නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මොකක්ද මේ කේවියට් තහනමක් කියන්නේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

මොකක්ද මේ කේවියට් තහනමක් කියන්නේ

Published July 8, 2024

ඉඩම් සම්බන්ධව අධිකරණයට ගියොත් ලේසියෙන් අවසන් නොවන නඩුවකට පැටලෙන්න පුළුවන් බව හැමෝම කියන දෙයක්, ඒ නිසා ඉඩම් නඩු එක්ක බැඳී තිබෙන විවිධ ලේඛණ සහ ක්‍රියා මාර්ගයන් කිහිපයක් වන කේවියට් තහනම, ලිස්පෙනඩනය සහ පූර්වතා දැන්වීම පිළිබඳව කෙටි හැදින්වීමක් කරන්නයි අද බලාපොරොත්තු වෙන්නේ…

කේවියට් තහනමක් යනු කුමක් ද?

යම් ඉඩමක් සම්බන්ධයෙන් සබඳතාවක් ඇති දේපලක් සම්න්ධව යම් ලේඛනයක් ලියාපදිංචියට ඉදිරිපත් වූ විට එය ලියාපදිංචි කිරීමට පෙර තමන්ට දැන්වීමක් කරන ලෙස ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ එම ඉඩමට අදාල පත් ඉරුවේ ලියාපදිංචි කරන දැන්වීමක් ලෙස කේවියට් තහනම හැඳින්විය හැකියි. මෙම කේවියට් තහනම වසර දෙකක කාලයක් සඳහා ලියාපදිංචි කළ හැකිය.

කේවියට් තහනමක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය මොනවද?

ඒ සඳහා කේවියට තහනමක් සකස් කර එහි පිටපත් දෙකක් සමඟ ඉඩමට ඇති සම්බන්ධතාවය පිළිබඳව දිවුරුම් ප්‍රකාශයක් සහ නීතීඥ ප්‍රකාශයක්, ඉඩමේ අවසාන පත් ඉරුව, කේවයට තහනම් දැන්වීම, කේවියට්කරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් යන ලේඛණ අදාළ ඉඩමේ පාර්ශවයන් ගණනට අදාළව පිටපත් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ලබා දීමෙන් පසුව කේවියට තහනම අදාළ පත්ඉරුවේ ලියාපදිංචි කරනු ලැබේ.

කේවියට් තහනමක් හැමෝටම ලියාපදිංචි කරන්න පුළුවන් ද?

මේ සම්බන්ධව වර්තමානයේ වර්ෂ 2022 අංක 32 දරණ ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනතට ගෙන එන ලද සංශෝධනයය මගින් කේවියට් තහනම සම්බන්ධයෙන් යම් යම් වෙනස්කම් සිදුව පවතින බව පැවසිය යුතුයි. ඒ අනුව පෙරදී යම් ඉඩමක් සඳහා කිසිදු සම්බන්ධතාවයක් නොමැති තැනැත්තෙකුට වූවද කේවියට් තහනමක් ලියාපදිංචි කිරීමේ හැකියාවක් පැවතියත් මේ වනවිට අදාළ කේවියට් තහනම ලියාපදංචි කරන ඉඩම සඳහා තමන්ට ඇති සම්බන්ධතාවය තහවුරු කිරීම සිදු කළ යුතුයි.

එමෙන්ම, පෙරදී ඕනෑම පුද්ගලයෙකුට තනිවම කේවියට් තහනමක් ලියා පදංචි කිරීමේ හැකියාවක් පැවතියත් මෙම සංශෝධනයත් සමග නීතීඥවරයෙකු මගින් නීතීඥ ප්‍රකාශයක් ඉදිරිපත් කළයුතුයි.

ඒ අනුව කේවියට් තහනමක්, කේවියට්කරුට ඔහුගේ ඇටර්නි බලකරුට, කේවියට්කරු බාලවයස්කරුවෙක් නම් හෝ මානසික අබාධ සහිත පුද්ගලයෙකු නම් අදාළ පුද්ගලයාගේ නීත්‍යානුකූල භාරකරුට හෝ සහායක මිත්‍රයාට කේවයට් තහනම ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

මගේ ඉඩමට කේවියට් තහනමක් ලියාපදිංචි කරලා මම මොකද කරන්නේ?

යම් පුද්ගලයෙක් ඔබගේ ඉඩම සඳහා කේවියට් තහනමක් ලියාපදිංචි කරන්නේ නම් ඔබ විසින් අදාළ කේවියට් තහනම් පිළිබඳව ඉඩම් ලියාපදංචි කිරීමේ කාර්යාලය මගින් එවනු ලබන දැන්වීම තැපැල් කළ දින සිට දින 60 ක් ඇතුළත දිසා අධිකරණය ඉදිරියේ නඩුවක් පවරා කරණු ඔප්පුකිරීම තුළින් ඉවත් කරවා ගැනීමට හෝ නීතීඥවරයෙකු හරහා කේවියට්කරුට දැනුම් දීමෙන් අනතුරුව කේවියට්කරු විසින්ම කේවියට් තහනම ඉවත් කර ගැනීමට හැකියාව පවතී.

