නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: උස් අහසේ කරනම් පිට කරනම් ගසා මහ පොළොවේ දරුවන් වෙනුවෙන් පොත් ලියන විශ්‍රාමික කොමාන්ඩෝ මේජර්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

උස් අහසේ කරනම් පිට කරනම් ගසා මහ පොළොවේ දරුවන් වෙනුවෙන් පොත් ලියන විශ්‍රාමික කොමාන්ඩෝ මේජර්

Published August 26, 2024

සුජිත් සිරන්ජීව

විශිෂ්ටයන්ගේ පාරාදීසය ලෙස විරුදාවලිය ලබපු ශ්‍රී ලංකා කමාන්ඩෝ රෙජිමේන්තුව තුළ සේවයේ සිටිමින් ම්ලේච්ඡ ත්‍රස්තවාදී යුධ සමයේ තම දිවි දෙවැනි කොට යුද බිමෙහි සුරු විරුකම් පෑ විශිෂ්ටයකු වගේම මහපොළොවේ ඉඳලා යොදුන් ගණනාවක් උස් අහසෙහි සිට දිගහැරගත් පරිෂුටයකින් පොළොවට පනිමින් ඒ සමග වාර්තා පිට වාර්තාවන් තබමින් කමාන්ඩෝ රිජිමේන්තුව තුළ විශිෂ්ටයන් අතර සුවිශේෂයකු වූ සුවිශේෂී විරුවෙක් වන විශ්‍රාමික මේජර් සුජිත් සිරන්ජීව අද අපේ කතාබහට සම්බන්ධ වුණා.

කවුද මේ මේජර් සුජිත් සිරන්ජීව?

මගේ සම්පූර්ණ නම මග්ගොනගේ නිසාන්ත් පද්මලාල් සුජිත් සිරන්ජීව. මම ඉපදුනේ කළුතර. මගේ අම්මා පත්මිනී සෝමලතා, තාත්තා එම්. ලයනල්. ගැහැණු ළමයි තුන්දෙනෙක් ඉන්න පවුලක එකම පිරිමි ළමයා විදිහට තමයි මම හැදී වැඩුනේ. මේ වෙද්දී මම ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික මේජර් කෙනෙක්.

ඇයි ඔබට හමුදා සේවයට බැඳෙන්න හිතුණෙ?

ඇත්තටම පොඩි කාලේ අපිට සෙල්ලම් බඩු අරන් දෙද්දී වුණත් නංගිලා ලස්සන බෝනික්කෝ ගනිද්දි මම ගත්තෙ යුධ ටැංකියක්. ඉතින් ඒ කාලේ ඉඳලම හමුදාව ගැන මට තිබුණෙ ලොකු ආසාවක්. ඉතින් කළුතර ඥානෝදය විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ මාස තුන හතරක් ඉගෙන ගනිද්දී තමයි මම දැක්කේ ශ්‍රී ලංකා කමාන්ඩෝ රෙජිමේන්තුවට අලුතෙන් බඳවා ගැනීම් සිදු කරනවා කියලා පත්තරේ දැන්වීමක් පලවෙලා තියෙනවා.

පොඩි කාලේ ඉඳලාම මගේ තිබුණ ආසාවත් එක්ක මම ඒකට ඇප්ලිකේෂන් එකක් යොමුකළා. එතනදි 25000කට අධික අයදුම්පත් අතරින් තෝරා ගත්තේ 120ක වගේ පිරිසක් ඉඳුරාම බැඳවා ගැනීම අංක 01 යටතේ බඳවා ගත්තා. ඒ පිරිස අතරට මමත් තේරී පත්වුණා. ඒකෙදි කමාන්ඩෝ පාඨමාලා අංක 12 යටතේ 1986. 09. 29 දවසේ තමයි මම හමුදා සේවයට බැඳෙන්නෙ.ඉන් පස්සේ අවුරුද්දක කාලයක් අති දුෂ්කර පාඨමාලාවක් අවසානයේ මම කමාන්ඩෝ සෙබළෙක් විදිහට සේවයට එකතු වුණා.

