නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අවිවේකය මවාගැනීම මානසික රෝගයක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අවිවේකය මවාගැනීම මානසික රෝගයක්

Published June 3, 2024

නෙදර්ලන්තයේ මෙල්බර්ග් සරසවියේ මනෝ විද්‍යාඥ වික්ටර්ගෙන් අනාවරණයක්

‘අපට කිසිම විවේකයක් නැහැ.’ මේ අන්දමින් ඇතැමෙක් චෝදනා නගද්දී… ‘මම මේ නිකරුනේ ගත කළ කාලය ආයේ මට ලැබෙන්නේ නැහැ…’ යැයි ලැබුන විවේකයට වෛර කරන පිරිසක්ද අප අතර ඉන්න පුළුවන්. කාර්යබහුල ජීවන රටාව සමග අවිවේකය අප අතික්‍රමනය කර ඇතැත්, අනවශ්‍ය අන්දමින් අවිවේකය මවා ගෙන ජීවිතය විඳවන්නේ නම් එය මානසික රෝග තත්වයක් බැව් නෙදර්ලන්ත මෙල්බර්ග් සරසවියේ මනෝ විද්‍යාඥ වික්ටර් හොට්ස් විසින් සඳහන් කර තිබනවා.

විවේකයක් අවශ්‍ය ඇයි… ?

විවේකය මඟින් අපේ ජීවිතයේ වැඩ කරන ශක්තිය තව දුරටත් වර්ධනය කරන බැව් මෙතෙක් සිදු කරන ලද බොහෝ අධ්‍යන වාර්තාවන් මගින් පෙන්වා දී තිබේ. එමෙන්ම යම් කාර්යක් කරන අතරවාරයේ එය අවසාන වී විවේකයක් ලබා ගැනීමට බොහෝ දෙනා පුරුදුව සිටිති. නමුත් ඊට වඩා යම් කටයුත්තක් කරන අතරවාරයේ (Just a brake ) විවේකයක් ලබා ගැනීම මගින් ඔබේ වෙහෙස බොහෝ දුරට පාලනය කර ගැනීමේ හැකියාව ලැබේ.

මේ තත්ත්වය ඔබ රාත්‍රි කාලයේදී ලබන නින්දටත් වඩා ඵලදායක බැව් මෙම අධ්‍යන වාර්තාව මගින් පෙන්වා දී තිබේ. මේ නිසා යම් කටයුත්තක් අතර ලබන කෙටි විවේකය මඟින් මානසික ලැබෙන සහනය වඩාත් වැදගත් වේ.

එකම කටයුත්ත එක දිගට එපා…

ඔබ එකම කාර්යක එක දිගට නිරත වීමට වඩා, එම කටයුතු අතර යම් වෙනසක් ගොඩනගා ගැනීමෙන්ද ඔබට මානසිකව යම් නැවුම් බවක් ඇති විය හැක. අධ්‍යාපන රටාවේදී එක් විෂයක් එක දිගට ඉගෙනීම නිසා ලැබෙන වෙහෙසකර තත්වය වෙනස් කිරීම සඳහා කාලපරිච්ඡේද වෙන් කර ඇති බැව් අප දනිමු. මේ අන්දමින් ඔබේ කටයුතු කිරීමේදීත් යම් වෙනස්කම් ගොඩ නගා ගැනීමේ හැකියාව ඔබ සතුව තිබේ.

කාර්යබහුල වීම සාර්ථකත්වය නොවේ…

කාර්යබහුල පුද්ගලයා සාර්ථක යැයි ඔබ සිතනවා නම් ඒ සිතුවිල්ල වෙනස් කර ගැනීමට සිදු වෙනු ඇත.බොහෝ දෙනා සිතන අන්දමට කාර්යබහුල වීම යනු සාර්ථකත්වය නොවේ. එසේ සිතන්නේ නම් එයද මිථ්‍යාවකි.

විවේකයක් ලබා ගැනීමෙන් තමාගේ ජීවිතයේ කටයුතුවලට පසුබෑමක් ඇතිවන්නේය යන අදහස නිසා මෙවැනි පුද්ගලයන් තම පවුලේ සම්බන්ධතාවයන් පවා මග හරිති. අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් වෙනුවෙන් වූ වගකීම පැහැර හැරීම සඳහා ඔවුන් විසින් ඉදිරිපත් කරන නිදහසට කාරණාවක් ඇත. එනම් “ මට විවේකයක් නෑ… ” විවේකය උපයා ගැනීමට උත්සාහයක් හෝ විකල්ප අවස්ථාවන් වෙනුවෙන් යොමු වන්නේද නැත.

