නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඉස්සරහ වගේම පිටිපස්සෙත් ලස්සන ගැන හිතන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඉස්සරහ වගේම පිටිපස්සෙත් ලස්සන ගැන හිතන්න

Published July 29, 2024

හැමෝම වගේ ලොකු උනන්දුවක් දක්වන්නේ තමන්ගේ ගෙවත්තේ ඉදිරිපස කොටස සුන්දරව තියාගන්න එක ගැන විතරයි. හැබැයි එහෙම හිතලා විතරක් මදි. ගෙවත්තේ පිටුපස කොටසේ අලංකරණය ගැනත් අපි අපේ අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් එහෙම කෙනෙකුට තමන්ගේ ගෙවත්ත ලස්සන කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන තමයි අද කියලා දෙන්නේ.

මල් බංකුවක්

මේ වැඩේ කරන්න නම් ගෙවත්තේ ලොකු ඉඩත් නොමැති වුණත් පුළුවන්. මේ වගේ මල් බංකුවක් ගෙවත්තේ ඉදිරිපසට වඩා ගැළපෙන්නේ පිටුපසටයි. ගොඩක් දෙනාගේ ගෙවත්ත පිටුපස පාළුවට යනවා. ඒ පාළුව, අසුන්දර පෙනුම මකලා දාන්න උදව් වෙන හොඳ උපක්‍රමයක් තමයි මේ ක්‍රමය.

පොඩි හට් එකක්

පවුලේ බැඳීම් වැඩි කර ගන්න මේ හට් එක ඔබට උදව් වේවි. පවුලේ අයට නිවාඩු වෙලාවට ගිහින් කතා කර කර ඉන්න, කන්න බොන්න, චෙස් සහ දාම් වගේ ක්‍රීඩා කරන්න මේ හට් එක උදව් වේවි.

ප්‍රධාන නිවසින් වෙන් වුණ නිවසක්

ඔබට තනි වෙන්න අවශ්‍ය වුණාම, පාඩුවේ ඉන්න අවශ්‍ය වුණාම මේ වගේ තැනක් ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ලේඛකයෙක්, චිත්‍ර ශිල්පියෙක් ඉන්න නිවසකට මේ වගේ වෙන් වුණ නිවසක් අනිවාර්යයෙන්ම වැදගත් වේවි. පැයකට දෙකකට තමන්ගේම ලෝකයක තනි වෙන්න ආස අයට පුළුවන් මේ අදහස ගැන සලකලා බලන්න.

Rain Garden

ඔබේ ගෙවත්තේ බෑවුම තියෙන්නේ පසුපස පැත්තට නම් මේ ක්‍රමය ඔබට ගොඩක් වැදගත් වේවි. වර්ෂාවේ ජලය ඔබේ ගෙවත්තේ පසුපසට ගලා යන්නේ නම් ඔබට පුළුවන් ගෙවත්ත පිටුපස මල් වවන්න. වැඩි වෙහෙසක් දරන්න, සාත්තු කරන්න අවශ්‍ය නැති මල් පැල තමයි ඔබ මේ වෙනුවෙන් තෝරා ගන්න ඕනේ.

ඉඳගන්න පුටු

ගෙවත්ත පසුපසට බෙන්ච් දැමීමත් හොඳ අදහසක්. ඔබේ මිතුරෙක් එහෙම නිවසට ආවම ඔබ දෙදෙනාට එලියට ගිහින් කතා කරන්න හොඳ තැනක් මේ. හැබැයි පුටු තෝරා ගනිද්දී අව්වට සහ වැස්සට ඔරොත්තු දෙන ස්වභාවයේ එකක් තෝරා ගන්නවා නම් වඩාත් හොඳයි. නිවසක ගෙවත්තේ ඉදිරිපස සුන්දරත්වය ගැන විතරක් හිතන එක මදි. ගෙවත්තේ පිටුපස අලංකරණය කෙරෙහිත් අපි අපේ අවධානය යොමු කරන්න ඕනේ.

ඇවිදින්නට මාවතක්

සමහරුන් පුරුදු වෙලා ඉන්නවා උදේට ඇවිදින්න. එහෙම කෙනෙක්ට මේ වගේ දෙයක් ඒ වගේ කෙනෙක්ට නම් මේ වගේ අදහස් ප්‍රයෝජනවත් වේවි.

සිහින නිවහනක්

කලාත්මක නිවෙස්වලට ගොඩක් දෙනෙක් කැමතියි. අනිත් එක සමහර විට ඔබේ හිතේ ඇති විදිහේ නිවෙස් අද කාලෙට ගළපෙන්නෙත් නැහැ. ඉතින් මේ වගේ වෙලාවට ඔබට සිදු වෙනවා අකමැත්තෙන් වුණත් හැමෝම හදන විදිහේ ගෙයක් හදා ගන්න.

හැබැයි ඔබට පුළුවන් ඔබේ හිතේ තිබුණු අදහසට ගැළපෙන්න බොහොම පුංචියට නිවසක් හෝ කාමරයක් ඔබේ ගෙවත්තේ පසුපසින් හදන්න. එතකොට ඔබට වැඩි වියදමක් දරන්න වෙන්නෙත් නැහැ. ඔබේ සිහිනයත් ඉටු වෙනවා.

ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී
රංජිත් කළුආරච්චි


අර්චිත ඉඳුවර ✍️

 

TAGGED: අලංකරණය, ගෙවත්ත
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?