නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඇයම ගෙනා දළදා වහන්සේට,ශ්‍රී මහා බෝධියට දැන් ඇයට යන්න අකැපද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඇයම ගෙනා දළදා වහන්සේට,ශ්‍රී මහා බෝධියට දැන් ඇයට යන්න අකැපද

Published September 9, 2024

බෞද්ධයන් වන අපට බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් වන්දනා මාන කිරීම සඳහා මහර්ග වූ පූජණීය වස්තුන් දෙකක් ලැබී තිබෙනවා. බුදරජාණන්වහන්සේගේ වම් දළදා වහන්සේ වැනි ශාරීරික ධාතුන් වහන්සේ නමක් සේම, බුදුරජාණන්වහන්සේගේ පාරිභෝගික ධාතුන් වහන්සේ. හේමමාලි කුමරිය සිය සැමියා වු දන්ත කුමරුවන් සමඟ කෙස් කළඹේ සඟවා ගෙන දළදා වහන්සේ මෙරටට වැඩම කළ බැව් දාඨා වංශය වැනි ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වෙනවා. ඒ වගේම සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ විසින් ජයසිරිමහ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කළ බැව් බෝධි වංශයේ සඳහන් වෙනවා. මෙම පූජණීය වස්තූන් අපේ රටට වැඩම කළේ කාන්තාවන් වුණත්, අතීතයේ පටන්ම දළදා වහන්සේසේට සහ ජයසිරිමහ බෝධින් වහන්සේ වැඩ සිටින සමීපයට ගොස් වන්දනා මාන කිරීමට කාන්තාවන්ට අකැප සංස්කෘතියක් බිහි වී තිබෙනවා. සැබැවින්ම එවැනි පසුබිමක් නිර්මාණය වුණේ කෙසේද…?

ගින්දර සහ පුළුන් එක තැන තැබීම සුදුසු නැහැ.ජීව විද්‍යාත්මකව අප අතර පිරිමින් සහ කාන්තාවන් යැයි බෙදීමක් තිබෙනවා. විරුද්ධ ලිංගිකයන් අතර ආකර්ශනය වීමේ මනෝවිද්‍යාත්මක හැසිරීම් රටාවක් ගොඩ නැගෙනවා. මේ අනුව කාන්තා රූපයට පිරිමින් ආකර්ශනය වෙනවා සේම, පිරිමි රූපයට කාන්තාව ආකර්ශනය වීම සාමාන්‍ය දෙයක්. බිත්තියක ඇති කාන්තා චිත්‍රයක් දෙස බලා ගෙන කාමාස්වාදය ලබන පිරිමින් ගැන වගේම මුරගලක ඇති පිරිමි බහිරව රූපයක් බලාගෙන කාමාස්වාදය වින්දනය කළ කාන්තාවන් ගැනත් තොරතුරු අපට සාහිත්‍ය මූලාශ්‍රයන්හි සඳහන්.

නත්ථි රාගා සමෝ අග්ගී… රාගයට සමාන ගින්නක් නැත. කාන්තාවකගේ සමීප බව මනස කැලඹීමට, කෙලෙස් වර්ධනයට හේතු වෙන නිසා මෙවැනි සීමාවන් ගොඩ නැගෙන්නට ඇති. ප්‍රාතිමෝක්ෂය වැනි ග්‍රන්ථවල පෙන්වා දෙන අන්දමට කාන්තාවන් තනි පංගලමේ භික්ෂුවක් සිටින ස්ථානයකට යෑම සුදුසු නැහැ. එසේ යනවා නම් ඇය තවත් විශ්වාස කටයුතු අයෙකු සමග යා යුතුයි. මේ අන්දමින් සමාජය තුළ පවතින ස්ත්‍රි, පුරුෂ ආකර්ශනය නිසා යම් යම් ගැටළු ඇති වීමට ඉඩ ඇති නිසාවෙන්ම මේ අන්දමින් පූජණීය ස්ථාන වෙත කාන්තාවගේ සම්මාදම් වීම සීමා කිරීමට අතීතයේ පටන්ම නීති ගොඩ නගා ගන්නට ඇති.

