නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බෝධි පූජාවක් කරලා සෙත් පතන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බෝධි පූජාවක් කරලා සෙත් පතන්න

Published June 17, 2024

ප්‍රාග් බෞද්ධ යුගයේදී ගස්, ගල් සහ වෘක්ෂ වන්දනාවට අනුගමනය කළ සමාජය බුදු රජාණන් වහන්සේගේ පහළ වීමත් සමග එවැනි මිථ්‍යා ඇදහීම්වලින් දුරස් වුණා. නමුත් අපි අදටත් බෝධි පූජාවන් පැවැත්වීම වෘක්ෂ වන්දනාවකට යොමු වීමක් යැයි කෙනෙක් කියන්න පුළුවන්.

පාරිභෝගික ධාතුන් වහන්සේ

බුදුවරයකුට බුදුවීමට පිට දීමෙන් උපකාර වන බෝධින් වහන්සේ නමක් බෝසත් උපත සමඟම උපත ලබනවා. ගෞතම බුදු රජාණන් වහන්සේට බුදුවීමට උපකාර වුණ ඇසතු බෝධිය වගේම යශෝධරා දේවිය, ඡන්න ඇමති සහ කන්ථක අශ්වයා යන “සහජාත වස්තු” බෝසත් උපත සමඟම උපත ලැබුවා.

වෙසක් පුර පළොස්වක පොහොය දිනයේදී සිදුහත් බෝධිසත්වයන් බුදුබව ලැබුවේ ඇසතු බෝ රුකට පිටදීමෙන්. එතැන් පටන් ඇසතු බෝ වෘක්ෂය “ බෝධිය ” බවට පත් වුණා. බෝධිය කියන්නේ අවබෝධයයි.බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලබා සතියක් බෝධි මූලයේ වැඩ සිටියා.

එයින් අනතුරුව දෙවන සතියේදී තමන් වහන්සේට බුදුවීමට පිට දි උපකාර වුණ බෝධින් වහන්සේ දෙස සතියක් ඇසිපිය නොහෙලා හෙවත් අනිමිසලෝචන පූජාව පවත්වමින් කෘත ගුණ දැක්වූවා. ඒ නිසා බෝධින් වහන්සේ යනු අපේ ගෞතම බුදු රජාණන් වහන්සේගේ පාරිභෝගික ධාතුන්වහන්සේ නමක් ලෙස පූජනීයත්වයට පත් ත්‍රිවිධ බෝධින් වහන්සේලාගෙන් එක් නමක් බැව් සඳහන් කළ යුතුයි.

විද්‍යාත්මක පිළිගැනීම

බෝධි වෘක්ෂයෙන් “විද්‍යුත් ශ්‍රාවය ” නිකුත් වෙනවා. ඒ වගේම බෝ පත්වල තුඩ පහළට නැමී තිබෙනවා. බෝධි වෘක්ෂය සෙලවෙන්නේ පත්‍රවලින්. සාමාන්‍යයෙන් බෝධින් වහන්සේ නමක් අසල සිටින විට බෝපත් සෙලෙවෙන නාදය ඔබගේ මනසට ශාන්තියක් බැව් අත්දැකීමෙන් දන්නවා ඇති.

මෙහිදී අපි බෝධීන් වහන්සේ ඉදිරියේ අපේ සෘණාත්මක සිතුවිලි මුදා හරිනවා. එවිට අපේ මනස සන්සුන්. සන්සුන් මනසේ ධනාත්මක බවක් පහසුවෙන් ගොඩ නැගෙනවා. අපේ මනස සැබැවින්ම සුවපත් වෙන ශක්තියක් බෝධින් වහන්සේ නමක් අසලදී ඇති වෙනවා. මේ පිළිවෙත අද විද්‍යාවෙන් හඳුනාගෙන තිබෙන “Natural healing ” පිළිවෙතට සමානයි.

