නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලොව පුරා තරුණ අය පියයුරු සහ මහබඩවැලේ පිළිකාවලට ගොදුරුවීමේ වැඩි අවධානමක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ලොව පුරා තරුණ අය පියයුරු සහ මහබඩවැලේ පිළිකාවලට ගොදුරුවීමේ වැඩි අවධානමක්

Published October 28, 2024

ලෝක ජනගහනය තුළ පසුගිය දශක කීපයකට සාපේක්ෂව බලන විට වියපත් පුද්ගලයන්ට වඩා තරුණ පිරිස් අතර පියයුරු, මහ බඩවැල ආශ්‍රිත පිළිකා රෝග තත්ත්වයන් ඇති වීමේ අවදානම ඉහළ නගිමින් තිබෙනවා.මේ පිළිබඳ වාර්තාවක් 2024 සැප්තැම්බර් මාසයේදී ජිනීවා හි පැවැති ජාත්‍යන්තර පිළිකා සංගම් පාලන සම්මේලනය වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ වෙනුවෙන් රටවල් 50 ක දත්ත සමීක්ෂණයක් ලබාගෙන තිබෙනවා.

පියයුරු පිළිකා…

පිළිකා රෝග තත්ත්වයන් අතර පියයුරු පිළිකාව යනු වැඩිම ප්‍රවනතාවයක් පෙන්වන පිළිකා විශේෂයක්. ඇමරිකානු සංගමයේ වාර්තාවකට අනුව පසුගිය දශකය තුළ අවුරුදු 50 ට අඩු කාන්තාවන් අතර පියයුරු පිළිකා වාර්තාවන් වාර්ෂිකව 1.4 % කින් ඉහළ නැගෙමින් පවතී.

1990 සිට 2019 දක්වා වූ කාලය තුළ ගෝලීය මට්ටමින් පිළිකා ඇති වීමේ අවදානම 79% කින් වැඩි වී ඇති අතර තරුණ පුද්ගලයන්ගේ පිළිකා ආශ්‍රිත මරණ සංඛ්‍යාව 29% කින් ඉහළ ගොස් තිබේ. ජාත්‍යන්තර පිළිකා මර්දන සංගමය විසින් තරුණ රෝගීන් තුළ පිළිකා ඇති වීමේ ලක්ෂණ ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙස සාමාන්‍ය වෛද්‍යවරුන් පවා දැනුවත් කර තිබෙනවා.

ජානමය බලපෑමක් නැහැ…

සාමාන්‍යයෙන් පියයුරු පිළිකා ඇති වීමේදී ජානමය සම්බන්ධතාවයක් ඇතැයි පිලිගැනීමක් තිබුණද BRCA1/ BRCA2 රෝගීන් අතර එවැනි ජානමය සම්බන්ධතාවයක් නොමැති බැව් වෛද්‍ය ඕරලි සඳහන් කරනවා.

ඒ වගේම වයස අවුරුදු 70ක් වූ පුද්ගලයෙකුට පිළිකා තත්ත්වයක් ඇති වූ විට එය පැතිරීමේ වේගයට වඩා ආක්‍රමණශීලි ලෙසින් වයස අවුරුදු 30 ක පුද්ගලයෙකුට පිළිකාවක් ඇති වූ විට පැතිරෙන අවදානමක් ඇති බැව් පර්යේෂකයන් විසින් හඳුනා ගෙන තිබෙනවා.

පිරිමින්ගේ සරු බව

අද වෙනවිට ගෝලීය වශයෙන් පිරිමින්ගේ ශුක්‍රාණු ගිණුම සිඝ්‍රයෙන් පහළ වැටෙන ප්‍රවනතාවයක් ඇති අතර මෙම තත්ත්වය තව දුරටත් පැවැතුණහොත්, අනාගතයේදී තරුණ ප්‍රජාව අතර පිළිකා රෝගීන් හඳුනා ගැනීමේ වැඩි ඉඩක් පැවැතිය හැකි බැව් ලැන්සෙට් වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

ඇතැම් පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට සකස් කරන ලද ආහරවල ඇති සංඝටක මගින් ඇති වන දැවිල්ල සහ DNA මගින් මහබඩවැලට හානි මෙම පිළිකා ඇති වීමට වැඩි බලපෑමක් ලබා දෙනවා.