කාන්තාව අපිරිසිදු වීම…

කාන්තාවක් වුණොත් ඇය මල්වර වෙනවා. දරුවන් ලබනවා. මෙය ජීව විද්‍යාත්මක රිද්මයක්. එහෙත් සමාජයේ මෙම තත්ත්වය “ කිළි ” ලෙසින් හැඳින්වෙනවා. ඒ වගේම ජීව විද්‍යාත්මකව කාන්තාවක් මාසික ඔසප් චක්‍රය නිසා බෙහෙවින් දුර්වල වෙනවා. රෝගී ස්වභාවයක් ගන්නවා. ඔසප් රුධිරය සමඟ ගෙවන දින කීපයම ඇය අපිරිසිදු ලෙසින් සැලකෙනවා. මේ තත්ත්වය නිසාත් කාන්තාවට පූජණීය ස්ථානයන්හි ස්පර්ශ කිරීම වෙනුවෙන් සීමාවන් පනවන්නට ඇතැයි සිතන්න පුළුවනි.

බෞද්ධ දර්ශයෙන් අනුමත නැහැ…

මෙවැනි මිථ්‍යා සංස්කෘතියක් තුළ අදටත් අප ජීවත් වුණත් බෞද්ධ දර්ශනයේ කිසිදු තැනක කාන්තාවන් වෙනුවෙන් මෙවැනි සීමාවන් පනවා නැහැ.

ඉත්ථිභාවෝ කිං කයිරා-චිත්තම්හී සුසමාහිතේ
ඤානම්හි වත්තමානම්හි-සම්මා ධම්මං විපස්සිසුං

ස්ත්‍රි භාවය කුමක් කරයිද..? හිත මනාව දැමුනු විට, ප්‍රඥාව හොඳින් ඇත්නම් මනා සේ ධර්මය දකින්න පුළුවනි. එසේනම් ස්ත්‍රීත්වය යනු ගැටළුවක් නොවේ. ථෙරි ගාථාවල රහත් බවට පත් ථෙරණින් වහන්සේලාගේ උදාන වාක්‍යයන්හි මෙසේ සඳහන් වේ.

නසො සබ්බේසු ඨානෙසු-පුරිසො හොති පණ්ඩිතො
ඉත්ථිපි පණ්ඩිතො හොති- තත්ථ තත්ථ විචක්ඛනා

හැම තැනම පුරුෂයා ස්ථානොචිත ප්‍රඥාවෙන් යුක්ත යැයි කියන්න බැහැ. කාන්තාවන්ද තැනට ගැළපෙන නුවණින් කටයුතු කිරීමේ හැකියාවෙන් යුක්ත වේ. මේ විදිහට හිතන විට ස්ත්‍රිත්වය යනු සමාජයේ අවතක්සේරුවෙන් සැලකීමට සාධාරණ හේතුවක් නැහැ.

නඡචඡා වසලෝ හොති – නඡචඡා හොති බ්‍රාහ්මණො
කම්මනා වසලො හෝති- කම්මනා හෝති බ්‍රහ්මණෝ

යම් පුද්ගලයෙකු වසලයෙකු හෝ බ්‍රහ්මණයෙකු වන්නේ උපතින් නොවේ. ඔවුන් ජීවිතයේ සිදු කරන ක්‍රියාවන් අනුව වසලයෙකු හෝ බ්‍රහ්මණයෙකු වීම තීරණය වේ. මේ අනුව බලන විට යම් පිරිමියෙක් පස් පව් කරමින්, දූෂිත කාය, වාග් සහ මනෝ කර්මවලින් යුක්තව හැසිරෙන්නේ නම් සැබැවින්ම හෙතෙම අපිරිසිදු චරිතයකි,එසේ නම් එවැනි පිරිමියාද අපිරිසිදු චරිතයකි. දළදා වහන්සේ වැඩ වසන ස්ථානයට හෝ ජයසිරිමහබෝධින් වහන්සේ වැඩ වසන උඩ මලුවට යෑමේදී සැබැවින්ම ආධ්‍යාත්මික පවිත්‍රතාවය වැදගත්ය. මෙම අදහස් බමුණු මතවාද මත ගොඩ නැගුන මිථ්‍යාවන් බැව් සඳහන් කරන්න ඕන.

