නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඇස් කණ්ණාඩි ගැන බොරු කතාවලට රැවටෙන්න එපා!
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඇස් කණ්ණාඩි ගැන බොරු කතාවලට රැවටෙන්න එපා!

Published September 16, 2024

මිථ්‍යාව සත්‍ය ලෙස පතුරා හැරීම අද සුලබව ඇත. තමුන් යමක් දන්නා බව පෙන්වීම සඳහා පොදු හමුවීම්වලදී පවා බොහෝ දෙනෙකු උත්සාහ කරනු අපි දැක ඇත්තෙමු. එමනිසා සුලබ මතවාද ගැන දැනුවත් වීම ඔබේ ආරක්ෂාවයි. කෙතරම් අකමැති වූවත් වයස අවු 40 පසුවන විට එළඹෙන “හතළිස් ඇඳිරිය“ තත්ත්වය යටතේ බොහෝ විට අපට ඇස් කණ්ණාඩි පැළඳීමට සිදුවේ. අද අපි ඒ පිළිබඳව මිථ්‍යාවන් ගැන දැනුවත් වෙමු.

මිථ්‍යාව – දුර්වල ආලෝකයෙන් කියවීම ඇස් රිදීමට හේතු වේ

මොහොතක් සිතන්න. විදුලි ආලෝකය සොයාගැනීමට පෙර ඔබ මුතුන් මිත්තන් විසින් අඳුරු ඉටිපන්දම් ආලෝකය සහ ගෑස් ලයිට් මගින් රාත්‍රි කාලයේ කියවීම සිදුකරන ලදී.

මිථ්‍යාව – ඔබේ ඇස් උවමනාවට වඩා වෙහෙසවීමේදී ඇස් ගෙවී යයි

ඔබේ නාසය නිතර භාවිත කිරීමේදී සුවඳ දැනීම අඩු නොවන බව ඔබ දනියි. කන් භාවිතය පිළිබඳවද සත්‍ය එයමය. එසේ නම් ඇස් පිළිබඳ කුමන කතාද?

මිථ්‍යාව – ඕනෑවට වඩා ශක්තිමත් ඇස් කණ්ණාඩි හෝ වැරදි බෙහෙත් වට්ටෝරුවක් යෙදූ ඇස් කණ්ණාඩි ඇසට හානි කරයි

ඇත්ත වශයෙන්ම ඇස් කණ්ණාඩි සිදුකරන්නේ ඔබ ඇසට ලැබෙන ආලෝක කිරණ වෙනස් කිරීම පමණකි. ඉන් කිසිදු හානියක් සිදුනොව්.

මිථ්‍යාව – ඕනෑවට වඩා ශක්තිමත් හෝ වැරදි බෙහෙත් වට්ටෝරුවක් ඇති ඇස් කණ්ණාඩි පැළඳීම ඔබේ ඇස්වලට හානි කරයි

ඇත්ත – ඇස් කණ්ණාඩි ඔබේ ඇස්වලට ලැබෙන ආලෝක කිරණ වෙනස් කරයි.

මිථ්‍යාව – ඇස් කණ්ණාඩි පැළඳීම ඔබේ ඇස් දුර්වල කරයි

වීදුරු යනු වර්තන දෝෂවලින් පෙළෙන අයට නිවැරදි දර්ශනයක් ලබාදෙන බාහිර දෘශ්‍ය ආධාරකයක් පමණි. එහෙත් දරුවන්ගේ Crossed eyes (strabismus) fyda Lazy eye (amblyopia) නිවැරදිව දර්ශන නොපෙනීමේ දෘශ්‍ය ආබාධ නිවැරදි කිරීම සඳහා තාවකාලිකව පැළඳිය යුතු විශේෂ කණ්ණාඩි නොපැළඳ සිටීම ඇස් පෙනීම දුර්වල වීමට හේතුවේ.

හරස් අතට බැලීමෙන් සදාකාලිකව ඇස් පෙනීම හරස් විය හැකිය

ඔබ අක්ෂි පේෂි සකස්ව ඇත්තේ විවිධ දිශාවලට චලනය කළහැකි වන පරිදිය. Crossed Eyes හරස් ඇස් රෝගයක් ඇතිවන්නේ කුඩා අවදියේදී නිවැරදි නොකළ වර්තන දෝෂයක් නිසා සහ අක්ෂි මාංශපේශී වලට හානියක් සිදුවීම නිසා පමණි.


මිථ්‍යාව – 20/20 දර්ශන පෙනීමක් තුළින් අදහස් වන්නේ ඔබේ ඇස් පරිපූර්ණ බවයි

20/20 දර්ශනයක් තිබීමෙන් අදහස් කරන්නේ විශිෂ්ට කේන්ද්‍රීය දැක්මක් ඇති අයෙකි. එහෙත් ඔවුන්ටද පැති පෙනීමේ, රාත්‍රී දර්ශන පෙනීමේ හෝ වර්ණ දර්ශනය සම්බන්ධ වෙනස් දෘෂ්ටි ගැටලු තිබිය හැකිය.

එහෙත් කළකදී ඇස් සම්පූර්ණයෙන්ම අන්ධ කරන දියවැඩියා රෙටිනෝපති,ග්ලූකෝමා වැනි රෝග තත්ත්වයන් තුළදී වසර ගණනාවකදී රෝග තත්ත්වයක් වර්ධනය විය හැකි අතර එමගින් අභ්‍යන්තර ඇසට හානිවන නමුත් මධ්‍යම දර්ශනය පෙර පරිදිම පැවතිය හැකිය.

https://www.mayoclinichealthsystem.org  ඇසුරිනි

සුනිල් අල්ගම ✍️

TAGGED: ඇස් කණ්ණාඩි
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?