නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: තෑගිම නොවන තෑගි ඔප්පුව
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

තෑගිම නොවන තෑගි ඔප්පුව

Published August 26, 2024

පුද්ගලයන්ට හිමි දේපල තවත් පාර්ශවකට පැවරීම විවිධාකාරයෙන් සිදු වන අතර, එම ක්‍රම අතරින් ත්‍යාග ඔප්පු සම්බන්ධ නෛතික තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාවගේ දැනුම ඔපනන්වාලීිම සඳහා සහ ප්‍රායෝගික නීතියේ භාවිතය ඉතාම සරල  ආකාරයට පහත ලිපියෙන් විස්තර කෙරේ.

තෑගි ඔප්පුවක් යනු කුමක් ද?

යම් කිසි දේපලක්, දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, කලත්‍රයා හෝ යම් ඥාතිකුට නැතහොත් තෑගී ලැබුම්කරුට යම් කිසි බැඳීමක් ඇති ස්වභාවික ආදරය සහ කරුණාව මත පදනම්ව යම් පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු හට ලබා දීමේ හැකියාවක් පවතියි.

මේ තෑගී ඔප්පුවලදී පාර්ශවයන් අතර යම් මුදලක්/ ප්‍රතිෂ්ඨාවක් හුවමාරු වේද?

නැත. මෙහිදී හුදෙක් ආදරය සහ කරුණාව (Justa causa) ප්‍රතිෂ්ඨාව ලෙස සලකනු ලබයි.

තෑගී ඔප්පුවක තෑගී ලබුම්කරුවකු එම ත්‍යාගය භාරගැනීමට පැමිණීමට නොහැකිනම් කළ හැක්කේ කුමක්ද?

අදාළ තෑගී ලබුම්කරු බාලවයස්කරුවෙකු/ විදේශගත වූවකු හෝ වෙනත් යම් හේතුවක් මත පදනම් ව එම ඔප්පුව අත්සන් කිරීමට පැමිණීමට නොහැකි අයකු නම් එම තෑගී ලබුම්කරු වෙනුවෙන් වෙනත් අයෙකුට එම ත්‍යාගය භාරගැනීම සදහා අත්සන් තැබිය හැකි වේ.

තෑගී ඔප්පු වර්ග තිබේද?

ඔව්…

1. අවලංගු කළ හැකි ත්‍යාග ඔප්පු

මෙම ආකාරයේ ඔප්පුවකට “ත්‍යාගය අවලංගු කිරීමේ අයිතිය රදවා තබා ගනිමින් ත්‍යාගය ලබා දෙන්නේය” යන කොන්දේසිය මත අදාළ පැවරීම සිදු කොට ඇත්නම්, ත්‍යාගය අවලංගු කිරීමේ ප්‍රකාශන ඔප්පුවක් මගින් අදාළ ත්‍යාගය අවලංගු කළ හැකිය.

2. කිසිසේත් අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු

Ariyawathie Meemaduma vs. Jeewani Budhika Meemaduma ^2011& 1 SLR L.R.124-134′ (SC appeal number 68$2010& නඩුවෙන් අවලංගු කළ නොහැකි තෑගි ඔප්පුවක් අවලංගු කළ හැක්කේ සුදුසු අධිකරණයක නඩුවක් පවරා ඉන් ගරු අධිකරණය සෑහීමකට පත් වනවානම් පමණක් බවට තීරණය විය.

එම නඩු තීන්දුවෙන් අනතුරුව ඇතිවූ නවතම ප්‍රවණතාවක් වශයෙන් 2017 අංක 5 දරණ අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාව පදනම් කරගෙන අවලංගු කිරීමෙ පනත හදුන්වා දෙන ලදී. (Revocation of Irrevocable Deeds of Gifts on the Ground of Gross Ingratitude Act no.05 of 2017) එකී පනත ප්‍රකාරව, අවලංගු කළ  නොහැකි තෑගි ඔප්පුවක් අවලංගු කළ හැක්කේ නිසි අධිකරණ බලය ඇති අධිකරණයක් මගින් නිකුත් කරන ආඥාවකින් පමණි.

