නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බර අඩුනොකර බර පාලනය හීනයක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බර අඩුනොකර බර පාලනය හීනයක්

Published July 15, 2024

මැෂින් එකක් වුණත් කාර්යක්ෂමව කාලයක් පුරාවට වැඩ කරන්න නම් ඒකට නිසියාකාර නඩත්තුවක් ඕනෙ. ඉතින් ඒ වගේම තමයි අපේ ශරීරයත්. අපේ ශරීරයටත් නිසියාකාරයේ නඩත්තුවක් නැති වුණොත් අපේ ශරීරයත් අකර්මන්‍ය වෙන්න පුළුවන්. අද වෙනකොට තියෙන කාර්යබහුල ජීවන රටාවටත් එක්ක ගොඩක් දෙනාට තමන්ගේ ශරීරය ගැන හිතන්නත් අමතක වෙලා. ශරීරය ගැන හිතද්දි අපි හැමවෙලාවෙම ශරීරයේ බර පාලනය කරන එක ගැනත් හිතන්න ඕන. ඉතින් ඒ ගැන හිතන ඔයා දැනගන්නම ඕන දෙයක් තමයි අද අපි ඔයාට කියලා දෙන්න යන්නේ. බර පාලනය කියන කාරණාවට ගහට පොත්ත වගේ සම්බන්ධයක් තියෙන තවත් දෙයක් තමයි ව්‍යායාම කියන්නේ ව්‍යායාම නොකර බර පාලනය කරන්න විශේෂයෙන්ම බර අඩු කරන්න ඔයත් හිතෙනවනම් ඇත්තටම ඒක හීනයක්.

ඉතින් බර අඩු කරන්න උත්සාහ කරන ඔයාට කරන්න පුළුවන් ව්‍යායාම ගැන ඔයාව දැනුවත් කරලා ඔයාව නිරෝගීව වගේම හැඩට තියන්න පුළුවන් විදියට ඒ ව්‍යායාම ඔයාගේ දෛනික ජීවිතයට එකතු කරගන්න විදිය ගැන ඔයාට කියන්න අපි හිතුවා. ඉතින් මේ ලිපිය බර අඩු කරන්න උත්සාහ කරන ඔයා වෙනුවෙන්මයි.

අපි මුලින්ම බලමු මේ Cardio ව්‍යායාම එහෙමත් නැත්නම්, Aerobic ව්‍යායාම කියන්නේ මොනවද කියලා. මේ ව්‍යායාමවලට පුළුවන් ඔයාගේ හෘද ස්පන්දන වේගය වැඩි කරන්න වගේම ඔයාගේ පෙනහළුවල ක්‍රියාකාරීත්වයත් වැඩි කරන්න.

ඒවගේම තමයි මේ හරහා ඔයාගේ හදවතට රුධිරය පොම්ප කිරීමේ හැකියාව වගේම පෙනහළු ප්‍රවර්ධනය කරන්නත් උදව් වෙනවා.

ඒ විතරක් නෙවෙයි ඔයාගේ ශරීරයේ ශක්තිය, මාංශ පේශී සහ විඳ දරාගැනීම වර්ධනය කරන්න අවශ්‍ය වෙන ශක්තිය පුහුණු කරන්නත් මේ ව්‍යායාම උපකාර වෙනවා.

ඔයා දන්නවද මේ ව්‍යායාමය ප්‍රතිරෝධක පුහුණුව කියලත් හඳුන්වනවා. එහිදී බර ඉසිලීම වගේ ව්‍යායාම හරහා ඔයාගේ ශක්තිය වගේම විඳ දරා ගැනීමත් ගොඩනගනවා.

ඔයාගේ ශරීරයෙන් වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කරන්නත් මේ කාඩියෝ ව්‍යායාම උපකාරී වෙනවා. ඔයාගේ බර අඩු කරගන්න වගේම මාංශ පේශී පටක ගොඩනැගීම වළක්වන්නත් ශක්තිමත් කරන්නත් මේ ව්‍යායාම හේතු වෙනවා.

ඉතින් මේ සරල ලිපිය හරහා අපි අද ඔබට ඉදිරිපත් කරපු උපදෙස් වගේම මේකේ අන්තර්ගතයත් සාමාන්‍ය තොරතුරු පමණක් වන අතර, මේ ගැන සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගෙන් අසා වැඩිදුර තොරතුරු ලද දැනගෙන මේවාට යොමු වෙනවානම් ඒක ඔයාට වඩාත්ම ඵලදායී වේවි.

dnaindia.com ඇසුරෙන්

ටෂ්මි ගමගේ ✍️
 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?