නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ෂෙයිකාගේ DIVORCE Perfume
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ෂෙයිකාගේ DIVORCE Perfume

Published October 7, 2024

විවාහයකින් පසුව දික්කසාදය වේදනාකාරී අත්දැකීමක් වුණත් ඒ පන්නරයෙන් අලුත් නිෂ්පාදනයක් ඉදිරිපත් කිරීමට සමත් වුණ කාන්තාවක් ගැන දැනගැනීමට ඔබ සතුටු ඇති. ෂෙයිකා මෙහේරා යනු ඩුබායි රාජ්‍යයේ ෂෙයික් රෂීඩ් අල් මක්ටූම්ගේ දියණියයි. ෂෙයික් රෂීඩ් අල් මක්ටූම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති වරයාය. ඔහු ලෝක අශ්වාරෝහකයන් සහ තුරඟ තරග කරුවන් අතර දැවැන්ත චරිතයක්. ඔහුට බිරින්දෑවරු කිහිපදෙනෙකු සිටින අතර ෂෙයිකා ඔහුට දාව උපන් දියණියක්. ෂෙයිකාගේ මව ග්‍රික ජාතික කාන්තාවක් වන අතර ෂෙයිකාටත් අරාබි සහ ග්‍රික භාෂාව උච්චාරණය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ඇය එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයකින් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජාත්‍යන්තර උපාධියක්ද ලබා තිබෙනවා.

උත්කර්ෂවත් විවාහය…

ෂෙයිකාගේ විවාහය 2023 වසරේ අප්‍රේල් මාසයේදී ඉතා උත්කර්ෂවත් ලෙසින් පැවැත්වුණා. ඔහුගේ අත ගත් සැමියා වූයේ බින් මුහම්මුද් බින් රෂීඩ් අල් මක්ටූම් වූ අතර ඔහු තිස් හැවිරිදිය. ඔවුන්ගේ කුළුඳුල් දරුවා ජූලි මාසයේදී උපත ලැබුවා.

දික්කසාදය සුවඳයි…

මේ අතර ෂෙයිකා පසුගිය ජූලි මාසයේදී ඇගේ සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කළා. ඒ බැව් ඇය ඉන්ස්ටග්‍රෑම් පණිවිඩයකින් දැනුම් දුන්නා. ඇය ඒ බැව් මෙසේ සටහන් කළා.ආදරණීය ස්වාමිපුරුෂයානෙණි. මම ඔබව දික්කසාද කරමි… මම ඔබව දික්කසාද කරමි… මම ඔබව දික්කසාද කරමි…

පරිස්සමින් ඉන්න මීට ඔබේ හිටපු බිරිඳ ඉස්ලාමීය සම්ප්‍රදායට අනුව තලාක් ( දික්කසාදය ) යන වචනය තුන්වරක් සඳහන් කිරීම දික්කසාදයට අවසරයක් ලෙස සැලකේ. නමුත් මෙම ත්‍රිත්ව තලාක් බොහෝ රටවල තහනම් කර තිබෙනවා. මෙය අපරාධයක් බැව් ඉන්දීය පාර්ලිමෙන්තුව සඳහන් කරනවා. ඒ වගේම ඇගේ ගිණුමෙන් සැමියාගේ සියලු ඡායාරූප ඉවත් කර තිබෙනවා.

ෂෙයිකා ව්‍යාපාරික කාන්තාවක්. ඇගේ සුවඳ විලවුන් සන්නාමය. ‘ Mehra M One’ ලෙස ප්‍රසිද්ධයි. මේ අතර පසුගිය දිනක ඇය නවතම නිෂ්පාදනයක් “Divorce” යනුවෙන් වෙළඳපොළට හඳුන්වා දුන්නා. මේ නිෂ්පාදනයේ නාමය ගැන ආන්දෝලනාත්මක අදහස් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වුණා.

දිකක්සාදයට සුවඳක් තියෙනවාද… බොහෝ දෙනා අසනන්ට වුණා. මේ අතර එයට පිළිතුරු ලෙසින් එක් කාන්තාවක් මේ අන්දමින් සටහනක් තබා තිබුණා. එය නිදහසේ සුවඳක්… තවත් අදහසක තිබුණේ “ පළිගැනීම “ යන අදහසට වඩා මෙය ඉතාම සුදුසු නමක්. ඒ අතර වූ තවත් සටහනක මෙසේ සඳහන් වී තිබුණා. මේ 2024 වසරයි. මේ යුගයේ කාන්තාවන් ව්‍යාපාර ආරම්භ කරනවා මිස හඩා වැලපෙන්නේ නැහැ.

මේ සුවඳ විලවුන් පිටුපස යමෙකු අහිමිවීමේ වේදනාව ඇති බව මම දනිමි. නමුත් ව්‍යාපාරික දෘෂ්ටියෙන් ඔබ ඉතා බුද්ධිමත් දෙයක් කර තිබෙනවා.ඩුබායි නරගයේ ෂමිටා අල් නක්බි නම් කාන්තාවක් මෙසේ සටහනක් තබා තිබෙනවා. කුමරිය, ඔබේ ධෛර්ය ගැන සතුටුයි. මේ හොඳම වෙලාවේ හොඳම සුවඳයි…

ඒ අතර මෙම අදහස්වලට වෙනස් වූ ප්‍රතිචාරයන්ද තිබෙනවා.මම පැරිසියේ… දික්කසාදය ගැටළුවක්. ඔබේ හදවත බිඳුණු, ඔබට රිදුන දෙයක් නැවත ප්‍රවර්ධනය කරන්නේ ඇයි…? සුවඳ විලවුන් සහ දික්කසාද සුවඳ විලවුන් අතර කිසිම සම්බන්ධයක් නැහැ.

බී.බී.සී පුවත් ඇසුරින්

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?