සෙත් ශාන්ති ලැබීම සඳහා බෝධි පූජාවන් පැවැත්වීම

පෙර සංසාරයේ අප විසින් කරන ලද කුසල් සහ අකුසල් අනුව අපේ ජීවිතයේදී විවිධ දුෂ්කර අවස්ථාවන් ඇතිවනවා. ඒ වගේම අපේ ජීවිතයේ විවිධ ඉලක්ක තිබෙනවා. අධ්‍යාපනය, විවාහය, දරුවන් ලැබීම එතැන් පටන් දරුවන්ගේ දියුණුව විදිහට ජීවිතාන්තය දක්වා ඇති මෙවැනි සංසිද්ධීන්වලදී අපි බෝධි පූජා පවත්වමින් පිහිට පතනවා. ඒ හැර ඇතැම් අය තමන්ගේ ජීවිතයේ කායික මානසික සංහිඳියාව වෙනුවෙනුත් බෝධි පූජා පවත්වනවා.

නිවැරදි බෝධි පූජාවක් වෙනුවෙන් අවශ්‍ය දේවල්

නිවැරදි බෝධි පූජාවකදී අපි මේ උතුම් පූජාව පවත්වන්නේ බුදු රජාණන් වහන්සේට බුදුවීමට පිට දී උපකාර වුණ බෝධියට බැව් සිහි තබා ගත යුතුයි. ඒ නිසා තෙල්, මල්, පහන්, සුවඳ දුම්, ගිලන්පස, දැහැත් ආදීය රැගෙන යෑම වැදගත්.බෝධි පූජාවට යන විට ඔබ කායික ලෙසින් මෙන්ම මානසිකවත් පිරිසිදුව සහභාගී වීම වැදගත්. පිරිසිදු සහ සුදුසු ඇඳුමකින් සැරසී යන ඔබ මුලින්ම මළුව ඇමද පිරිසිදු කරන්න. බෝධි ප්‍රාකාරය, මල් ආසන සියල්ල හොඳින් පිරිසිදු කරන්න.

බෝධි පූජා පැැවත්වීමෙන් දෙවියන්ගේ පිහිට ලබාගත හැකිද?

බෝධින් වහන්සේ යනු පාරිභෝගික ධාතුන් වහන්සේ නමක්. ඒ නිසා බෝධින් වහන්සේ නමක දෙවියන් වැඩ සිටිනවා. දෙවියන්ගේ පිහිට ලබාගැනීමට බෝධි පූජා පැවැත්වීමෙන් ශාන්තියක් ලැබෙනවා.හොඳින් ජලය පෙරාගත් පැන් කළ බෝධි ප්‍රාකාරය මත තබා සුදු සඳුන්ද රත් සඳුන් සහ සමන් පිච්ච මල් ආදි සුවඳ ද්‍රව්‍ය ඇතුළත් කර එය බෝධි ප්‍රාකාරය මත තබන්න. බොහෝ පින්වතුන් ලහිලහියේ ඇවිත් කරාමයෙන් ජලය පුරවාගත් පැන් කළයෙන් බෝධින් වහන්සේ පැදකුණු කොට නාවා තමන් බෝධි පූජාවක් කළා යැයි සිත රවටා ගත්තත් එයින් ශාන්තියක් ලැබෙන්නේ නැහැ.

බෝධි වන්දනාව

මුලින්ම ඔබ තෙරුවන් සරණ ගොස් එයින් අනතුරුව බෝධින් වහන්සේ වෙනුවෙන් පහන් දල්වන්න. මල් පූජා කරන්න. සුවඳ දුම්, ගිලන්පස ආදි පූජාවන් ගාථා ගායනා කරමින් සිදුකරන්න. එතැනින් පසුව තුන් සූුත්‍රය ගායනා කරන්න. දෙවියන් කරණීය මෙත්ත සුත්‍රය ඇසීමට බෙහෙවින් ප්‍රිය කරනවා. පිරිත් සජ්ජායනාවෙන් පසු විනාඩි කීපයක් භාවනාව වඩන්න. දැන් ඔබ විසින් තැන්පත් කරන ලද පැන් කළය දොහොත් මුදුනින් ගෙන බෝධි වන්දනා ගාථා කරමින් දක්ෂිණාවෘතව තුන්වරක් පැදකුණු කර ගාථා ගායනා කරමින් පැන් දෝවනය කරන්න.