යුද්ධයේ දරුණුම කාලයේදී හමුදා සේවයට බැf​ඳන එක ගැන පවුලේ අයට අකැමැත්තක් තිබුනෙ නැද්ද?

ඔව්, ඇත්තෙන්ම පවුලේ එකම පිරිමි දරුවා වුණෙත් මම. ඒ වගේම මට හිටියෙත් නංගිලා තුන්දෙනෙක්. හැබැයි මාව හමුදා සෙබළෙක් විදිහට දකින්න මගේ අම්මට ලොකු ආසාවක් තිබුණා. ඉතින් මට හමුදාව ගැන තිබුණ ආසාවත් එක්ක ඒ ගමන එන්න මට උදව් කළේ මගේ අම්මා. ඒ දවස්වල රටේ තිබුණ තත්ත්වයත් එක්ක මගේ තාත්තගේ නම් කැමත්තක් තිබුණෙ නැහැ මම හමුදා සේවයට යනවට.

කමාන්ඩෝ සෙබළෙක් විදිහට විවිධ ක්‍රියාන්විතත් එක්ක ගත කරපු ඒ කාලය ගැනත් මතක් කළොත්…

ඇත්තෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදාවේ අභිමානවත්ම ඒකකයක් තමයි මේ කමාන්ඩෝ රෙජිමේන්තුව. ඉතින් ඒ අභිමානවත් ඒකකයේ සාමාජිකයෙක් වීම ගැන ලොකු ආඩම්බරයක් වගේම අභිමානයක් මට හැමදාමත් තියෙනවා.

ඒ කාලය ගැන කතා කළොත් 1990දී කට්ටපරිච්චාන්වල සිදුවුණ සටනත් එක්ක හමුදාවට ඇති වුණු ඛේදවාචකය නිසා ඒ ව්‍යවසනයෙන් මිදෙන්න එවකට හිටපු අණදෙන නිලධාරි කර්නල් හඳපාන්ගොඩ සහ වර්තමාන විශ්‍රාමික මේජර් ජෙනරාල් ශ්‍රීනාත් රාජපක්ෂ වගේ අය එකතුවෙලා කුඩා කණ්ඩායම් සංකල්පය යටතේ ලංකාවේ පළවෙනි දිගු දුර ප්‍රහාරක කණ්ඩායම හැදුවා.

ඒකට සෙබලු බඳවා ගත්තේ ස්වේච්ඡාවෙන්. මොකද ගොඩක් කොන්දේසි එක්ක තමයි ඒ බඳවා ගැනීම සිදු කළේ. ඉතින් මමත් ස්වේච්ඡාවෙන්ම ඒ කණ්ඩායමට සම්බන්ධ වුණා. ඒක එකසියවිසි දෙනෙක් එකතුවෙලා කරපු කෝස් එකක්. ලංකාවේ පළවෙනිම දිගුදුර මෙහෙයුම් කණ්ඩායම වුණේ ඒක. එතනින් ආරම්භ කරපු ගමන මූතූර්වල තිබුණ ගලවා ගැනීමේ මෙහෙයුම දක්වාම මම දිගින් දිගටම ක්‍රියාන්විතවල යෙදුණා.

කමාන්ඩෝ රෙජිමේන්තුවේ පැරිෂුට් සෙබළෙක් විදිහට සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව ලැබෙනවා. අපි ඒ ගැනත් කතා කරමු…

ඇත්තෙන්ම කමාන්ඩෝ එකේ ඉන්න හැම කෙනෙක්ගෙම හීනයක් තමයි ස්කයි ඩයිවර් කෙනෙක් වෙන එක. නමුත් ඒකට තිබුණ අවම ප්‍රතිපාදනත් එක්ක ඒ පාඨමාලාවට යන්න තිබුණ අවස්ථාව සීමිත වුණා. 2002 වෙනකොට ස්කයි ඩයිවින්වලට ඉඳපු පස්දෙනා සහ පුහුණු කරපු තවත් කිහිපදෙනෙක්ගෙන් සමහරු විවිධ ආබාධවලට ලක් වුණා. තවත් සමහරු විශ්‍රාම ගියා.

