නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කොල්ලුවලින් විස්කෝතු හදන කෙල්ලෝ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

කොල්ලුවලින් විස්කෝතු හදන කෙල්ලෝ

Published July 1, 2024

කොල්ලු කිව්වාම අපේ සිහියට නැගෙන්නේ ඖෂධීය ගුණ ඇති පානයක්. එහෙමත් නැත්නම් වෑංජනයක්. නමුත් අනාගතයේදී කොල්ලු අමුද්‍රව්‍ය විදිහට යොදාගත් බිස්කට් එකක් අප අතරට එක් වුණොත්? මේ වෙන විට කොල්ලු බිස්කට් එකක් නිෂ්පාදනය කිරීමට රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා ආහාර සැකසුම් තාක්ෂණය පිළිබඳ පාඨමාලාව හදාරන පළමු වසර සිසුන් කණ්ඩායමක් සමත්ව සිටිනවා. මේ ගැන අදහස ඉදිරිපත් කරමින් පී. එල්. එම් සත්සරනි මෙසේ සඳහන් කළා.

කොල්ලු බිස්කට් එකේ නිෂ්පාදනයට දායක වුණ කණ්ඩායම ගැනත් කියන්න

විශ්වවිද්‍යාලයේ පළමු වසරේ අපි පස් දෙනෙක් එකතු වෙලා මේ නිෂ්පාදනය බාරගත්තා. පී. එල්. එම්. සත්සරනි, ඩබ්. එම්. පී. ප්‍රියදර්ශනී, එම්. ඩබ්. එස් පියුමාල, ඩබ් එම්. සී. තුෂාරි සහ ආර්. එම්. එම්. එච්. රණතුංග මේ පස් දෙනාගේ කණ්ඩායමට ඇතුළත්.

කොල්ලු අමුද්‍රව්‍යයක් විදිහට යොදාගත්තේ කොහොමද?

Macrotyloms uniflorum යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කොල්ලු Leguminosae කුලයට අයත් වෙනවා. ඉන්දියාව, බුරුමය, මදුරාසිය වැනි ප්‍රදේශවල වගේම ලංකාවේද කොල්ලු වගා වෙනවා. කොල්ලු පෝෂණයෙන් ඉහළ ආහාරයක්. රනිල කුලයට අයත් කොල්ලුවල ගුණ ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ වගේම සුලබව ආහාරයට ගන්නෙත් නැහැ.

මුත්‍රාකාරක ගුණයෙන් යුක්ත කොල්ලු අර්ශස් රෝගයටත් ගුණදායකයි. කාන්තාවන්ගේ ඔසප් දෝෂයන්හිදී සහනය ලබාදෙන කොල්ලු දරුවන් ලැබීමෙන් පසුව ඇතිවන පසු ප්‍රසව සංකුලතාවන් වෙනුවෙන් ගුණදායක වේ. ප්ලිහාව සහ අක්මාව ඉදිමුමට ගුණ ලබාදෙන කොල්ලු වාත දුරු කරන ශක්තියෙන් ඇති බවට වූ පිළිගැනීමක් ඉතාම ඉහළින් පවතිනවා. ඊට හේතුව වන්නේ සාමාන්‍ය වාත වේදනාවන්හිදී කොල්ලු සුදුලූනු තම්බා බීමට අපි දක්වන උනන්දුවයි.

කොල්ලු ග්‍රෑම් සියයක ගුණ

  • ශක්තිය – කැලරි 321
  • තෙතමනය – ග්‍රෑම් 11.8
  • ප්‍රෝටීන් – ග්‍රෑම් 22.0
  • මේදය – ග්‍රෑම් 0.5
  • කාබොහයිඩ්ඩ්‍රේට් – ග්‍රෑම් 37.2
  • කැල්සියම් – මිලිග්‍රෑම් 287
  • පොස්පරස් – මිලිග්‍රෑම් 311
  • යකඩ – මිලිග්‍රෑම් 71
  • තයමින් – මයික්‍රොග්‍රෑම් 420
  • රයිබොප්ලේවින් – මයික්‍රොග්‍රෑම්200
  • නයසින් – මිලිග්‍රෑම් 1.5
  • විටමින් සී – මිලිග්‍රෑම් 1

මල බුරුල් කරන හැකියාවක් ඇති කොල්ලු පණු රෝග සඳහා ගුණදායකය. කොල්ලු තම්බාගත් වතුර ඉතා ගුණදායක අතර උදෑසන ආහාර වෙනුවෙන් තම්බාගත් කොල්ලු ආහාරයට ගැනීමට අතීතයේදී බොහෝ දෙනා හුරු පුරුදුව සිටියහ. කබලේ බැදගෙන කොටා කෝපි මෙන් පානය කරන අතර තරබාරුව මට්ටු කිරීමට ඉතා ගුණදායකය. දකුණු ඉන්දියාවේ අශ්වයන් වෙනුවෙන් වූ ආහාරයක් ලෙසින්ද කොල්ලු භාවිත වුණා.

මේ විදිහට අතීතයේ පටන් හොඳින් හුරු පුරුදු කොල්ලු අපේ ව්‍යාපෘතියේදී බිස්කට් එකක් විදිහට වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට අපි අදහස් කළා.මුලින්ම අපි වෙළෙඳපොළ අධ්‍යනයක් කළා. කොල්ලු බීජ සහ කොල්ලු පිටි හැරුණාම වෙනත් අතුරු නිෂ්පාදනයක් තිබුනේ නැහැ. ඒ වගේම වෙළෙඳපොළ තුළ බිස්කට් වෙනුවෙන් හොඳ ඉල්ලුම තිබෙන නිසා අපි කොල්ලුවලින් බිස්කට් එකක් හදන්න හිතුවා.