වැරදි කර සමාව ඉල්ලන්න එපා

මම බෝ මලුවේ සක්මන් කරන්නෙමි – බෝ පත් බෝ මුල් කිසිත් නොපාගමි –
බෝ පත් ඉවතට ගෙන මළුව අමදමි -මගේ බුදුහිමි හට මෙත් සිත පුදන්නෙමි


මේ කවියේ අර්ථය ගැන සිතන්න. නමුත් අද අපි මේ ගැන කියන්නේ කොහොමද?

මම මේ මළුවට යනවා එනවා -බෝ මුල් බෝ පත් මට පෑගෙනෙවා –
සමාව දී මගෙ පව් අරවනවා -බෝ රජුනේ මට සමාව දෙනවා


බෝ පත් බෝ මුල් නොපාගා ඒ මළුව අමදිනවා නම් මොන තරම් වටිනවාද? ඒ බැව් අපේ පින්වතුන් අවබෝධ කර ගත යුතුයි. බෝ මළුව ඇමදීම ඇත්තටම භාවනාවක්. අන්තො ජටා- බහි ජටා ගැටලු ඇති මිනිසාගේ සිත සන්සුන් කරන වටිනා පින්කමක්.

දෙවියන්ට පින් දීම

බෝධි පූජාවකින් පසුව දෙවියන්ට පිං පෙත් අනුමෝදන් කිරීම සිදුවනවා. මෙම පූජනීය වෘක්ෂයට අධිගෘහිත සම්‍ය දෘෂ්ටික දෙවිවරුන් සිටිනවා. උන්වහන්සේලා මිනිසුන් වෙතින් පිං අපේක්ෂාවෙන් සිටිනවා. සද්ක්‍රියා කරන පුද්ගලයන් වෙත දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය ලැබෙනවා. ඒ නිසා බෝධි පූජාවකින් පසුව දෙවියන් වෙනුවෙන් පිං අනුමෝදන් කිරීම මගින් තමන් වෙත ආශීර්වාදය ලබාගත හැකයි.

නිවැරදි ලෙසින් සහ යහපත් සිතින් බෝධි පූජාවන් පැවැත්වීම

ඔබට ජීවිතයේ ඇතිවන විවිධ අපල උපද්‍රව වෙනුවෙන් බෝධි පූජාවන් පවත්වා සෙත් ලබාගැනීමේ හැකියාව ඇති බැව් අත්දැකීමෙන් සඳහන් කළ හැකයි. බෝ මළුවේ ඇවිදීමෙන් දද, කුෂ්ට රෝග දුරු වී රූප ශෝබාව වර්ධනය වන බැව් බුදුබණ පොතේ සඳහන් වෙනවා. ප්‍රඥාව වැඩෙනවා. සිත සමාධිගත වෙනවා.

සමහර විට මේ වගේ තර්ක නගන අය ඇති. එහෙමනම් මරණය වළක්වන්න බැරිද? වෛද්‍ය උපාධියට සුදුසුකම් ලබාගැනීමට පුළුවන් නේද? නමුත් ඔබේ කර්ම ශක්තිය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට නොහැකි වුණත් පිරිසිදු සිතින් ඔබේ ගුණධර්ම අනුව නිවරැදි ලෙසින් බෝධි පූජාවක් පැවැත්වීමෙන් මෙලොව වශයෙන් මෙන්ම පරලොව වශයෙන්ද ඔබට ශාන්තියක් ලබාගත හැකියි.

විහාරාධිපති,
ධර්මපාඨශාලාචාර්ය
විචිත්‍ර ධර්ම කථික
පූජ්‍ය සෙවණගල
සුමංගල ස්ථවිර
ගැමුණු සෑය, ශ්‍රී මහ විහාරය,
නවනගරය, ඇඹිලිපිටිය

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?