නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Nuts තමයි ගුණම
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

Nuts තමයි ගුණම

Published September 16, 2024

හැමදාම එක එක ජාතියෙ Nuts  වර්ග කන ඔයා Nuts  ගැන දැනගෙන ඉඳපු නැති විස්තර ටිකක් කියන්න අපි හිතුවා. ඇට වර්ග එහෙමත් නැත්නම් Nuts  කියන්නෙ අධික මේදය තිබියදී වුණත් ඉතාම වටිනා සෞඛ්‍ය ප්‍රතිලාභ ගෙන එන්න පුළුවන් සරල, පහසු සහ රසවත් ආහාරයක් කියල ඔබ දැනටමත් දන්නවා ඇති.

ඇට වර්ග එහෙම නැත්නම් Nuts කියන්නෙ මොනවද කියලා ඔයා දන්නවද?

ඇට වර්ග කියන්නෙ මේදය හා කැලරි බහුල දෘඩ ආහාරයට ගත නොහැකි පිටත කවචයකින් වටවූ ආහාරයක්. අද වෙද්දී මේ පිටත කවචය ඉවත් කරල ආහාරයට ගත හැකි කොටස පමණක් වෙන් කර සකසා ඇති ඇට වර්ග වෙළඳපොලෙන් මිලදී ගන්න ඔබට පුළුවන්. ඒ අතර ආමන්, කජු, හෙස්ල්නට්, පයින් ගෙඩි, පිස්ටාචියෝ සහ වෝල්නට්ස් වගේ ඇට වර්ග අද වෙද්දී ඉතාම ජනප්‍රියයි.

දැන් අපි බලමු ඇට වර්ගවලින් අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියල?

පෝෂ්‍ය පදාර්ථ රාශියක් කැටිවී ඇත

ඇට වර්ග කියන්නෙ පෝෂ්‍ය පදාර්ථ රාශියක් කැටිවෙලා තියෙන ආහාරයක් කියල අපි කලින් සඳහන් කළා ඔබට මතක ඇති.

ඇට වර්ග කීපයක් කලවම් කර 28 ට ක ආසන්න වශයෙන්,

කැලරි – 173
ප්‍රෝටීන් – 05 g
මේදය – 16 g
කාබ්ස් – 06 g
ෆයිබර් – 03 g
විටමින් E – දෛනික අවශ්‍යතාවයෙන් 12%
මැග්නීසියම් – දෛනික අවශ්‍යතාවයෙන් 16%
පොස්පරස් – දෛනික අවශ්‍යතාවයෙන් 13%
කොපර් – දෛනික අවශ්‍යතාවයෙන් 23%
මැංගනීස් – දෛනික අවශ්‍යතාවයෙන් 26%


සෙලිනියම් – දෛනික අවශ්‍යතාවයෙන් 56% ක් අඩංගු වෙලා තියෙනව කියල අනුමාන කරනවා.මෙහෙම වුණත් සමහර ඇට වර්ගවල අනෙක් ඇටවලට වඩා සමහර පෝෂක ඉහළ ප්‍රමාණයකින් අඩංගුයි. ඒ කොහොම වුණත් ඇට වර්ග නිසි ආකාරව යොදාගැනීම, ආහාර පාලනය කරන ඔබේ ආහාර වේලට අවශ්‍ය පෝෂණය ලබාගන්න හොඳ විසඳුමක් කියල තමයි පෝෂණවේදීන් හඳුන්වා දෙන්නෙ.

ප්‍රතිඔක්සිකාරකවලින් සංතෘප්තයි

ඇට වර්ග කියන්නෙ ඉතාම හොඳ ප්‍රතිඔක්සිකාරක සංචිතයක්. සෛලවලට හානිකරන රැඩිකල් විදිහට හඳුන්වන සංයෝගවලට එරෙහිව ක්‍රියා කරල ආසාදන ඇතිවීමේ අවදානම අඩු කරන්න මේ ප්‍රතිඔක්සිකාරකවලින් ලබාදෙන්නෙ ප්‍රභල සහයක්.මාළුවලටත් වඩා වැඩි ප්‍රතිඔක්සිකාරක ප්‍රතිශතයක් ලබාදී මේ හානිකර සංයෝගවලින් සෛලවලට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන්න වෝල්නට්ස්වල අඩංගු ප්‍රතිඔක්සිකාරකවලට හැකියාව තියෙනව කියල පර්යේෂණ මඟින් සනාථ කරගෙන තිබෙනවා.

ඒ වගේම හෘද රෝගවලට බලපාන ප්‍රධාන සාධකයක් විදිහට හඳුනාගෙන තිබෙන LDL එහෙමත් නැත්නම් නරක කොලෙස්ටරෝල් මට්ටම 26 – 33 % ත් අතර ප්‍රතිශතයකින් අඩු කරන්න සම්පූර්ණ Pecans ඇට අනුභවයෙන් පුළුවන් වුණා කියල සනාථ කරපු පර්යේෂණත් තිබෙන බවයි සඳහන් වෙන්නෙ.

