නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: තණකොළ වුණත් Art එකට වවන්න.
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

තණකොළ වුණත් Art එකට වවන්න.

Published June 3, 2024

මිදුලේ ඔක්කොම තණ කොළ ගැලෙව්වේ ඉස්සර කාලෙ

මනාව නඩත්තු කළ තෘණ පිට්ටනියක් නිවසකට ගෙන දෙන්නේ අපූරු පිළිවෙලක්. ඉතින් ඔබේ ගෙවත්ත තෘණ පිට්ටනියක් බවට පත් කර ගන්න කැමති නම් මේ විදිහට පටන් ගන්න...

වල් පැලෑටි ඉවත් කරන්න…

ඔබ මුලින්ම කරන්න ඕනේ දෙයක් තමයි ගෙවත්තේ තියෙන අනවශ්‍ය වල් පැලෑටි සියල්ලම විනාශ කර දැමීම. අතින් වල් පැලෑටි ගලවලා දාන එක එතරම් සාර්ථක නැහැ. පසේ රැඳුනු මුල් සහ බීජවලින් නැවත ඒවා පැල වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම ක්‍රමය වල් නාශකයක් භාවිත කිරීම.

වල් නාශකයක් භාවිත කිරීමෙන් පසුව සියලු පැල මැරීයන තෙක් බලා සිටින්න. ඉන් පසුව පොළව හොඳින් උදලු ගාන්න. මැරී ගිය කොටස් සියල්ල ඉවත් කර ගන්න. ඉන් පසුව පස අඟල් 9ක් පමණ ගැඹුරට බුරුල් කර ගන්න. පස බුරුල් කිරීමේදී හමු වන ගල් කැබලි සහ මුල් ඉවත් කර ගන්න.

පස සකසාගැනීම…

ඔබේ ඉඩමේ පස රතුයි නම් කළු පස් මිශ්‍ර කරන්න. ඔබේ ඉඩමේ පස කළුයි නම් රතු පස් මිශ්‍ර කරන්න. පසේ වියලි ගතිය වැඩියි නම් කොහුබත් මිශ්‍ර කරන්න. පස මැටි සහිත පසක් නම් වැලි මිශ්‍ර කරන්න. තෘණ පිට්ටනියක් සඳහා ප්‍රමාණවත් ජල බැස්මක් අවශ්‍යයි. ඒ සඳහා බෑවුම අඩි 100ක් සඳහා අඟල් 2- 3 අතර ප්‍රමාණයක් තබන්න.

තෘණ පිට්ටනියක් සඳහා හොඳින්ම ගැලපෙන තෘණ වර්ග

Cynodon Dactylon

වියලි දේශගුණයට හොඳින් ඔරොත්තු දේ.

Digitaria Didactyla

වඩාත්ම ගැලපෙන්නේ ශීත, කඳුකර පෙදෙස්වලටය.

Zoysia matrella

වියලි කාලගුණයට සහ මුහුදු බඩ කාලගුණයට ගැළපේ.

Axonopus Compresus

සෙවන සහිත ස්ථානවලට හොඳින් ගැළපේ. පාංශු ඛාදනය වළක්වා ගැනීමට උපකාරී වේ.

Desmodium Triflorum

හීන් උඳුපියලිය ලෙස හඳුන්වයි. සැර ඉර එළියට ඔරොත්තු දීමේ හැකියාවක් නැත.

මීළඟට ඔබ තෝරා ගත් තෘණ වර්ගය සිටුවිය යුතුයි. මේ සඳහා භාවිත කළ හැකි ක්‍රම 3ක් තියෙනවා.

බීජ මඟින්

තෘණ බීජ වැලි සමඟ කලවම් කර සකස් කර ගත් පස මතට ඉසිය යුතුය.

දඬු මඟින්

තෘණ දඬු සිටුවීමේදී අඟල් 4- 6 අතර පරතරයක් තබා සිටුවිය යුතුය.

පිඩලි මඟින්

මෙය පහසු ක්‍රමයක්. කුඩා ඉඩමකට මේ ක්‍රමය හොඳට ගැලපෙනවා. පිඩලි අතර හිඩැස්වලට කොම්පෝස්ට් යොදා තැලිය යුතුය’ මෙම පිඩලි එකට යාවී, සවි වන තුරු පත්‍ර නොකැපිය යුතුය. තණකොළ පිට්ටනිය නඩත්තු කළ යුතුය.

වරින් වර ඇතිවිය හැකි වල් පැලෑටි අතින් හෝ අත්මුල්ලුවක් ආධාරයෙන් ගලවා දමන්න.

ප්‍රමාණවත් පරිදි ජලය යොදන්න. සැර හිරු එළිය ඇති අවස්ථාවලදී ජලය නොදැමිය යුතුය. අව්ව අඩු උදේවරුව, සවස්වරුව හෝ රාත්‍රිය මේ සඳහා ගැළපෙනවා.

වරින් වර පොහොර යොදන්න. ගොම අව්වේ වියලා කුඩු කර ඉසින්න.

තණකොළ කැපීම සිදු කළ යුත්තේ මාස දෙකකට පසුවය. කැපී යන තණකොළ කොටස් ඉවත් කරන්න ඕනේ නැහැ. ඒවා පස මත විසුරුවා හැරීමෙන් පොහොරක් බවට පත් කර ගන්න. තණකොළ කැපීමෙන් පසුව පොහොර සහ ජලය යොදන්න.

ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී
රංජිත් කළුආරච්චි

අර්චිත ඉඳුවර ✍️



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?