නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ළමයින්ට ගහන්න එපා!
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ළමයින්ට ගහන්න එපා!

Published September 30, 2024
බොහෝ වැඩිහිටියන් සිතන්නේ ළමුන්ට හිරිහැර කිරීම තම අයිතියක් ලෙසය. එසේම හිරිහැරවලට යටත්වීම ළමුන්ගේ උරුමයක් ලෙසය. පොඩ්ඩක් සිතන්න! ඔබට මෙන්ම ළමයකුටද සිතක් ඇත. එහෙත් වැඩිහිටියන් දඬුවම ආයුධයක් ලෙස කරන කටයුත්ත කුඩාවුන්ද අනුගමනය කළොත් කුමක් සිදුවේද?

කාණ්ඩ තුනක්

හිරිහැරවලට ගොදුරුවන ළමුන් පමණක් නොව වෙනත් ළමුන්ට හිරිහැර කරන ළමුන්ද, හිරිහැරවලට පාත්‍ර වන අය දෙස බලාසිටීමට පුරුදු ළමුන්ද මතු පැමිණෙන මානසික හා සෞඛ්‍ය අවදානම්වලට පාත්‍ර වෙයි.

සෘණාත්මක ප්‍රතිඵල

මානසික සෞඛ්‍යයට බලපෑම, මත්ද්‍රව්‍ය භාවිතය සහ සියදිවි හානිකරගැනීම්වලට පෙළඹවීම් හිංසනය හා බැඳේ. හිංසනයට ගොදුරුවන දරුවකු තුළ කනස්සල්ලක් ඇතිවේ. එවැනි අවස්ථා ගැන අවදියෙන් සිට දරුවා සමග හැඟීම් බෙදා ගැනීම වැඩිහිටියාගේ යුතුකමය.

හිරිහැරවලදී මොනවාද වෙන්නේ?

ශාරීරික, සමාජයීය, චිත්තවේගීය, අධ්‍යාපනික සහ මානසික ගැටලුවලට මේ නිසා දරුවන් පාත්‍ර වෙන අතර මානසික අවපීඩනය, කාංසාව, දුක වැඩිවීම, නින්දේ සහ ආහාර ගැනීමේ රටාවේ වෙනස්වීම්, විනෝද ක්‍රියාකාරකම්වලට මැළිවීම දරුවන් කෙරෙහි බලපෑ හැකිය. වඩා වැදගත් කරුණ වන්නේ මෙම තත්ත්වයන් වැඩිහිටි විය දක්වාද පැවතිය හැකි වීමය.

අධ්‍යාපනය

ප්‍රමිතිගත ලකුණු මට්ටම් ලබා නොගනිමින් අධ්‍යාපනය මෙන්ම පාසැල් පැමිණීමද අඩාලවීම හා පාසැල් හැරයෑම් ළමා හිංසනය තුළින් මතුවේ. ඒ හැර සෞඛ්‍ය පිළිබඳ පැමිණිලිද නිරන්තරයෙන් මතුවේ. ළමුන් ඉතා සුළු පිරිසක් කලාතුරකින් සිදුවන වෙඩි තැබීම් ආදී අතිශය ප්‍රචණ්ඩ ක්‍රියාවන් සඳහාද අතීතයේදී යොමුවී ඇත.

අනෙක් අයට හිරිහැර කරන ළමයි

අනෙක් අයට හිරිහැර කරන ළමයි වැඩිහිටි වියේදී ප්‍රචණ්ඩත්වය හා අවදානම් හැසිරීම් කරා යොමුවිය හැකිය. පූර්ව ලිංගික කටයුතුවල නිරතවීමද නව යොවුන් වියේදී හා වැඩිහිටිවියේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම මෙන්ම වැඩිහිටි අවදියේදී විකෘති ආදර සබඳතා, අපරාධවල යෙදීමද සිදුවිය හැකිය.

හිරිහැර දෙස බලාසිටින ළමුන්

වෙනත් ළමුන්ට සිදුවන හිංසන නැරඹීමට පුරුදු වී සිටින ළමුන් බොහෝ විට මත්ද්‍රව්‍යවලට පෙළඹීම, මානසික අවපීඩනය සහ කාංසාව ඇතුළු මානසික ගැටළු ඇතිවීම. පාසැලෙන් කට්ටි පැනීම වැනි දෑවලට යොමුවිය හැකිය.

සියදිවි හානිකර ගැනීම්

සියදිවි හානිකර ගැනීම් සහ ළමා වියේදී හිරිහැරයට ලක්වීම් අතර සම්බන්ධතාවක් ඇත. එහෙත් මානසික අවපීඩනය, නිවසේ ගැටළු සහ මානසික කම්පන ඉතිහාසයක් (Trauma history) සහ එවැනි සිද්ධි නැවත නැවත සිහියට ගැනීමේ පුරුද්දක් තිබීමද සියදිවි හානිවලට හේතුවෙයි. මේ හැරුණු විට තම වයසේ මිතුරන් සහ පාසැල්වල සහාය නොලැබෙන විශේෂිත ලිංගික කණ්ඩායම් තුළද මෙම අවදානම ඇතිවේ.

www.stopbullying.gov ඇසුරින්

සුනිල් අල්ගම ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?