නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ආතතියෙන් මිදෙන්න Diary එකක් ලියන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ආතතියෙන් මිදෙන්න Diary එකක් ලියන්න

Published August 19, 2024

කාලයත් සමඟ මිනිස්සු තාක්ෂණය තමන්ගේ සමීපතමයා බවට පත්කර ගැනීමත් එක්ක සමහර පුරුදු අපෙන් ටික ටික අතහැරෙනවා. අතීතයේ බොහෝ දෙනෙක්ගේ දෛනික පුරුද්දක් වුණ දිනපොතක් භාවිත කිරීමේ පුරුද්දත් අන්න ඒ වගේ. දිනපොතක කොටස් වෙන වෙනම ඇතුළත් කරපු විවිධ යෙදවුම්, උදාහරණ ලෙස Google Calendar” To – do – list සහ Notepad අද අපි භාවිත කරත් ඒවා සහ දිනපොතක් භාවිත කිරීම තරමක් වෙනස් බව ඔබ දන්නවාද? ඉතින් අපෙන් ගිලිහිලා යන දිනපොතක් භාවිතයේ ඇති වැදගත්කම ගැනයි අද සටහන.

ඔබේ ලිවීමේ හැකියාව සහ කලාත්මක හැකියාව වැඩිදියුණු කරයි

සාමාන්‍යයෙන් අපි බොහෝ දෙනෙක් දිනපොතක් භාවිත කරන්නේ එදිනෙදා ජීවිතයේ සිදුවීම් සටහන් කරගන්න. හැබැයි කෙනෙක්ට තමන්ගේ සිතට දැනෙන, හැඟෙන ඕනම දෙයක් වචනවලට, සිතුවමට පෙරලන්න පුළුවන් තැනක් තමයි මේ දිනපොත කියන්නේ. මේ නිසා අපි නොදැනුවත්වම අපේ ලිවීමේ, සිතීමේ සහ කලාත්මක හැකියාවන් වැඩිදියුණු වෙනවා.

ඔබට ඔබ ගැන පෙන්වා දෙයි

ජීවිතය කියන්නේ හරි අපූරු නවාතැනක්. සතුට, දුක, ජයග්‍රහණ, පසුබැසීම් එක්ක ඉදිරියට යන අපි දවසක ආපස්සට හැරිලා බැලුවොත් තමන් ගැන සතුටු වෙන්න, ආඩම්බර වෙන්න අවස්ථාවක් දිනපොත අපිට හදල දෙනවා. අනිත් අය ඔයා ගැන තීන්දු තීරණ දෙනවාට වඩා ඔබම ඔබ ගැන අදහසක් ගන්න එක ගොඩක් වටිනවා. ඒකට හොඳම ක්‍රමය තමයි දිනපොත.

මානසික ආතතිය අවම කරයි

සමහරවිට ඔබ එදිනෙදා ජීවිතයේ සිදුවන සමහර සිදුවීම්වලින් අතිශයින්ම මානසික පීඩනයට පත්වෙලා ඉන්න පුළුවන්. ඔබේ අදහස් බෙදාගන්න විශ්වාසවන්ත කෙනෙක් නැතුව නිතරම පසුතැවිලි වෙනව වෙන්නත් පුළුවන්. ඉතිං රාත්‍රී නින්දට යන්නට පෙර දිනපොතක් භාවිත කරල දවසේ සිදුවුණ සිදුවීම්, ඒ ගැන ඔබ සිතන දේ, දුක, සතුට හැමදේම දිනපොතේ සටහන් කරන්න. මේ නිසා මනස සැහැල්ලු කරගන්න වගේම මානසික පීඩනය, විශාදය වැනි තත්ත්වයන් ඇතිවීම අවම කරගන්නත් හොඳ නින්දක් ලබා ගන්නත් ඔබට පුළුවන්. මතක තබා ගැනීමේ හැකියාව වැඩි කරමින් එදිනෙදා වැඩකටයුතු ක්‍රමවත් කරයි.

එදිනෙදා සිදුවීම් දිනපොතක සටහන් කරද්දී ඒවා ආවර්ජනය කරන නිසා ඒ පිළිබඳ වැඩිපුර මතකයේ තැන්පත් වෙනවා. වැදගත් සිදුවීම් සියල්ලත් ඔබ නොදැනුවත්වම සටහන් කරගෙන තබාගන්න නිසා අවශ්‍ය වූ විටක එයින් නැවත ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන්. ඉතිං, අද ඔබේ දිනපොත දවසක නිදහසේ වාඩිවෙලා කියවද්දි ඔබේ ජීවිතයේ සොඳුරු මතක ආවර්ජනය කරගන්න ඔබට උදව් වේවි.මේ නිසා ඔබ කොතරම් තාක්ෂණය හා බද්ධ වුණත්, කාර්යබහුල වුණත් අනාගතයේ දවසක ජීවිතය ආවර්ජනය කරල සතුටු වෙන්න අදම දිනපොතක් ලියන්න පටන් ගන්න.

අන්තර්ජාලය ඇසුරෙන්
දුම්ෂා විජේසිංහ

TAGGED: Diary
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?