නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: එකතු කරගෙන පරණ බඩුකෑලී- ඔහු හදයි යකඩ වැඩකෑලී
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

එකතු කරගෙන පරණ බඩුකෑලී- ඔහු හදයි යකඩ වැඩකෑලී

Published September 2, 2024

“එකතු කරගෙන පරණ බඩුකෑලි
දිලෙන සියුමැලි යකඩ මනමාලි
දුටිමි මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගෙ යකඩ මනමාලි


සුවඳ මලකඩ පරවෙන්නෙ නැති යකඩ මල් බෝකී…
හිතෙන්නෑ විකුණන්න කොළඹට සියුමැලිම කෑලි
ඒත් පොඩි වුන් අඬනවා මඟ බලන් ඇති ගෑනි…
කැලේ ඇතුළෙම පරවෙනව බං හුඟක් මල් ජාති…”

කැලේ ඇතුළෙම පර වෙන මිනිස්සු අතර ලස්සනට පිපිල ලෝකෙට සුවඳ විහිදුවන මිනිස්සුත් මේ සමාජේ ඕන තරම් ඉන්නවා. සංජිව් ලෝන්ලියස්ගේ යකඩ මනමාලී ගීතයට පසුබිම් කතාව හදපු සමන්ත නැත්නම් හැමෝම දන්න කැලේ වැද්ද කියන්නේ ඒ වගේ කෙනෙක්. යකඩ එක්ක ඔට්ටු වෙලා ඔහු හදපු නිර්මාණ ගැන ගීත පවා ලියවෙන්නේ ඒ නිසයි. අද කතාව මේ අපූරු කැලේ වැද්ද ගැනයි…

සමන්තගේ පෞද්ගලික ජීවිතය ගැන කිව්වොත්…

මම සමන්ත කුමාර. බකමූන කිරි ඔය ගම්මානේ තමයි මම ඉන්නේ. මගේ විනෝදාංශය වගේම ජීවනෝපායත් කලාවත් එක්ක බැඳිල තියෙන්නේ. ලංකාවේ මේ වෙද්දී ටේ‍රන්ඩ් එකක් වෙලා තියෙන මෙට්ල් ආර්ට් නිර්මාණ කටයුතු මේ දවස්වල කරනවා. අහක දාන යකඩවලින් තමයි ඒ හැම නිර්මාණයක්ම හදන්නේ. ඊට අමතරව පේන්ටින්, කැටයම් පවා මම කරනවා.

ඇයි කැලේ ඉඳන් මේ නිර්මාණ කරන්නේ…?

කැලේ දුෂ්කර නිසා බොහෝ දෙනෙක් හිතන්නේ කැලේ ඉඳන් කලා නිර්මාණ හදන්න බැහැ කියල. ඒත් එහෙම නැහැ. නිදහසේ බාධාවක් නැතිව නිර්මාණ කරන්න පුළුවන්. කැලේ ඉඳන් මෙට්ල් ආට් කරන නිසා හැදුණ නම තමයි කැලේ වැද්ද කියන්නේ. තනි අලිය කියල කියන්නෙත් ඒ විදියට හැදුන නමක්.

කැලේ ඉඳන් යකඩ නිර්මාණ කරන්න පටන් ගත්තෙ මොන කාලෙද?

මම කැලේ ඉඳන් යකඩ එක්ක ඔට්ටු වෙලා මෙට්ල් අර්ට් නිර්මාණ කරන්න ගත්තේ 2015 දී වගේ.

කැලේ වැද්දගේ යකඩ මනමාලී සිංදුවෙන් කියවෙන්නෙත් සමන්තගෙ නිර්මාණයක් ගැන නේද?

කැලේ ඉදන් කොළඹ ලොකු හෝටල්වලට මම මෙට්ල් ආර්ට් කරල දෙනව. ඒ විදියට යකඩවලින් හදපු නිර්මාණයක් තමයි යකඩ මනමාලි කියන්නෙත්. මම ඒ විදියට කරපු නිර්මාණය පදනම් කරගෙන තමයි සන්ජීව් ලෝන්ලියස් ගායනා කරන කැලේ වැද්දගේ යකඩ මනමාලී ගීතය බිහි වෙන්නේ.

තනි අලියා කියන කන්සෙප්ට් එක ආවේ කොහොමද?

මම පරණ වාහානවලට කැමතියි. ඒ නිසාම පරණ ක්ලැසිකල් ස්කූටර් පදිනවා. ඉඩ ලැබෙන වෙලාවට ලංකාව පුරාම ස්කූටරෙන් යනවා. ස්කූටරේ තමයි මගේ යාළුවා. මම මෙට්ල් ආර්ට් කරන්න හොටලේකට යන්නෙත් මේ ස්කූටරෙන්. මම ආදරේට ස්කූටරේට කියන්නෙ තනි අලිය කියල. ඒ නිසයි ඒ නමින්ම කලා නිර්මාණත් ඉදිරිපත් කරන හිතුවේ. ඒ නමින් තමයි මාව හඳුනගන්නේ.

මේ වෙනකොට කරපු නිර්මාණ මොනවද?

මෙට්ල් ආර්ට් පැත්තෙන් හෝටල් ගණනාවකට නිර්මාණ කරල තියෙනවා.ඒ අතරින් උණවටුන අරලිය බීච් හොටෙල් එකේ දුනුකොළ ටොන් 13 කින් කරපු අඩි හතළිස් පහක උසින් යුක්ත මොණරගෙ නිර්මාණය. අලියා රිසෝට් ස්පා හොටෙල් එකේ තුන්පත් රෑන. ඒ වගේම යකඩ මනාමාලී ප්‍රසිද්ධ වුණා. මේ හැම නිර්මාණයක්ම යකඩවලින් හදල තියෙන්නේ.

මොනවද මෙට්ල් ආර්ට් කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය?

යකඩ තමයි වැඩිපුරම ඕන. ඉවතදාන යකඩ ආට් වැඩ කරන්න යොදාගන්නවා.

කොච්චර කාලයක් යනවද හදන්න…

මේ වගේ නිර්මාණයක් කරද්දී ඉවසීමක් තියෙන ඕන. මාස දෙක තුනක් විතර එක දිගට වැඩ කරන්න ඕන. නිර්මාණක් ඉක්මනට හදල දෙන්න බැහැ.

කලින් ස්ක්‍රිප්ට් එකක් හදාගන්නවද?

මට නිර්මාණ කරන්න කස්ටමස්ලගෙන් ඕඩර් ලැබෙනවා. හොටෙල් එකක නම් මම එතනට යනවා. ගිහින් පරිසරය, වටපිටාව බලල ගැළපෙන නිර්මාණ කරනවා. කස්ටමස්ලට අවශ්‍ය විදියට නිර්මාණ කරන්න හිතේ පොඩි දළ සැලැස්මක් ඇදගන්නවා. ඒකට අනුව තමයි වැඩ කරන්නේ.

මොනවද ආපු අභියෝග?

මෙට්ල් ආර්ට් නිර්මාණ කරද්දී යකඩ ඕන. යකඩ හොයාගන්න අපහසු අවස්ථා එනවා. ඒ වගේම මම ඉන්නේ කොළඹින් ඈත. යකඩවලින් හදපු බර නිර්මාණයක් කොළඹට ගෙනියන්න පහසු නැහැ. ඒත් පුළුවන් විදියට එන අභියෝගවලට මුහුණ දෙනවා.

පවනි දිලේකා ✍️

 

TAGGED: යකඩ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?