ඒකත් එක්ක කර්නල් ජයසේකරත්, ජෙනරල් සුසිල් චන්ද්‍රපාල කියන දෙන්නා එකතුවෙලා මේ නැතිවෙලා යන ස්කයි ඩයිවින් නැවතත් යථා තත්ත්වයට පත් කරන්න සිංගප්පූරුවෙන් පුහුණුකරුවෙකු ගෙන්වලා ඒ යටතේ හතළිස් දෙනෙක් පුහුණු කරලා පස් දෙනෙක්වත් තෝරා පත් කර ගත්තා. ඉතින් ඒ පස්දෙනාගෙන් එක් අයෙක් වෙන්න මටත් අවස්ථාව ලැබුණා. නිදහස් ආර පැරෂුටින්වලදි මගෙ ගමනට සවියක් වුණේ කර්නල් සුජිත් ජයසේකර, මේජර් ජයලත් ගමාරච්චි වගේම කර්නල් ජේ. ඩී. සමරසේකර කියන අය.

පැරිෂුට් සෙබළෙක් විදිහට ලබපු ඒ අත්දැකීම ගැනත් මතක් කළොත්…

ඇත්තටම පැරිෂුට් සෙබළෙක් වෙන්න මට තිබුණ ආසාවත් එක්ක දිගින් දිගටම පැරිෂුට් පැනීම් සිදුකරලා යුද හමුදාවේ ප්‍රථම වරට පැරිෂුට් පැනීම් වාර දහසේ සීමාව පසු කරපු කෙනා වෙන්න මට හැකි වුණා. ඒ වාර්තාව වෙනුවෙන් යුද හමුදාපතිතුමන්ගේ සම්මානයට පාත්‍ර වෙන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ වගේමයි ඉන්දියාවේ සහ චීනයේ ලෝක ශූරතා පැරිෂුට් තරඟාවලි දෙකකටත් මම සහභාගී වුණා.

ලංකාවේ පැවති ආරක්ෂක සේවා තරඟාවලියේ ෆෝමේෂන් ස්කයි ඩයිවින්වලින් රිදී පදක්කම් දෙකක් වගේම ලෝකඩ පදක්කමක් දිනාගන්නත් මට හැකිවුණා. ලංකාවේ පළවෙනියටම අඩි 14000ක් ඉහළ සිට පහළට වැටෙන කොට පැරිෂුට් එක විවෘත වෙන්න කලින් කොඩියක් අරන් ආපු කෙනා විදියට රෙකෝඩ් එක තියන්නෙත් මම. ඒ වගේම තමයි විශේෂතම කාරණය වෙන්නෙ ලංකාවට ටැන්ඩම් පැරිෂුටින් ආගන්තුක වුණ කාලයක ටීෂා කියන සටන් සුනඛයත් එක්ක පැරිෂුට් එකකින් පැනලා දකුණු ආසියාවේ වාර්තාවක් තියන්නත් මම සමත් වුණා.

යුද හමුදාවට වගේම කමාන්ඩෝ රෙජිමේන්තුවටත් මේ තරම් ආදරය කරන ඔබ ඇයි ඉක්මනින් ම විශ්‍රාම යන්න තීරණය කළේ?

ඔව්, සාමාන්‍යයෙන් හමුදා නිලධාරියෙක් අවුරුදු 55 දී තමයි විශ්‍රාම යන්නේ. හැබැයි 2023 දී විශ්‍රාම යන්න ඉඳපු මම 2016 වසරේදී විශ්‍රාම යන්න තීරණය කළා. ඒකට එක හේතුවක් වුණේ නිදහස් ආර පැරිෂුට් පැනීම්වලදී මට යන්න තිබුණ දුර ගමන යන්න සමහරු මට ඉඩ දුන්නේ නැහැ. ඒ වගේමයි මගේ මේජර් නිලයත් එක්ක මට යන්න තිබුණ ගමන සමහර නිලධාරීන් එල්ල කරපු බාධා නිසා මට යන්න බැරිවුණා. ඉතින් ඒ කාරණාත් එක්ක මට ඇතිවුණු කලකිරීම නිසා තමයි මම විශ්‍රාම යන්න තීරණය කළේ.

විශ්‍රාම දිවිය කොහොමද ගතවෙන්නේ?

