නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ණයක් ගන්න මෙන්න මේ ලියකිවිලි ඕනෙමයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ණයක් ගන්න මෙන්න මේ ලියකිවිලි ඕනෙමයි

Published October 21, 2024
වර්තමානය වන විට බැංකු හෝ මුල්‍ය ආයතන වෙත පුද්ගලයන් විසින් තමා සතු දේපල උකස් කොට ණය පහසුකම් ලබා ගැනීම සදහා පුද්ගලයන් කටයුතු කිරීම දක්නට ලැබේ. යම් අයෙකුට අදාළ මුල්‍ය ආයතනයේ හෝ බැංකුවේ එම පහසුකම් ලබා ගැනීම සඳහා අදාළ ආයතනය බලාපොරොත්තු වන කොන්දේසි සහ සුදුසුකම් සපුරා ඇත්නම් එවැනි පහසුකමක් ලබා ගැනීමේ හැකියාවක් ඇත. මෙම ලිපියේ මුලික අරමුණ වන්නේ, සාමාන්‍ය පුරවැසියාට මෙවැනි ණය පහසුකමක් ලබා ගැනීම සදහා නීතිමය වශයෙන් සපුරාලිය යුතු සහ මුලිකවම සපයා ගත යුතු ලේඛන සහ එම ලේඛන ලබා ගැනීමේ පටිපාටිය සම්බන්ධව මුලික හා ඉතා සරල අදහසක් ලබා දීමයි.

තමා සතුව තිබෙන නිශ්චල දේපලක් බැංකුවක් / මුල්‍ය ආයතනයක් වෙත උකස් කොට මුදලක් ලබා ගත හැකිද ?

ඔව්. යම් පුද්ගලයෙකුට තමා සතුව හොඳ හිමිකමක් යටතේ ලැබුණු දේපළක් තිබේ නම්, අදාළ මුල්‍ය ආයතනයේ/ බැංකුවේ කොන්දේසිවලට යටත්ව එම දේපල උකස් කොට ණය මුදලක් ලබාගත හැකියි.

එවැනි දේපල හඳුනා ගත හැක්කේ කෙසේද?

යම් පුද්ගලයෙකුට හිමි දේපලක් සදහා ඔහුගේ නමට මනා ලෙස ලියාපදිංචි කරන ලද සාධන පත්‍රයක්/ඔප්පුවක් (උදා: විකුණුම් / ත්‍යාග ඔප්පුවක්) පැවතීම.එම දේපල සදහා හිමිකම් සහතිකයක් පැවතීම (මෙම ලේඛන අදාළ මුල්‍ය ආයතනයේ/ බැංකුවේ අවශ්‍යතා සහ කොන්දේසි අනුව වෙනස් වීමට භාජනය විය හැකිය)

තමා සතුව පවතින නිශ්චල දේපලක් මුල්‍ය ආයතනයකට හෝ බැංකුවකට උකසට තැබීම සදහා මුලිකව අවශ්‍ය ලේඛන මොනවාද ?

අදාළ බැංකුවට/මුල්‍ය ආයතනයේ කොන්දේසිවලට යටත්ව සාමාන්‍යයෙන් අවශ්‍ය වන ලේඛන වශයෙන් පහත ලේඛන දල වශයෙන් නම් කළ හැක

1. අවුරුදු 30 ක් ඇතුළත ඔප්පු/ සාධන පත්‍ර

2. අවුරුදු 10 ක් ඇතුළත අදාළ නිශ්චල දෙපලට අයත් පළාත් පාලන ආයතනයෙන් අනුමත කරන ලද බිම් සැලසුම

3. අවුරුදු 30 ක් තුළ අදාළ දේපල ලියාපදිංචි කොට ඇති පත් ඉරු ලේඛනවල පිටපත්

(මෙම ලේඛන අදාළ මුල්‍ය ආයතනයේ/ බැංකුවේ අවශ්‍යතා සහ කොන්දේසි අනුව වෙනස් වීමට භාජනය විය හැකිය)

මෙවැනි ණය පහසුකමක් ලබාගැනීම සදහා පළාත් පාලන ආයතනයකින් ලබාගත යුතු ලේඛන මොනවාද?