හෝර්මෝන

වයස අවුරුදු 18-40 අතර අයගේ ශරීර බර වැඩිවීම සහප්‍රධාන හෝර්මෝන අක්‍රමිකතාවයන් හරහා පිළිකා ඇති වීමේ අවදානම තවත් වැඩි කරනවා. තරබාරුව නිසාපිළිකා වර්ග 18 ක් ඇති වීමේ අවදානමක් ඇති කරන බැව් ලැන්සෙට් වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

මෙම පිළිකා වර්ග 18 අතරින් පිළිකා වර්ග 17 ක්ම තරුණ පරම්පරාව අතර දක්නට ලැබෙන බවත් මෙම වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ තරුණ වයසේ පසුවෙන තුළ තරබාරු පුද්ගලයන් අ.ර අක්මාව, වකුගඩු, ඩිම්බකෝෂ සහ පිත්තාශයේ මයිලෝමා වැනි මාරාන්තික පිළිකාවන්ද හඳුනා ගෙන තිබෙනවා.

නින්දේ රටාව…

පසුගිය වසර 50- 100 අතර කාලයේ ලොව පුරා නින්දේ රටාවන්හි කැපී පෙනෙන වෙනසක් සිදු ව ඇති වී තිබෙන බවත් පර්යේෂකයන් පෙන්වා දෙනවා. 1905 සිට 2008 අතර ළමයින් සහ නව යොවුන් වියේ දරුවන්ගේ නින්දේ කාලය මිනිත්තු 60 කින් අඩු වී  තිබෙනවා.

රාත්‍රි සේවා මුර කාලය නිසා බොහෝ පුද්ගලයන්ගේ නින්දේ ගුණාත්මක බව පිරිහී ඇති බව 2021 වසරේ ඉදිරිපත් කරන ලද English Longitudinal Study of Ageing අධ්‍යන වාර්තාව මගින් සිදු කරනවා.

ඒ වගේම ජංගම දුරකථන සහ ටැබ්ලට් හරහා නිරාවරණය වන කෘතිම ආලෝකයට නිරාවරණය වීමෙන් මෙලටොනින් හෝර්මෝනය නිසා පියයුරු, මහ බඩවැල, ඩිම්බකෝෂ සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලට ගොදුරු වීමේ අවදානම වැඩි කරනවා.

ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ශරීරගත වීම නිසා නොමේරූ බඩවැල්වල පිළිකා ඇති වීම පිළිබඳව පර්යේෂණයක් සිදු කිරීමට 2023 වසරේදී නවසිලන්තයේ ක්‍රයිස්ට්චර්ච් රෝහලේ මහ බඩවැල සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරකෙු වන ෆ්‍රෑන්ක් ෆ්රිසල් විසින් මහ බඩවැලේ පිළිකා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ට විශේෂ ආරාධනාවක් කළා.

එම අධ්‍යනයේ වාර්තාව මගින් කුඩා ප්ලාස්ටික් අංශු ශරීරගත වීම නිසා අපගේ ආහාරවල ඇති විවිධ රෝග කාරක සහ විෂ ද්‍රව්‍ය මගින් බඩවැලේ ශ්ලේෂ්මල ස්ථරයන්ට බාධා ඇති වෙන බැව් පෙන්වා දුන්නා.

උපත්පාලන කොපුවකට ඇල්පෙනෙත්ති තුඩකින් යම් හානියක් සිදු වන්නේද, ඒ අන්දමට මෙම අංශු මගින් ශ්ලේෂ්මල ස්ථරයන්ට හානි සිදු වීමට ඇති අවදානම ඉතාම ඉහලින් පවතින බැව් මෙම වාර්තාවේ සඳහන් වෙනවා. මේ අවදානම මහබඩවැලට පමණක් නොව පියයුරු පිළිකා, රුධිර පිළිකා වැනි තත්ත්වයන්ටත් බලපාන බැව් ඔවුන්ගේ පිළිගැනීමයි.

බී.බී.සී පුවත් ඇසුරිනි

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?