කොපමණ කාලයක් තුල අවලංගු කළ නොහැකි ත්‍යාගයක් අවලංගු කිරීම සදහා නඩු පැවරිය යුතුද?

පනතේ 3 වන වගන්තිය ප්‍රකාරව තෑගි ඔප්පුව අවලංගු කිරීම සදහා නඩුවක් පැවරිය හැක්කේ තෑගි ඔප්පුව ලියා සහතික කොට වසර 10 ක් ඇතුළත සහ එකී බලවත් අකෘතඥතාව සිදුවී වසර 2 ක් ඇතුළත පමණි.

3. ජීවිත භුක්තිය සහිත තෑගි ඔප්පු

ජීවිත භුක්තිය සදහන් කිරීමෙදී අවශ්‍ය නම් දීමනාකරුගේ හෝ දීමනාකරුට අවශ්‍ය ඕනෑම අයෙකුගේ සම්පූර්ණ ජීවිත භුක්ති බලය හෝ යම් විශේෂිත කොන්දේසිවලට යටත් වූ ජීවිත භුක්ති බලය සදහන් කොට ඔප්පුව සැකසිය හැක. එසේම ජීවිත භුක්තියක් සහිත තෑගි ඔප්පුවක් ඇසුරින් ඉඩමක් පැවරීමේදී ජීවිත භුක්තිකරු ජීවත්ව සිටී නම් ඔහුගේ/ඇයගේ අත්සන් ලබාගත් යුතු වේ.

ජිවිත භුක්තිය සහිතව පවතින ත්‍යාග ඔප්පුවක් බැංකුවකට උකස් කොට ණය ලබා ගැනීමේ හැකියාවක් පවතීද?

ඔව්. එවැනි ත්‍යාග ඔප්පුවක ජිවිත භුක්තිය හිමි අය විසින් අදාළ බැංකුව මගින් ලබා දෙනු ලබන නෛතික ලේඛන අත්සන් තැබීමෙන් අනතුරුව බැංකුව මගින් එම දේපල උකසට තබා ණය පහසුකමක් ලබා ගැනීමේ හැකියාව ඇත.

ත්‍යාග ඔප්පු ලියා සහතික කිරීමේදී වෙනත් නවතම විශේෂ නීති අදාළ වේද ?

ඔව්. නවතම විධිවිධාන ප්‍රකාරව පාර්ශවයන්ගේ අත්සන් සමග ඇඟිලි සලකුණු සාධන පත්‍රයේ තැබීම අනිවාර්ය වේ. මිට අමතරව නොතාරිස් පිටපතට පාර්ශවයන්ගේ මෑතකදී ලබා ගත ජයාරූප ඇලවිය යුතු වේ.

වර්තමානය වනවිට ත්‍යාග ඔප්පු වලද වටිනාකම සම්බන්ධයෙන් පළාත් ආදායම් කොමසාරිස්වරයාගේ මතය ලබා ගැනීමේ ප්‍රවණතාව සම්බන්ධව විමසුවොත්?

ත්‍යාග ඔප්පු සම්බන්ධයෙන් මුද්දර ගාස්තු ගෙවීම සදහා වටිනාකමක් යොදනු ලබන අතර, මේ හා සම්බන්ධයෙන් පළාත් අදායම් කොමසාරිස්වරයාගේ මතය විමසනු ලබයි. මේ සම්බන්ධයෙන් ඔබේ දේපල පිහිටි ප්‍රදේශයේ පළාත් අදායම් කොමසාරිස් කාර්යාලයට අයදුම් පතක් යොමු කිරීම හරහා අදාළ මුද්දර මතය ලබා ගත හැකි වේ.

නීතිඥ නෙත්මා ලියනගේ
nethsanduni@gmail.com


 

TAGGED: ත්‍යාග ඔප්පු
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?