දුවක් ඉපදීම පවා බරක්…

පුත්‍රිහි ජාතා මහතීය මහතීය චින්තා-කසෛයිව ප්‍රදේහතිමහාන් විතර්කං
දත්වා සුඛං ප්‍රාප්‍යසති වා න වේති-කන්‍යා පිතුත්ව කලු නාම කෂ්ටම්

බ්‍රහ්මණ සමාජය තුළ දියණියකගේ උපත පියෙකුගේ හිතට බරකි. ඇය ආවාහ විවාහ කර දීම වගේම විවාහය ආරක්ෂා කර ගෙන ජීවත් වෙයිද’’ එසේත් නැත්නම් විවාහය කඩා බිඳ දා ගනීද යන බියෙන් දියණියක ලද පියා නිරන්තරව ජීවත් වේ.සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ “ ධීතු ” සුත්‍රයේදී බුදුරජාණන්වහන්සේ කෝසල රජතුමාට මෙසේ සඳහන් කරනවා.ඤානවන්ත, සිල්වත්, පතිවත ආරක්ෂා කරන, සැමියාගේ මව්පියන් දේවත්වයෙන් සලකන කාන්තාවක විසින් බිහි කරන පුත්‍රයා රජකමට පවා සුදුස්සෙකු වේ.

ද්‍රෝණයක් ධාතුන්වහන්සේලා වැඩ වසන ස්වර්ණමාලී මහා චෛත්‍යය…

අපේ සමාජයේ තවමත් පවතින ගතානුගතික අදහස් අනුව දළදා වහන්සේගේ ආවතේව කටයුතු කාන්තාවට අකැපය. ජයසිරිමහ බෝධින් වහන්සේ වැඩ වන උඩමලුවට කාන්තාවන්ට පය තැබීමට තහංචි ඇත. ඒ වුණත් ද්‍රෝණයක් ධාතුන්වහන්සේලා වැඩ වාසය කරන ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන්වහ්නසේගේ පේසා වළලු මත හිස තබා වන්දනා කිරීමට කාන්තාවන්ට අවස්ථාව ඇත. මුලින් සඳහන් කරන ලද පූජණීය ස්ථානයන් අකැප වුණත් ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වන්දනා කිරීමටවත් ඇයට ලැබී ඇති අවසරය අගය කළ යුතු නොවේද?

ඒ වගේම අපේ රටට ජයසිරිමහ බෝධින් වහන්සේ වැඩම කරනු ලැබුවේ සංඝමිත්තා රහත් මෙහෙනින් වහන්සේය. මිහිඳු මහ රහතන් වහන්සේගේ සහෝදරිය ලෙසින් සංඝමිත්තා ආර්ය උත්තමාවිය මේ භාග්‍යය ලද්දාහ. නමුත් කාන්තාවන්ට බුදුරජාණන්වහ්නසේගේ පාරිභෝගික ධාතුන් වහන්සේලා ස්පර්ශ කිරීම සුදුසු නැත්නම් ඒ වෙනුවෙන් විකල්ප චරිතයක් යොදවා ගැනීමට මිහිඳු මහරහතන්වහන්සේට පූර්ණ නිදහස තිබුණි. දේවානම්පියතිස්ස රජතුමාගේ

අනුග්‍රහය නොමදව ලද යුගයක කාන්තාවකට මෙවැනි උතුම් කාර්යකට දායකත්වය ලබා දීම අකැප නම් එය පිරිමි පුද්ගලයෙකු ලවා වැඩම වීමට කිසිදු බාධාවක් තිබුණේ නැත. මෙහිදී මෙවැනි අදහසක් ඉදිරිපත් කිරීමට ඉඩ ඇත. සංඝමිත්තාවන් යනු උතුම් ආර්ය උත්තමාවියක් නිසා ඒ අවසරය ලැබෙන්නට ඇත. එසේ නම් මෙවැනි තර්කයක් අපට ඉදිරිපත් කළ හැක. අපි හැම දෙනෙක්ම කෙලෙස් සහිත චරිත නම් කාන්තාවන් පමණක් අපිරිසිදු චරිත ලෙසින් නම් කිරීමට නොහැක’ ගතානුගතික බමුණු මතවාදයන් මත පිහිටා කාන්තාවන්ට පමණක් මෙවැනි සීමාබන්ධන පැනවීම යුක්ති සහගත නැත.

කිරිබත්ගොඩ තැඹිලිගස්මුල්ල ශ්‍රි ධීරානන්ද
විද්‍යායතනයේ ආචාර්ය, කඩවත ”සිතු රුවන ”
මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ අනුශාසක
පුජ්‍යපාද ශාස්ත්‍රපති කොටියාගල සීවලී ස්වාමින්වහන්සේ


පුන්‍යා චාන්දනී ද සිල්වා







 

TAGGED: දළදා වහන්සේ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?