නිෂ්පාදනය ගැන කිව්වොත්

කොල්ලු බිස්කට් එක සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදනයක්. තන්තු සංයුතිය ඉහළයි. සීනි ප්‍රතිශතය අඩුයි. ඒ නිසා දියවැඩියා රෝගීන්ටත් ගුණදායකයි. කොල්ලු බීජ ප්‍රරෝහණය කරගෙන යොදාගත් නිසා පෝෂණ ගුණය වගේම ප්‍රෝටීන් අවශෝෂණය ඉහළින්ම තිබෙනවා. කෘතිම වර්ණකාරක, බැදුම්කාරක හෝ රසකාරක කිසිවක් යොදාගත්තේ නැහැ. කොල්ලුවල අන්තර්ගතව ඇති ස්වභාවික වර්ණය ඒ විදිහටම තිබෙනවා.ඒ වගේම බිස්කට් එක නිෂ්පාදනයේදී කොල්ලුවවල තිබෙන ස්වභාවික තන්තුවලට කිසිම හානියක් සිදුනොවන විදිහටම යොදා ගත්තා.

බිස්කට් එකේ සෞඛ්‍ය ප්‍රතිලාභ මොනවාද?

මුලින් සඳහන් කළ අන්දමට මෙහි ඇති තන්තු දියවැඩියා රෝගීන්ට ගුණදායකයි. පෝෂක ගුණ බහුල නිසා ශරීර බර පාලනයටත් හොඳ ආාහරයක්. කිරිදෙන මව්වරුන්ගේ කිරි උත්තේජනය වෙනවා. ඒ නිසා කිරිදෙන අම්මලාටත් ගුණයි. අක්මාව, පිත්තාශය සහ මුත්‍රාශය වැනි අවයවන්හි ක්‍රියාකාරීත්වය යහපත් පරිදි සිදුකර ගැනීමටත් හැකියාව ලැබෙනවා.

මුල්ම හඳුන්වා දීම

අපේ විශ්වවිද්‍යාලයේ පවත්වන Foodex ප්‍රදර්ශනය වෙනුවෙන් අපේ කණ්ඩායමේ කොල්ලු බිස්කට් එක ඉදිරිපත් කළා. ඒ ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබුණ අනෙකුත් නිෂ්පාදන අතරින් අපේ කොල්ලු බිස්කට් එක දෙවැනි තැන ලබාගත්තා. එතැනින් අවසාන වුණේ නැහැ. Pro food සහ Pro pack ආහර ප්‍රදර්ශන වෙනුවෙනුත් අපේ කොල්ලු බිස්කට් නිෂ්පාදනය ඉදිරිපත් කළා. එහිදී Most commercially viable
process catagary යටතේ ශුරතාව ලබාගත්තා.

මුහුණ දුන් අභියෝග

අපට මේ බිස්කට් එක නිෂ්පාදනය කරද්දී වැරදීම් සිදුවුණා. කීපවතාවක්ම අත්හදා බලන්න සිදුවුණා. පිපනේනේ නැහැ. හයිය ගතියකින් තිබුණා. අපට අවශ්‍ය වුණේ වෙන කිසිම සංයෝගයක් නැතුව බිස්කට් එක සකස් කරන්න. මේ වෙනුවෙන් යොදාගන්නා අමුද්‍රව්‍ය මාත්‍රාවන් ගැන කීප වතාවක්ම අත්හදා බැලුවා. අපට අවශ්‍ය වුණේ වෙනත් කිසිම බැදුම් කාරකයක් එකතු කරන්නේ නැතුව මේ බිස්කට් එක නිෂ්පාදනය කරන්න.

අවසානයේදී කොල්ලු පිටි 100% ක්ම යොදාගත් කොල්ලු බිස්කට් එක අපි නිෂ්පාදනය කළා. මේ බිස්කට් එක රවුම් හැඩයෙන් යුක්තයි. බැලු බැල්මට ඉඟුරු බිස්කට් එකකට සමානයි. ඒ වගේම බිස්කට් එකේ puff ගතිය රඳවා ගැනීමට අපි “වැකුම් ඩ්‍රයර් “ එකක් භාවිත කළා.කොල්ලු බිස්කට් එක වයස අවුරුද්දට වැඩි ඕනෑම කෙනෙකුට සුදුසුයි. කොල්ලු දිරවන්න අපහසු නිසා වගේම මේ බිස්කට් එකට සීනි යොදන නිසා වයස අවුරුද්දට වඩා අඩු දරුවන්ට නම් නිර්දේශ කරන්නේ නැහැ.

නිෂ්පාදනයට නමක්

අපේ නිෂ්පාදනය Tyflorum button biscut යනුවෙන් නම් කළා. අපි ග්‍රෑම් 50 බැගින් අසුරණ සකස් කළා. අපි ඉදිරියේදී දරුවන්ටත් ගුණදායක කොල්ලු බිස්කට් නිෂ්පාදනයක් ඉදිරිපත් කරන්න අපි අදහස් කරනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love4
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?