නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බුදුදහමට අනූව මනස සන්සුන් කරගන්න.
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බුදුදහමට අනූව මනස සන්සුන් කරගන්න.

Published August 19, 2024

මුදල් පසුපස හඹායන ලෝකයක මිනිසුන් එකිනෙකා පරදා ඉදිරියට යන්න හැල්මේ දුවනවා. හැබැයි බොහෝ දෙනෙක්ට මහන්සියේ තරමට ප්‍රතිඵල ළඟා කර ගන්න බැරිව හිතින් විඳවනවා. ඔබ දැන සිටියාද ජීවිතයේ සාර්ථකත්වයට යන ගමනට ගතේ ශක්තිය වගේම මනසේ සන්සුන්බව ඍජු බලපෑමක් කරනවා කියලා. ඉතින් සන්සුන්බව කැටිකරගත් තෘප්තිමත් ජීවිතයක් ළඟාකරගන්න, සාර්ථකත්වයේ මග විවර කර ගන්න නිරන්තර මඟපෙන්වීම් සිදුකරන බෞද්ධ දර්ශනයේ සරල නමුත් බලවත් ඉගැන්වීම් ඔබගේ ජීවිතයට පුරුදු කරගන්න පුළුවන්.

මනා සිහිකල්පනාව සහ භාවනාව පුහුණු කරගන්න.

අපි කුමන අවස්ථාවක කුමක් සිදුකළත් එය නිවැරදිව සාර්ථක ලෙසින් සිදුකිරීමට නම් මනා සිහිකල්පනාව අත්‍යවශ්‍යම දෙයක්. යම් අවස්ථාවක මනා සිහිය ගිලිහී යාමක් සිදුවුණොත් ඔබට ජීවිතය තුළ අනපේක්ෂිත අපහසුතාවයන් රැසකට මුහුණපාන්න සිදුවන අවස්ථාවන් බහුලයි.

මේ නිසා බුද්ධ දර්ශනය තුළ ඉගැන්වෙන විදිහට සාර්ථක ප්‍රීතිමත් ජීවිතයක් බලාපොරොත්තු වන ඔබ හොඳ සිහිය දෛනික ජීවිතයට එකතු කරගන්න. ඒ වගේම තමයි මනා සිහිය වර්ධනය කර ගන්නත්, මනස සන්සුන් කරමින් හැඟීම්වලට වහල් නොවූ ප්‍රීතිමත් ජීවිතයක් ළඟා කරගන්නත් සුදුසුම උපක්‍රමය තමයි භාවනාව. ඉතින් බුද්ධ දර්ශනයට අනුව අභ්‍යන්තර සන්සුන්භාවය වර්ධනය කරගනිමින් හැඟීම් පාලනය කරන්න මනා සිහිය සහ භාවනාව ජීවිතයට හුරු කරගන්න.

සරල ජීවන රටාවකට හුරු වෙන්න

ජීවිතය තුළ අවශ්‍යතාවයන් දිනෙන් දින වැඩි වීමත් එක්ක ජීවිතය සංකීර්ණත්වය කරා පරිවර්තනය වන බව ඔබ අප හොඳින්ම දන්නා කරුණක්. හැබැයි මොහොතකට සිතන්න අවශ්‍යතාවයන් මහ ගොන්නක් තිබුණේ නැති ළමා කාලයේ ජීවිතය කොතරම් නම් සරලද? බුද්ධ දර්ශනය සඳහන් වන ආකාරයට අනවශ්‍ය අවශ්‍යතාවලින් ඈත්වුණ සරල ජීවන රටාවකට හුරුවීම සන්සුන් ජීවිතයක් කරා ඔබව රැගෙන යනවා.

ජීවිතය සරල වෙන්න වෙන්න දැනෙන විඳින අවුල්සහගතභාවයන් අඩු නිසා තමන්ගේ ජීවිතයේ මූලිකම ඉලක්කයන් කරා පිය නගන්න ඔබගේ පුළුල් අවධානය ඒ වෙත යොමුකරන්න හැකියාව උපරිමයෙන් ලැබෙනවා. ඉතින් බුද්ධ දර්ශනය අනුව යමින් ජීවිතය සාර්ථක කරගන්න සංකීර්ණතාවයෙන් තොර සරල ජීවන රටාවකට හුරුවෙන්න.