ලිස්පෙන්ඩනයක් යනු කුමක් ද?

ලිස්පෙනඩනයක් යනුවෙන් හැඳින්වෙන්නේ යම් ඉඩමක් සම්බන්ධයෙන් නඩුවක් පවතින බවට එම ඉඩම පිලිබඳව උනන්දුවක් දක්වන අයට දැන දැනගැනීමට සැලැස්වීම සඳහා ලියාපදිංචි කරන ලේඛනයකි. ලිස්පෙන්ඩනයක් අධිකරණය විසින් පැමිණිල්ලක් භාර ගැනීමෙන් පසු ඕනෑම අවස්ථාවක ලියාපදිංචි කළ හැකිය. ලිස්පෙන්ඩනය අදාල ඉඩමට සම්බන්ධ නියමිත පත් ඉරුවේ ලියාපදිංචි කළ යුතුය.

ලිස්පෙන්ඩනය වැදගත් වන අවස්ථා…

බෙදුම් නඩුවකදී නම් ලිස්පෙන්ඩන ලියාපදිංචි කිරීම අනිවාර්යය වන අතර, බෙදුම් නඩු පනත, 1997 අංක 17 දරන සංශෝධිත පනතින් සංශෝධනය කිරීමෙන් පසු පිටපත් තුනකින් යුතුව ලිස්පෙන්ඩන පැමිණිල්ල සමග ගොනු කරමින් අදාළ ඉඩම පිහිටි ප්‍රදේශයේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලිසිපෙන්ඩනය ලියාපදංචි කළ යුතු අතර යම් ඉඩමක් පත්ඉරු කිහිපයක ලියාපදිංචි කර ඇත්නම් ඒ සෑම පත්ඉරුවකම ලිස්පෙන්ඩනය ලියාපදිංචි කිරීම වඩාත් වැදගත්වේ.

බෙදුම් නඩුවකදී ලිස්පෙන්ඩන ලියා පදිංචි කිරීමේ වැදගත්කම හා එහි බලපෑම කුමක්ද ?

ලිස්පෙන්ඩනයක් නිසි පරිදි ලියාපදිංචි නොවීම නිසා නඩුවක් නිශ්ප්‍රභා කළ යුතු බවට බෙදුම් නඩු පනතේ ප්‍රතිපාදන නොමැති බවට නඩුවලදී තීරණය වී තිබුණ ද ලිස්පෙන්ඩනය නිසි පරිදි ලියාපදිංචි කිරීමෙන් පසුව නඩුවට අදාල ඉඩමෙන් කිසිම කොටසක් ඉවත් කිරීමට බෙදුම් නඩු පනතේ ප්‍රතිපාදන නොමැති බවද නඩුවලදී තීරණය වී ඇත.

එමෙන්ම ලිස්පෙන්ඩනය ලියාපදංචි වීමෙන් පසුව සිදු කරනු ලබන පැවරීම් වලංගු පැවරීම් නොවන අතර, එවැනි අවස්ථාවන් හිදී එකී බෙදුම් නඩු තීන්දුවට යටත් කොට ඉඩම් කොටස් මිලදී ගැනීමේදී අවදානම් සහගත තත්ත්වයක් පවතින බව ඔබට වැටහෙනු ඇත.

පූර්වතා දැන්වීමක් යනු කුමක් ද?ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනත අනුව ලියාපදිංචි කරන ලද ලේඛනවලට ප්‍රමුඛතාව ලැබේ. ඒ අනුව යම් ඉඩමක් සම්බන්ධයෙන් ඔප්පුවක් ලියාපදිංචි කිරීමෙන් පසු ලියාපදිංචි නොකරන ලද ලේඛනයකට වඩා ප්‍රමුඛතාවයක් ඊට හිමිවන අතර ඉඩමක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයෙකුට එකී ඉඩම මිලට ගැනීමට පෙර සිටම පූර්වතාවයේ වාසිය ලියාපදිංචි කර තැබීමේ හැකියාවක් ඇත.

එය පූර්වතා දැන්වීම ලෙස හඳුන්වයි.තවද පූර්වතා දැන්වීමක් වලංගුව පවතින විට එම ඉඩම සම්බන්ධයෙන් වෙනත් ගැනුම්කරුවකුගේ ඔප්පුවක් ලියාපදිංචි කරනු ලබන්නේ පූර්වතා දැන්වීම ඉදිරිපත් කළ ගැනුම්කරුගේ ලිඛිත කැමැත්ත ඇතිව පමණි.

නීතීඥ චතුරංග හතුරුසිංහ
chathurangadaal@gmail.com
✍️

 

TAGGED: low, කේවියට් තහනම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?