අදාළ නිශ්චල දේපල පිහිටි පළාත් පාලන ආයතනය, ප්‍රාදේශීය සභාවක්, නගර සභාවක්, මහ නගර සභාවක් විය හැකිය. එවිට ඒ හා සම්බන්ධව අදාළ ආයතනයෙන් අවස්ථාවොචිතව මුදල් ගෙවීමෙන් පහත ලේඛන කඩිනමින් සේවාදායකයන් හට ලබා ගැනීමේ පහසුකම් උක්ත ආයතනවලින් සපයයි.නොපවරා ගැනීමේ සහතික (Non Vesting Certificate) වීදි රේඛා සහ ගොඩනැගිලි රේඛා සිමා සහතිකය හිමිකම් සහතිකය වරිපනම් ලේඛන (මෙම ලේඛන අදාළ මුල්‍ය ආයතනයේ/ බැංකුවේ අවශ්‍යතා සහ කොන්දේසි අනුව වෙනස් වීමට භාජනය විය හැකිය

අදාළ නිශ්චල දේපලේ ගොඩනැගිල්ලක් පවතියි නම් ඒ සදහා අවශ්‍ය ලේඛන මොනවාද?

අදාළ පළාත් පාලන ආයතනය මගින් අනුමත කරන ලද ගොඩනැගිලි සැලසුම අනුකුලතා සහතිකය (COC) (මෙම ලේඛන අදාළ මුල්‍ය ආයතනයේ/ බැංකුවේ අවශ්‍යතා සහ කොන්දේසි අනුව වෙනස් වීමට භාජනය විය හැකිය)

නිශ්චල දේපලක් මිලදී ගැනීම සදහා එම මිලදී ගැනීමට බලාපොරොත්තු වන දේපලම උකස් කරමින් ණය මුදලක් ලබා ගත හැකිද?

ඔව්. ඇතැම් මුල්‍ය ආයතන / බැංකු මගින් මෙවැනි කාර්ය සදහා සේවා පහසුකම් සපයනු ලැබේ.

එවැනි මුල්‍ය පහසුකම් ලබා ගැනීමේදී මුලිකව අවශ්‍ය වන ලේඛන මොනවාද?

දේපලේ විකුණුම්කරුගේ අනන්‍යතාව තහවුරු කරගැනීමේ ලේඛන එම දේපලේ විකුණුම්කරුට එම අයිතිය ලැබූ දින සිට අවුරුදු 30 ක් ඇතුලත ඔප්පු/ සාධන පත්‍ර අවුරුදු 10 ක් ඇතුලත අදාළ නිශ්චල දෙපලට අයත් පළාත් පාලන ආයතනයෙන් අනුමත කරන ලද බිම් සැලසුම අවුරුදු 30ක් තුල අදාළ දේපල ලියාපදිංචි කොට ඇති පත් ඉරු ලේඛන වල පිටපත් පළාත් පාලන ආයතන වලින් නිකුත් කරන ලේඛන

ඉහත කි පරිදි යම් අවස්ථාවක අදාළ දේපල අදාළව අවුරුදු 30ක සාධන පත්‍ර/ඔප්පු සොයා ගැනීමට නොහැකි නම් සිදු කළ යුත්තේ කුමක්ද?

එවිට ඔබට අදාළ ලේඛනවල දෙවන පිටපත් පරීක්ෂාවක් සිදු කිරීම හරහා එම ලේඛනවල පිටපත් ලබාගැනීමේ හැකියාවක් පවතියි. ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකුගේ සේවාව ලබාගත හැකිය.

මෙවැනි දේපලක් මිලදී ගැනීමේදී/ මුල්‍ය ආයතනයකට, බැංකුවට උකස් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

අදාළ දේපල සම්බන්ධව උකස් ඔප්පුවක් තිබේද?, එම පෙර උකස් පහසුකම් අවසන්ව ඇත්නම් ඒවා අවලංගු කිරීමේ ලේඛන නිසියාකාරව ලියාපදිංචි කොට තිබේද?කේවියට් තහනම් තිබේද, එම තහනම් අවසන් කොට/වී තිබේද? අදාළ දේපල සදහා නඩු කටයුතු තිබේද  යන කරුණු සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් විය යුතු අතර මිට අමතරව බොහෝ කරුණු සම්බන්ධව අදාළ බැංකුවේ/මුල්‍ය ආයතනයේ නිලධාරින් සහ නීතිඥවරයකු/ ප්‍රසිද්ධ නොතාරිස්වාරයකුගේ උපදෙස් මත ක්‍රියා කිරීමෙන් ඔබට පහසුවෙන් මෙවැනි ණය පහසුකමක් ලබා ගැනීමේ හැකියාව පවතියි.උක්ත ලේඛන නිසියාකාරව අදාළ බැංකුවේ/මුල්‍ය ආයතනයේ නිලධාරින් හට නොපමාව ලබා දීමට සහය වීමෙන් ඔබේ ණය පහසුකම ලබා ගැනීම පහසු වනු ඇත.

නීතිඥ නෙත්මා ලියනගේ
nethsanduni@gmail.com




 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?