නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සියුමැලි ඇඟ පුම්බා ආසියාවේ තෙවැනි තැනගත් මධූෂි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සියුමැලි ඇඟ පුම්බා ආසියාවේ තෙවැනි තැනගත් මධූෂි

Published August 26, 2024

ලාංකීය සංස්කෘතිය තුළින් හැමවිටම කාන්තාව පාලනයකට ලක්වනවා. එවැනි සමාජ වටපිටාවක පටු සංස්කෘතික කඩුළු බිඳ හෙළමින් ලාංකීය ක්‍රීඩා වංශකතාවේ තවත් එක් වටිනා සන්දිස්ථානයක් සනිටුහන් කරන්නට සමත් වූ අතිදක්ෂ ක්‍රීඩිකාවක් සමඟයි අද අපේ කතාබහ.“56 වැනි ආසියානු කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේ” දී පිරිමි අංශයේ තරගවලින් මිනූෂ ප්‍රේමසිංහ ලක්මව රනින් සරසන විට ඊට නොදෙවෙනිව ස්වෝත්සාහයෙන්ම රටේ නම ලෝකයට ගෙන යන්නට වගේම ලාංකීය කාන්තා පෞරුෂය ලෝකය ඉදිරියේ ලෝකඩයෙන් සරසන්නට ඇය සමත් වුණා. ඒ තමයි මධූෂි සමරසිංහ…

ඇඟ වෙනස් කරලා ලෝකය දින්න,කවුද මේ මධූෂි

මගේ නම මධූෂි අමරසිංහ. මගේ ගම කෑගල්ල. මම අධ්‍යාපනය ලැබුවේ හලාවත ආනන්ද ජාතික පාසලෙන්. මේ වෙනකොට මම ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට ජිම් එකක රැකියාව කරනවා.

අපේ රටේ නම ජාත්‍යන්තරයේ සලකුණු කරන්න ඔබට හැකියාව ලැබුණා. ඒ ගැන මධූෂිට මොකද හිතෙන්නේ?

ආසියානු කලාපයේ සියලුම රටවල් සහභාගී වුණ “56 වැනි ආසියානු කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේ” දී 165 ජප ට වැඩි කාන්තා කායික ක්‍රීඩා තරග අංශයේ තෙවන ස්ථානය දිනාගෙන මගේ රටේ නම ලෝකයට ගෙනයන්න අවස්ථාව ලැබුණ එක ගැන ඇත්තටම ගොඩක් සතුටුයි.

මගේ රටට මම ගොඩක් ආදරෙයි. රට වෙනුවෙන් දෙයක් කරන්න මට ඉස්සර ඉදන්ම ලොකු වුවමනාවක් තිබුණා. ඒ දේ මට පුලුවන් උපරිම කැපවීමෙන් කරන්න ලැබුණ එක ගැන මට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්.

කාන්තාවන් වැඩිපුර තෝරා නොගන්නා මේවගේ ක්ෂේත්‍රයකට යොමුවෙන්න හිතුවෙ ඇයි?

මේක මම ජීවිතයේ ගත්ත නිවැරදිම තීරණයක්. මම ඒ ක්ෂේත්‍රය තෝර ගත්තට වඩා ඒ ක්ෂේත්‍රය මාව තෝර ගත්තා කිව්වොත් හරි. මොකද මම කරන රැකියාවත් එක්ක මම ඒකට ඉබේම යොමුවුණා.

ජයග්‍රහණයත් එක්ක ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මම නියෝජනය කළේ මගේ රට. මම ගෙනාවේ රටට ගෞරවයක්. හැබැයි කණගාටුවෙන් වුණත් කියන්න ඕන ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශය අද වෙනතෙක් අපි කාටවත්ම සුබ පතලාවත් නැහැ. ඒත් කියන්න සතුටුයි මගේ රටේ ජනතාව, ලෝකෙ පුරා ඉන්න ලාංකිකයන් මට හදවතින්ම එයාලගේ සුබපැතුම් එකතු කළා.

කවුද මේ ජයග්‍රහණය පසුපස මධූෂිට හිටපු ලොකුම ශක්තිය?

මගේ ලොකුම ශක්තිය මගේ පුහුණුකරු ජනක සමරසිංහ සර්. අද මම කාන්තා පුහුණුකාරිනියක් විදිහට මගේ රැකියාව පවා කරන්නේ සර්ගෙන් ලැබුණ අධ්‍යාපනය නිසා. ඒවගේම ක්‍රීඩිකාවක් විදිහට මට අවශ්‍ය රැකවරණය, ශක්තිය හැමදේටම සුදුසු වටපිටාව නිර්මාණය කරල දුන්නෙත් සර්.

කාන්තාවක් නිසා මේ වගේ දෙයකට යොමුවෙන්න ගෙදරින් අවසර ලැබුණද?

ඇත්තටම පොඩිකාලේ ඉඳලා අම්මටයි තාත්තටයි ඕන වුණේ මගේ අධ්‍යාපන දක්ෂතා බලන්න.

