්ත්‍රයක් රඳවා නිතර එය ඇස ගැටෙන්නට සැලැස්වීම යහපත් වේ. රත්නමාලී යන්ත්‍රය, ත්‍රීශක්ති වැනි යන්ත්‍ර ද උතුරු බිත්තියේ දැකීමට සැලැස්වීම යහපත්. දරුවන් දෙදෙනකු සිටින නිවසක වුව ද පොත් මේසය උතුරු දිශාව බලා හිද ගන්නා ආකාරයට තනා ගැනීම යහපත් වේ.

කාමරයේ ලා පැහැති තීන්ත ආලේප කිරීමද අධ්‍යාපනය ලබන දරුවන්ට ඉතා සුදුසුය.යම් බීජයක් රෝපණය කළ යුත්තේ සරු පසක් තිබෙන තැනකය. එවිට එම බීජය හොඳින් අතුපතර විහිදී වැඩෙනු ඇත. දරුවකුගේ අධ්‍යාපනය සඳහා පරිසරය නම් වූ සාධකය මූලිකවම බලපෑමක් ඇතිකරයි. ගහකොළට සතා සීපාවට හා මනුෂ්‍යයාට ඇළුම් කරන දරුවකු බිහිවීමට නම් නිවැරදි වාස්තු පිහිටීම් නිවස තුළ තිබිය යුතුය. යම් නිවසක ඊසාන දුර්වල වී ඇත්නම් මොනයම් හෝ හේතුවකින් දරුවාගේ දක්‍ෂතාවට සාපේක්‍ෂව ප්‍රතිඵල නෙලා ගැනීම අසීරු වේ. මෙයට ඔවුන්ගේ උනන්දුව මෙන්ම නිවසේ ඊසාන දිශාවේ පිහිටීමද බලපානු ඇත.

ඊසාන දිශාවට නානකාමර, වැසිකිළි, මුළුතැන්ගෙය වැනි අංගයන් එකතු වී ඇත්නම් නිවසේ දියුණුවක් ඇති නොවනු ඇත. එසේම එම නිවසේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීමට බොහෝ දුරට ඉඩ ඇත. වයඹ, බස්නාහිර දිශාවලට පොත් මේස තැබීම හා ඉගෙනුම් කටයුතු සඳහා කාමර යොදා ගැනීම අසාර්ථකය. එහිදී දරුවන්ගේ අධ්‍යාපනයේ දැනෙන පසුබෑමක් දැකිය හැකිවේ.

උතුරු ඊසාන දිශා ප්‍රධාන වශයෙන් අධ්‍යාපනයට යොදාගත යුතු අතර දෙවනුව නැගෙනහිර හා ගිනිකොණ දිශාවද ඒ සදහා යහපත් වේ. බොහෝ දෙනෙකු ගිනිකොණ දිශාව අශුභ දිශාවක් ලෙස හඳුනාගෙන තිබුණද ගිනිකොණ දිශාව තුළ ප්‍රබල ශක්ති ගලනයක් සිදුවේ. ෆෙන්ෂුයි වැනි චීන වාස්තුවලට අනුවද ගිනිකොණ ශුභ දිශාවක් ලෙස හඳුනාගෙන ඇත.

දරුවන්ට මෙන්ම වැඩිහියන් වන අපද දිනෙන් දින අපේ දැනුමට අසන දකින බොහෝ දේ එකතු කර ගැනීමට රුචිකත්වයක් දක්වයි එයද මනා අධ්‍යාපනයක් වේ. එසේම පොත පතෙන් උකහාගන්නා සියලු දේ මනාව අවබෝධ කර ගැනීමට යහපත් මතක ශක්තියක් තිබිය යුතුය. දරුවකු තුළ අධ්‍යාපනයේ උනන්දුවක් ඇතිවීමට ඉහත කාරණා සියල්ල බලපානු ඇත.

ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී
හා වාස්තුවිද්‍යා විශාරද
රංජිත් කළුආරච්චි

අර්චිත ඉඳුවර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?