දයානුකම්පාව සහ කරුණාව එකතු කරගන්න

දයානුකම්පාව සෑම කෙනෙකුගේම ජීවිතය තුළ තිබිය යුතුම ගුණාංගයක්. බුද්ධ දර්ශනයට අනුව සෑමවිටම අනෙකා කෙරෙහි සංවේදී වීම, උදව් උපකාරයන් අවශ්‍ය වූ විට දෙවරක් නොසිතා උපකාර කිරීම වගේම අන්අයට ඇහුම්කන්දීම පරාර්ථකාමී යහපත් මිනිසුන් තුළ ඇති ගුණාංගයන්. ඒ වගේම මේ තුළින් ලැබෙන මානසික තෘප්තිමත්භාවය, යහපත් සබඳතා වර්ධනය නිසා ධනාත්මක පරිසරයක් තුළ සාර්ථක ජීවිතයකට ගොඩගන්න පුළුවන්.

නොඇලීම හුරුකර ගන්න

බුද්ධ දර්ශනය තුළ ඉගැන්වෙන ආකාරයට යමක් කෙරෙහි ඇලී සිටීම දුකට මූලිකම හේතුවක්. ඒ නිසාවෙන් ඕනෑම දෙයක් කෙරෙහි ඕනෑවට වඩා ඇලී සිටීම එතරම් සුදුසු දෙයක් නොවෙයි. හැබැයි එයින් අදහස් වන්නේ ජීවිතයේ ඇති ඉලක්ක, සබඳතා මුළුමනින්ම අත්හැරීමම නොවෙයි. ඒ වෙනුවට ජීවිතය තුළ ඇතිවන වෙනස්කම් එක්ක නම්‍යශීලී වෙමින් පෙරලුන පිට හොඳයි කියලා ඉදිරියට යාමයි. ඒ අනුව කිසිම දෙයකට වැඩි ඇලීමකින් නොසිටීම සතුට පිරි ජීවිතයකට හේතුවක්.

ස්තූතිවන්ත වන්න

බුද්ධ දර්ශනයෙන් කියන්නේ ස්තුතිවන්තභාවය සන්සුන් සාර්ථක ජීවිතයේ යතුර බවයි. සෑමවිටම තමා තමාටම වගේම අනෙකා කෙරෙහි ස්තුතිවන්තවීම ඔබේ ජීවිතයට තෘප්තිමත් බවක් එකතු කරනවා. මේ නිසාවෙන් සෑම දිනකම ආරම්භය සහ අවසානය ස්තුතිවන්තභාවය ගැන යමක් සිහිපත් කරමින් පටන් ගන්න වගේම අවසන් කරන්න. එය සන්සුන්බවින් යුතු සාර්ථක, තෘප්තිමත් ජීවිතයකට ඔබ රැගෙන යයි.

සොබාදහම සමඟ ගණුදෙනු කරන්න

සොබාදහම කියන්නේ මිනිසුන්ගේ ජීවිතයට ලැබුණු ලොකුම දායාදයක්. දැඩි වෙහෙසකර දවසක අවසානය සොබාදහමත් එක්ක මුසුවෙලා ගෙවා දමන්න ලැබෙනවා නම් එය අපගේ ජීවිතයේ ආතතීන් දුරුකර හරින්න ලොකු සහයෝගයක්. අභ්‍යන්තර සන්සුන්භාවය සහ මානසික නිදහසින් සපිරි සාර්ථක ජීවිතයකට සොබාදහමට ආදරේ කරමින් ඒ හා සම්බන්ධ වීම බෙහෙවින් වැදගත් බව බුද්ධ දර්ශනය පෙන්වා දෙනවා.

ඉතින් සාර්ථක සන්සුන් ජීවිතයකට සොබාදහම ඔබේ ජීවිතයේ ළඟම මිතුරා කරගන්න අමතක කරන්න එපා.සන්සුන්බවින් යුතු සාර්ථක මෙන්ම ධනාත්මක ජීවිතයක් බලාපොරොත්තු වන ඔබත් අදම බුද්ධ දර්ශනයේ ඉගැන්වෙන මේ යහපත් හුරුපුරුදු ඔබේ දෛනික ජීවිතයේ කොටසක් කරගන්න මතක තබාගන්න.

Timesofindia ඇසුරෙන්

දුම්ෂා විජේසිංහ ✍️

TAGGED: භාවනාව
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?