බර අඩු කරගැනීමට උදව්වක්

කැලරි වැඩි වශයෙන් අඩංගු වුණත් ඇට වර්ග ආහාරයට ගැනීම බර අඩු කරගන්නත් හොඳ උදව්වක් කියල පර්යේෂකයන් සඳහන් කරනවා. බර අඩු කර ගැනීමට සහ ඉණේ වට ප්‍රමාණය අඩු කිරීමට පෝෂණවේදීන්ගේ උපදෙස් අනුව සකසාගත් ඇට වර්ග අඩංගු ආහාර වේලක් උදව් වෙන බවත් ආමන්ඩ්, පිස්ටාචියෝ, ඔලිව් වගේ ඇට වර්ග බර අඩු කිරීම සම්බන්ධව හොඳ ප්‍රතිඵල ලබාදුන් බව තමයි පර්යේෂණ මඟින් සනාථ කරගෙන තිබෙන්නෙ.

කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩු කරයි

රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම සහ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩු කරන්න ආමන්ඩ්, හෙස්ල්නට් සහ පිස්ටාචියෝ කියන ඇට වර්ග යොදාගෙන කරන ලද පර්යේෂණවලිනුත් සනාථ කරගෙන තිබෙනවා. මෙහිදී රුධිරගත LDL එහෙමත් නැත්නම් නරක කොලෙස්ටරෝල් මට්ටම පහළ නංවා HDL එහෙමත් නැත්තම් හොඳ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නංවන්න දායක වෙලා තියෙනව කියලත් සඳහන් වෙනවා.

රුධිරගත සීනි මට්ටම අඩු කරයි

දෙවන වර්ගයේ දියවැඩියාව කියන්නෙ ලොව පුරා ලක්ෂ ගණනක පිරිසක් පීඩා විඳින රෝගයක් කියල ඔබ දන්නවා. කාබ්ස් වැඩිපුර අඩංගු ආහාර වෙනුවට ඇට වර්ග ආදේශ කරගැනීම මඟින් රුධිරගත සීනි මට්ටම පහත හෙලීම, රුධිර පීඩනය අඩු කිරීම සහ ඔක්සිකාරක ආතතිය අඩු කර දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරන බව පිස්ටාචියෝ ඇට වර්ගය ආශ්‍රිතව කරන ලද පර්යේෂණ ආශ්‍රිතව නිගමනය කර ඇතැයි සඳහන් වෙනවා.

දැවීම් / ප්‍රදාහය අඩු කරයි

ප්‍රදාහය එහෙමත් නැත්නම් Inflammation කියන්නෙ තුවාල, බැක්ටීරියා සහ අනෙකුත් හානිකර රෝගකාරකවලින් ශරීරය ආරක්ෂා කරන්න ශරීරය විසින්ම දක්වන ප්‍රතික්‍රියාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. නිදන්ගතව පවතින දිගුකාලීන ප්‍රදාහය අවයවවලට හානිකරන්නත් රෝග ඇතිවීමේ අවදානම වැඩි කරන්නත් හේතු වෙනව කියල සඳහන් වෙනවා. ඇට වර්ගවලට මේ ප්‍රදාහන් ඇතිවීමේ සම්භාවිතාව අඩු කරන්න හැකියාව තියෙනව කියල පර්යේෂණ මඟින් සනාථ කරගෙන තිබෙනවා.

ෆයිබර්වලින් සංතෘප්ත වේ

අපේ ශරීරයට තත්තු ජීර්ණය කරන්න හැකියාවක් නැතත් අපේ බඩවැලේ ජීවත් වන බැක්ටීරියාවලට ඒ හැකියාව තියෙනවා.බොහෝ තත්තු වර්ග මෙලෙස බැක්ටීරියා සඳහා ප්‍රෝබයෝටික් එහෙමත් නැත්නම් ආහාර ලෙස ක්‍රියා කරනවා. එමඟින් බඩවැල් ආශ්‍රිත සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කරන්නත්, දියවැඩියාව සහ තරබාරු බව ඇතිවීමේ අවදානම අඩු කරන්නත් හේතු වෙනවා.

ඉතිං ඇට වර්ග අනුභව කරද්දි ඔබට ගැළපෙන ප්‍රමාණ සහ ඇට වර්ග පිළිබඳ අවබෝධයක් ලබාගන්න. ඒ වගේම තමයි මේවායේ තියෙන ගුණ හරියට දැනගෙන ඔයාගෙ කෑමට මේ Nuts එකතුකරගන්න කිලත් අපි මතක් කරනවා.

අන්තර්ජාලය ඇසුරෙන්

ටෂ්මි ගමගේ ✍️
 

TAGGED: Nuts
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?