නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අසේනිලා,මේනකාලා  තවත් එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අසේනිලා,මේනකාලා  තවත් එපා

Published September 23, 2024

මේ දවස්වල දේශපාලන සුළිසුළං හතර දිශාවකින් හමන නිසා මිනිස්සු පොඩ්ඩක් හීත වෙලා ඉන්නේ.කොයි පැත්තකින් හමන සුලගට ඔවුන් හසුවේද?ඉන්පස්සේ වැටෙන තැන කොතනද කියල තියෙන අවිනිශ්චිතතාව එක්ක මිනිස්සු පොරබදන සමයක්.මෙහෙදී කාන්තාවන් පෙරට වඩා විචාර බුද්ධියකින් කටයුතු කළ යුතුයි.මක්නිසාද යත් කාන්තාවන් දන්නවා ඔවුන්ට ගැහැනු ඉව තියෙන විත්තිය.උගත්කම-බුද්ධිමත්කම මත නෙවෙයි සමහර කාරණා ගැන ප්‍රායෝගික ඥානයක් කාන්තාවන්ට තියෙනවා.ගැහැනු සහජයෙන් එන ඉව අනූව වැඩ කළ යුතුයි.

ඉව ගැන කියද්දි මතක් වෙන්නේ මේ දවස්වල ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ටේක් කෙයාර්. එහි අවසාන කොටසක ඉතා අපූරු කතාබහක් ඇදුණා. ඒ කතාව තමයි එහි වින්දිත පාර්ශවයේ විවාහක කාන්තාව තම දෙමාපියන්ට කියන කතාව.

පිරිමියෙකුගේ හුළඟක්වත් වදින්නට ඉඩනොදී, පන්තියකට, රාජ්‍ය විශ්ව විද්‍යාලයකට, විනෝද ගමනක් යන්න ඕනි ඇගේ මව ඇයව ආරක්ෂා කළ බවත් ඉන් ඇයට සිද්ධවෙච්ච අභාග්‍යසම්පන්නභාවය ගැන ඇය වේදනාවෙන් කතාකරනවා. ඒ වෙලාවේ විවාහක ස්වාමිපුරුෂයාටත් කටඋත්තර නෑ..

දෙමාපියන් පවා අසරණයි… ඇයි මේ?ඕනම අම්මෙක් තමුන්ගේ දියණිය පරෙස්සම් කරන්න මහන්සි ගන්නවා. ඒක එදා සිට අද දක්වා නොනැවතී සිදුවන්නක්. නමුත් ඒ හරහා දියණියගේ පෞරුෂයට වෙන හානිය කවදාවත් දෙමාපියන් සලකන්නෑ. ගැහැනු හෝ පිරිමි වේවා සමාජානුයෝජනය විය යුතුයි. අර මම කළින් කියපු ඉව කියන දේ මතුවෙන්නේ සමාජානුයෝජනය හරහායි.

කූඩුවක ඉන්නා ළමයෙක් සිරිත්විරිත්, අධ්‍යාපනය වගේ දේවල් හොඳින් දන්නා අයෙකු විය හැකියි. නමුත් සමාජයේ විවිධත්වය විෂමත්වය තේරුම් ගැනීමට සමාජය හා ගැටීම සිදුවිය යුතුයි. ඇතැම් අය පොත පත කියවීම යන සාධකය ප්‍රමුඛකර ගන්නේ ඒ අවශ්‍යතාව උඩ. පොතපතින් සමාජය ගැන බොහෝ දේ දැනගන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව අත්විඳින ඇතැම් කාරණා පොතපතේ අන්තර්ගත නෑ. එබැවින් යමෙකු බිත්ති හතරකට කොටු නොවී සිටීම හරහා ලෝකයට විවෘත වෙනවා.

මීට දශක ගණනකට පෙර සමාජය නොවෙයි අද තියෙන්නේ. තාක්ෂණය දියුණු වෙලා. හොරකම පවා සිද්ධ වෙන්නේ දියුණු ආකාරයකට. රැවටීම සිද්ධවන්නේ දියුණු ආකාරයට. සමාජමාධ්‍ය තුළ වෙළෙඳපොල ක්‍රියාත්මක වෙන්නේ ඒ දියුණු ක්‍රමවේද උඩ. ඉතින් ගැහැනියක් නොව පිරිමියෙකු වුවත් මේ තත්ත්වයන් ගැන මනා අවබෝධයක් ලබාගන්න ඒ කාරණා සමග ගනුදෙනු කළ යුතු හෝ ගැටීමට සිදුවෙනවා. හුදෙකලාව පැවැති ශිෂ්ටාචාර නෂ්ට වී ගියා මිස පරිණාමය වුණේ නෑ. ඒ නිසා සමාජයේ මේ හොඳ නරක දෙකම පවතින බවත් මේ දෙක අවබෝධකරගහොත් ජීවිතය පහසුවන බවත් තේරුම් ගන්න අවශ්‍යයි.

ඒ වගේම ඇතැම් අය සිතනව අධ්‍යාත්මික, ආගමික ජීවිතයකට යොමුවීම තුළ මේ ඥානය ලැබෙනවා කියලා. නමුත් ඇත්ත තත්ත්වය නම් කිසිදු ආගමික ඉගැන්වීමක් හරහා සමාජය හදාරන්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම ගැටෙමින් ඉදිරියට යාමට අවශ්‍ය ධෛර්යය ලැබෙන්නේ නෑ. උකටලී වීමකට වඩා දෙයක් ආගමික වීම හරහා ලැබෙනවා දැකලා නෑ.. සමාජයත් එක්ක ඔට්ටු වෙන මිනිස්සු ජීවිතය දිනනවා. එහෙම නොවුණොත් අසේනිලාට, මේනකාලට අත්වන ඉරණම ඔබටත් අත්වෙන්න පුළුවන්…..

මනෝරම වීරසිංහ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?