නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අරයට ආදරේ කරන්න කලින් ඔයාට ආදරේ කරන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අරයට ආදරේ කරන්න කලින් ඔයාට ආදරේ කරන්න

Published September 23, 2024

වර්තමානයේ පවතින තරගකාරී ජීවන රටාවත් එක්ක රැකියාව, පවුල, සමාජ බැඳීම් කියන දේවල් ආරක්ෂා කරගෙන අනාගතය සතුටින් තියන්න අපි හැමෝටම හැල්මේ දුවන්න වෙලා තියෙනවා. මේ හැමදේම කරන අතරේ ඔයා හිතුවද ඔයා වෙනුවෙන් වෙලාවක් වෙන් කරන එක මොන තරම් වැදගත් වේවිද කියලා. ස්වයං රැකවරණය එහෙමත් නැත්නම් ඔයා ඔයාටම අවධානය දෙන එක මොනතරම් වැදගත්ද, ඒ වෙනුවෙන් ඔයාට මොනවද කරන්න පුළුවන්, මෙන්න මේ හැමදේම අද අපි ඔයාට කියලා දෙනවා. ස්වයං රැකවරණය කියන්නේ තමන් ගැනම විතරක් හිතන එක එහෙම නැත්නම් ආත්මාර්ථකාමීත්වය කියලා කවුරුහරි කිව්වොතින් ඒ දේ සම්පූර්ණ වැරදි මතයක්. මොකද ස්වයං රැකවරණය කියන්නේ ඔබ ඔබේම යහපැවැත්ම සඳහා කරන ආයෝජනයක්. ඔබේ ශාරීරික, මානසික. චිත්ත වේගී සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන පුළුල් පරාසයක ක්‍රියාකාරකම් මීට අයත් වෙනවා. මේ වෙනුවෙන් ඔයාට ස්වයං ආරක්ෂණ ක්‍රියාකාරකම් සිදු කරන්නත් පුළුවන් මේ විදිහට.

ශරීරික ස්වයං රැකවරණය

නිතිපතා ව්‍යායාම කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම, ප්‍රමාණවත් නින්ද සහ වෛද්‍ය ප්‍රතිකාර මගින් ඔබේ ශරීරය රැක බලා ගැනීම මෙයට ඇතුළත්.

මානසික ස්වයං රැකවරණය

ඔයාගේ මනස උත්තේජනය කිරීම සහ කියවීම නව කුසලතා ඉගෙනීම වගේම විනෝදාංශවල යෙදීම ආදිය මෙයට අයත්.චිත්තවේගී ස්වයං රැකවරණය ඔබේ හැඟීම් කළමනාකරණය කිරීම, සෞඛ්‍යසම්පන්න සටන් යාන්ත්‍රණ ගොඩනැගීම මෙයට ඇතුළත්.

ආධ්‍යාත්මික ස්වයං රැකවරණය

ඔබේ අභ්‍යන්තරය සමඟ සම්බන්ධවීම සහ ජීවිතයේ අර්ථය සොයා ගැනීම මෙයට අයත්. ඉතින් මේ කියන ස්වයං රැකවරණය වැඩිදියුණු කරගන්න පුළුවන් පියවර පහක් අපි ඔයාලට කියලා දෙන්නම්

1. ඔබටම ප්‍රමුඛත්වය දෙන්න…

ඔයාගේ ජීවිතේ වටිනාම දේ වෙන්නේ ඔයා. ඒ නිසා ඔයා ඔයාට වටිනාකමක් දෙන්න. ඔයාගේ මනස, ශරීරය වගේම ආත්මයක් පෝෂණය කරන ක්‍රියාකාරකම් වෙනුවෙන් වෙලාව වෙන් කරන්න.

2. ඔබේ ශරීරයට සවන් දෙන්න…

ස්වයං රැකවරණය වැඩි දියුණු කරගන්න නම් ඔයා ඔයාගේ ශාරීරික හා චිත්තවේගී අවශ්‍යතාවයන්වලටත් වැඩිපුර අවධානය ලබා දෙන්න. ඔයාට වැඩිපුර තෙහෙට්ටුවක්, ආතතියක් දැනෙනවානම් විවේකයක් අරගෙන සැහැල්ලු වෙන්න.

3. සිහිකල්පනාව පුරුදු කරන්න…

ඔයා මනා සිහියකින් යුක්ත කෙනෙක් නම් ඔයාට ස්වයං රැකවරණය සලසා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ මොහොතේ ඔයාගේ සිතුවිලි හැඟීම් වගේම සංවේදන ගැනත් මනා සිහියකින් ඉන්න. ඒ වගේම තමයි භාවනාව සහ ගැඹුරු හුස්ම ගැනීම වගේ ශිල්ප ක්‍රමවලින් ඔයාගේ ආතතිය අඩු කරලා සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කරගන්න පුළුවන්.

4. අන්‍යෝන්‍ය සබඳතා ශක්තිමත් කරගන්න…

ඔයාට නිතරම ශක්තියක් වෙන පවුලේ අය වගේම මිතුරන් සමගත් ශක්තිමත් සම්බන්ධතා ගොඩනඟා ගන්න. මොකද මානසික සහ චිත්තවේගී සෞඛ්‍ය සඳහා යහපත් සමාජ සම්බන්ධතා අත්‍යවශ්‍ය වෙනවා.

5. සීමා මායිම් සකසා ගන්න…

ඔයා ශක්තිමත්ව ඉදිරියට යන්න නම් ඔයාව යටපත් කරවන හෝ ඔයාගේ ශක්තිය නැති කරන දේවල්වලින් ඈත් වෙන්න. මොකද ඔයාගේ අවශ්‍යතා වගේම යහපැවැත්මට ප්‍රමුඛත්වය දීම ඉතාම වැදගත් දෙයක්.ස්වයං රැකවරණය කියන්නේ ගමනක් මිස ගමනාන්තයක් නම් නෙවෙයි.

ඔයා ගැන හිතන්න. ඔයාගේ ජීවිතේ ජයගන්න නම් ඔයා හැම වෙලාවේම ශක්තිමත් වගේම සෞඛ්‍ය සම්පන්නව සිටීම ඉතාම වැදගත්. ඉතින් අද අපි ඔයාට කියලා දුන්න මේ ස්වයං රැකවරණය වැඩිදියුණු කරන ක්‍රම ඔයාට ශක්තිමත් ඉදිරියට යන්න උදව්වක් වේවි.

ටෂ්මි ගමගේ ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?