නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔක්තෝබර් හතර වැනිදා පාස්පෝට් බලන්න…
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඔක්තෝබර් හතර වැනිදා පාස්පෝට් බලන්න…

Published September 23, 2024

ක්‍රිෂ් ඇන්තනී විසින් අධ්‍යක්ෂණය කරමින් පිටපත සහ කතාව ලියූ පාස්පෝර්ට් සිනමා නිර්මාණය ඔක්තෝබර් හතරවෙනිදා සිට මෙරට සිනමා ශාලාවල තිරගත වේ. ක්‍රිෂ් විසින් පළමු වරට අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය පාස්පෝට් වුවත් ඔහුගේ දෙවැනි අධ්‍යක්ෂණය වූ අපේ ප්‍රින්සිපල් කළින් තිරගතවීම නිසා ඔහු සිංහල සිනමාවට අලුත් අධ්‍යක්ෂකයෙකු නොවේ.

කඳුකරයේ තරුණයන් දෙදෙනෙකු වන අමරේ සහ සමන් ඉතාලි යෑමේ සිහිනය සැබෑ කිරීම සඳහා නීති විරෝධී බෝට්ටුවකින් යුරෝපයට යෑමට සැරසෙයි. ඒ ගමන ව්‍යාජ එකක් බවට පත් වෙයි. ඉන්පසු ඔවුන් කොළඹ කූට ඒජන්සි කරුවෙකු වන කුමාර් මාර්ගයෙන් ලංකාවෙන් පිටව යයි. ඒ ගමනේදී ඔවුන්ට බලාපොරොත්තු නොවූ ආකාරයේ මැණිකක් ගුවන් තොටුපළේදී හමු වේ. එම මැණික ඔවුන්ගේ ගමන් මළුවලට දමන පුද්ගලයා හෙවත් ගලිවර් ඉතාලියේ කොල්ලකරුවන් විසින් පැහැර ගනී. එහිදී ඇතිවන සිද්ධි දාමයක් නිසා අමරේගේ සහ නීලාගේ ප්‍රේමයද ප්‍රශ්නාර්ථයක් බවට පත්වේ. නීති විරෝධී රට යෑම් සම්බන්ධයෙන් මනා අවබෝධයක් ප්‍රේක්ෂකයාට ලබාදෙන මෙම චිත්‍රපටයෙන් කියවෙන යථාර්තය නීති විරෝධී වැඩ කරන තාරුණ්‍යයට ඇස් ඇරවයි.

ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස්, මහේන්ද්‍ර පෙරේරා, දර්ශන ධර්මරාජ්, නයන තාරා වික්‍රමාරච්චි සහ රෝෂාන් පිලපිටිය අය ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය ඉන්දියාව, ඉතාලිය, ශ්‍රී ලංකාව වැනි රටවල රූපගතය කිරීම් කර තිබෙන අතර මෙහි නිෂ්පාදනය කර ඇත්තේ ආචාර්ය චන්දික විරංජිත තෙබුගොල විසිනි.

හරින්දී ලියනගේ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

නොනවත්වා පැතිරෙන ජපන්ජබර වලට තිත තියන්න ක්‍රමයක්

May 26, 2025

දාලා ගිය අය ගැන ආයේ හිතලා මොකටද?

May 26, 2025

විනාශකාරී රහස් මනසින් තුරන් කරමු

May 26, 2025

අෂ්ඨ දස වේධ දෝෂ ගැන දැනගන්න.

May 26, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?