විශ්‍රාම ගත්තට පස්සේ මම පෞද්ගලික ආරක්ෂක සේවා සාමාගමක් පවත්වා ගෙන යනවා. ඒ වගේම තමයි මම ෆෙස්බුක් මාධ්‍යයේ අග්නි කියන පේජ් එක හරහා කමාන්ඩෝ ඉතිහාසය ලියන්න පටන් ගත්තා. ඒත් එක්කම අද වෙද්දී මම ලේඛන කලාවටත් පිවිසිලා ‘කට්ටපරිච්චාන් සටන‘ නමින් මගේම කියලා ග්‍රන්ථයකුත් ප්‍රකාශයට පත් කරලයි තියෙන්නේ.

මොකක්ද මේ ‘කට්ටපරිච්චාන් සටන‘ කියන පොත?

ඇත්තෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කරලා මේ රට වෙනුවෙන් යුද්ධ කරලා වීරත්වයෙන් මිය ගියපු සෙබලු ගණනාවක් ඉන්නවා. හැබැයි ඔවුන්ගේ නමින් ස්මාරකයක්, සිහිගැන්වීමක් මේ කිසිම දෙයක් නැහැ. ඒ නිසාම මම ත්‍රිකුණාමලයේ කට්ටපරිච්චාන් සටන සිදුවුණු තැනටත් ආපහු ගිහින් මේ ගැන හෙව්වා. මේ ගමනේදී සංජීව රත්නායක කියන යූටියුබර්ත් මාත් එක්ක සම්බන්ධ වුණා.

ඉතින් ඒ දේවල් හරහා තමයි මම මේ පොත ලියන්නේ. මාස හයක වගේ කාලයක් දිවා රෑ නොබලා මම මේ පොත ලිව්වා. ඇත්තටම අපේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ ගොඩක් අය මට මේ වැඩේට උදව් කළා. ඒ වගේම තමයි මේ පොත අලෙවියෙන් ලැබෙන මුදලින් හදවත් රෝගී දරුවන්ට ආධාරයක් විදියට Little hearts අරමුදලට මිලියනයක පරිත්‍යාගයක් කරන්නත්, කිසිවෙකුගේ රැකවරණයක් නැති විශ්‍රාමික කමාන්ඩෝ සෙබළුන්ට රැඳී සිටීමට නිවාසයක් සෑදීමටත් යොදවන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මේ නිසා මම මේ පොත පොත්සල්වලට දැම්මෙත් නැහැ. මේ ගැන වැඩිදුරු තොරතුරු ‘අග්නි’ ෆේස්බුක් පිටුවෙත් පළ කරලා තියෙනවා.

මේ වෙද්දි ඔබගේ පවුලේ විස්තර ගැනත් කිව්වොතින්..

ඔව්, මගේ මගේ බිරිඳ ලේඛ් සුදර්ශනී. මට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. නෙහාන්, කෙහාන්, සෙහාන් තමයි එයාලගේ නම්. මගේ මේ හැම වැඩ කටයුත්තකදීම මට හයියක් වෙන්නේ මගේ පවුල තමයි.

අභිමානවත් රණවිරුවෙක් විදිහට සමාජයට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?

ඇත්තෙන්ම අද සමාජයේ ගොඩක් දෙනකුගේ හිතේ ආසාව කියන දේ තියෙනවා. ඒ අය හිතනවා ආසාව විතරක් තිබුණම ගොඩක් දේවල් ලබාගන්න පුළුවන් කියලා. මටත් එහෙම ආසාවල් තිබුණා. මම මගේ ජීවිතේ හැම ආසාවක්ම ඉෂ්ට කරගත්තේ කැපවීමෙන් වැඩකරලා. මට අනිත් අයටත් කියන්න තියෙන්නේ ඔයාලටත් මොනවා හරි දේකට ආසාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ දේ වෙනුවෙන් කැපවෙන්න. එතකොට තමන් ආස ඉලක්කවලට හිතනවටත් වඩා හොඳින් යන්න ලැබේවි.

ටෂ්මි ගමගේ ✍️











 

TAGGED: කට්ටපරිච්චාන් සටන, කමාන්ඩෝ, හමුදා
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?