නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: 60 කියන්නෙත් ලස්සනක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

60 කියන්නෙත් ලස්සනක්

Published June 3, 2024

ලෝක රූප රැජිනක් කී විට අපේ හිතට ඇති වෙන්නේ තාරුණන්‍යය සමග සම්බන්ධ වුන සිතුවිල්ලක්. ඒ වගේම රූප රැජිනක් තෝරා ගැනීමේ නිර්ණායකයන් අතරටත් වයස ඇතුලත් වෙනවා. නමුත් වයස ලස්සනට හරස් නොවන බව ලෝකයටම ප්‍රකාශ කරමින් 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී ආර්ජන්ටිනාව විසින් එතෙක් මෙම තරගයට ඉදිරිපත් වීමට තිබුන 18-28 අතර වයස සීමාව වෙනස් කළා. ඒ අනුව වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම කාන්තාවකට ලෝක රූ රැජින තරගය වෙනුවෙන් ඉදිරිපත් වීමට අවස්ථාව සලසා දුන්නා.

වයස 60 ක්…

මේ ලිහිල් වුණ සීමාව නිසා අලෙජන්ඩ්රා මරිසා රොඩ්රිගස් ( Alejandra Marisa Rodriguez ) ලෝක රූ රැජින තරගය වෙනුවෙන් ඉදිරිපත් වීමට තීරණය කළා. මේ වනවිට ඇගේ වයස අවුරුදු 60 ක්. බුවනොස් අයර්ස් හි පදිංචි මරිසා මේ වනවිට මිත්තණියක්. වයස ඇගේ ලස්සනට හරස් නැති බවට වූ ආත්ම විශ්වාසය නිසාම 2024 වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන සුදුස්සන් තෝරා ගැනීමේ තරගයට ඉදිරිපත් වීමට තීරණය කළා.

ඇය ජයග්‍රාහිකාවක්…

මරීසා මේ තරගයෙන් බුවනොස් අයර්ස් හි රූප රාජිනිය ලෙසින් කිරුළු දැරීමට සමත් වුණා. ඇය සමග වූ තරගයට වයස අවුරුදු 18 සිට 73 දක්වා වූ කාන්තාවන් 34 දෙනෙක් ඇතුළත් වුණා. නමුත් ඒ අය මරීසාට අභියෝගයක් වුණේ නැහැ.මරීසා බුවනොස් අයර්ස්හි රූප රැජින බවට පත් වීමත් සමග 2024 මැයි මාසයේ ආර්ජන්ටිනාවේ පැවැත්වෙන ජාතික තරගය හෙවත් ආර්ජන්ටිනාව නියෝජනය කරන ජාතික තරගයට ඉදිරිපත් වීමටත් සූදානමින් සිටිනවා.

මරීසා වියපත් වුණත් ලස්සන කාන්තාවක්. මාධ්‍යවේදිනියක් වන ඇය වෘත්තියෙන් නීතිඥවරියක්. බොහෝ රූමත් කාන්තාවන් වයසත් සමග අනේ අපේ ලස්සන කවුද බලන්නේ යැයි පසුගාමී වන යුගයක මරීසා තමන්ගේ වයස නොතකා මේ තරගයට ඉදිරිපත් වීමට නොපැකිලව ඉදිරිපත් වුණා. මගේ මේ ඉදිරිපත් වීම නිසා අපේ වියපත් කාන්තාවන්ටත් අනාගතයේදී මේ අභියෝගය බාර ගනීමට හැකියාවක් තිබෙන බැව් ඇය සඳහන් කරනවා.

(අල්ජසීරා පුවත් ඇසුරෙන්)

පුන්‍යා චාන්දනි ද සිල්වා ✍️


 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?