මගේ අසනීප තත්ත්වයන් නිසා මම ක්‍රීඩාවට යොමුවෙනවට එයාලා එතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. මම ඉගෙන ගත්ත නීති විෂය පැත්තකින් තියලා මේ ක්ෂේත්‍රයට යොමුවීම මගේ තනි තීරණයක්.

ඒකට ගෙදරින් බාධා කළෙත් නැහැ. අවසර දුන්නෙත් නැහැ. මධ්‍යස්ථව හිටියා. හැබැයි දැන් එයාලා මං ගැන ගොඩක් ආඩම්බර වෙනවා.

ඔබ හිතනවද කාන්තාවකට මේ ක්ෂේත්‍රය සුදුසුයි කියලා?

ඇත්තටම පිරිමින්ට, ගැහැනුන්ට කියල හැමදේම වෙන්කිරීම් තියෙන්නේ ගොඩක් දුරට ලංකාවෙ විතරයි. මම නම් හිතන්නේ එහෙම බෙදීමක් අවශ්‍ය නැහැ. කාන්තාවන් පිරිමින්ට සාපේක්ෂව ඉක්මණට වයසට යනවා. ඒ නිසා ශාරීරිකවත්, මානසිකවත් හොඳ පෞරුෂයක් ගොඩනගා ගන්න මේ ක්ෂේත්‍රය කාන්තාවන්ට බෙහෙවින්ම උපකාරී වෙනවා.

මින් පෙර ඔබ ලැබූ ජයග්‍රහණ මොනවද?

ලංකාවේ ප්‍රථම වතාවට කාන්තාවක් විදිහට මම තමයි ආසියානු කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතාවලියට සම්බන්ධ වුණේ. ඒ වගේම ගිය අවුරුද්දෙ පැවති “55 ආසියානු කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේ” දී 165 ජප ට වැඩි කාන්තා කායික ක්‍රීඩා තරග අංශයේ හතරවෙනි ස්ථානය රට වෙනුවෙන් ජයග්‍රහණය කළේ.

මේ ආපු ගමන්මග එතරම් සුව පහසු නොවෙන්නට ඇති. මොනවද මුහුණ දුන් අභියෝග?

මම මුහුණ දීපු ලොකුම අභියෝගය තමයි මූල්‍යමය අභියෝගය. මොකද මේ තරඟයට සහභාගී වෙන්න අවශ්‍ය කිසිම දෙයකට රජයෙන් හෝ ලංකාවේ ක්‍රීඩාවට අතහිත දෙනවා කියල උදම්අනන කිසිඳු ආයතනයකින් කිසිම සහයෝගයක් ලැබිලා නැහැ.

ඒ සියලුම දේවල් මමම රැකියාව තුළින් හම්බකරගත්ත දේවල් සහ වැඩ කරන “හයි ඔක්ටෙන්” කායවර්ධන මධ්‍යස්ථානයේ මගේ සහෝදර පුහුණුකරුවන් කිහිප දෙනෙක් සහ ක්ලයන්ට්ස්ලා කිහිප දෙනෙක් දීපු  සහයෝගය.

ඒ වගේම කාලය කියන දේත් මට ලොකු අභියෝගයක් වුණා. රැකියාව කරන ගමන් ඒ හැමදේම සමබර කරගෙන කරපු ලොකු කැපකිරීමක ප්‍රතිඵලයක් තමයි මගේ මේ ජයග්‍රහණය.

මධූෂිගේ අනාගත බලාපොරොත්තු මොනවද?

මගේ ලොකුම බලාපොරොත්තුව තමයි වර්ල්ඩ් චැම්පියන්ශිප් එකකින් රන් පදක්කමක් දිනාගෙන මගේ රට ජාත්‍යන්තරය තුළ තව තවත් බබලවන එක. ඒ වගේම තමයි මාව අනුගමනය කරල මේ ෆීල්ඩ් එකට එන්න ඉන්න නවකයන්ට ආරක්ෂිත තැනක් එයාලට හදලා දෙන එක.

ලාංකීය සුවහසක් කාන්තාවන් වෙත ඔබ ලබාදෙන පණිවුඩය මොකක්ද?

තමන්ට හීනයක්, බලාපොරොත්තුවක් තියෙනවා නම් තමන්ගෙ උපරිමයෙන් ඒකට කැපවෙන්න. කිසිම වෙලාවක කාන්තාවක් කියල තව කෙනෙක් මත යැපෙන්න උත්සාහ කරන්න එපා. කවුරු මොන දේ කිව්වත් තමන්ගේ ගමන නතර කරන්න හිතන්නවත් එපා. ඒ වගේම දවසක අපි ලබන ජයග්‍රහණය නිහතමානීව භුක්ති විඳින්න පුරුදු වෙන්න.

දුම්ෂා විජේසිංහ ✍️















 

TAGGED: කායවර්ධන, මධූෂි සමරසිංහ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?