විවේකයට වෛර කිරීම…

අද වනවිට පුද්ගලයන් අතරින් 3% සිට 5% ක් අතර පිරිස විවේකයට වෛර කරන චරිත වශයෙන් ගොඩ නැගී ඇති බැව් මනෝවිද්‍යාඥයින් විසින් ලබාගත් දත්ත විශ්ලේශන මඟින් පෙන්වා දී තිබේ.

මේ නිසාම අනවශ්‍ය ලෙසින් ඇති වන පීඩනය නිසාම මානසිකව හෙම්බත් වන අතර ඒ තත්ත්වය කායික රෝග වෙනුවෙන් මුල පුරන අවස්ථාවන්ද වෙන බැව් ඔවුන් පෙන්වා දී තිබේ.

පිරිමින්ට සාපේක්ෂව බලන විට කාන්තාවන් මානසිකව හෙම්බත් වීමේ ප්‍රවණතාවය වැඩි අගයක පවතී. බොහෝ විට කාන්තාවන් තමන්ගේ වගකීම උපරිම ලෙසින් ඉටු කරති. නිවසේ කටයුතු මෙන්ම දරුවන්ගේ සැමියාගේ, අසල්වැසි සහ ඥාතී මිත්‍රාදීන් සමග ඔවුන්ගේ භුමිකාව ව්‍යාප්ත වී ඇත.

මේ කටයුතු නිසා ඇය විවේකයක් ලබාගැනීම ගැන ඇති කර ගන්නා වරදකාරී සිතුවිල්ල නිසා නොදැනීම “ විවේකයට වෛර කරන ” මානසිකත්වයක් ගොඩ නැගී ඇති බැව් මනෝවිද්‍යාඥ අජේ සිං විසින් පෙන්වා දී තිබේ.

අනවශ්‍ය අන්දමින් මානසිකව දරණ ආතතිමය තත්ත්වය නිසා කාන්තාවන් දියවැඩියාව, මිග්රේන් හිසරදය, නාරි රෝග වැනි මනෝ කායික රෝග සඳහා ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බැව් වෛද්‍ය සිං වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

ළමා කාලයේ පටන් ඇති වන මානසික තත්ත්වයක්…

අධ්‍යනය පිලිබඳව වැඩි දුරටත් කරුණු පෙන්වා දෙන මනෝවිද්‍යාඥයන් සඳහන් කරන්නේ විවේකයට වෛර කිරීමේ මානසිකත්වය බාල කාලයේ පටන්ම මනසේ ගොඩ නැගෙන සිතුවිල්ලක් බවට පත්ව ඇත. ජීවිතය යනු අධ්‍යාපනය බවට තරයේ එල්බ ගත් මව්පියන් විසින් දරුවාගේ විවේකය පොතට සිරගත කරති.

ඒ නිසාම දරුවන් බාල කාලයේ පටන්ම විවේකය යනු තමාගේ ජීවිතය පසුබෑමට පත් කරන අවස්ථාවක් ලෙසින් සිතන්නට පුරුදු වෙති. ජීවිතයට විවේකයක් අවශ්‍ය නැත. යන සංකල්පයේ පිහිටා කටයුතු කිරීම නිසාම මානසික සතුට පිරිහී ගිය සහ පෞරෂයෙන් දුර්වල චරිතයක් ගොඩ නැගෙනු ඇත.

විවේකයට වෛර කරන පුද්ගලයෙකු විසින් නිතරම තවත් අයෙකුගේ විවේකයටත් වෛර කරති. පවුලක මව්පියන් මෙම මානසිකත්වයෙන් පසු වෙනවා නම් ඔවුන් දරුවන්ට විවේකයක් ගත කිරීමට ඇති අවස්තාවන් අසුරා දමනු ඇත.

ආයතනයක ප්‍රධානියෙකු නම් තමන්ගේ සේවකයන් වෙනුවෙන් විවේකයක් ලබා දීම තරයේ ප්‍රතික්ෂෙප කරති. සේවකයෙක් විවේකීව සිටිනවා දැකීමට හෝ කැමැති නැත.

එවැනි ආයතන පසුබිමක් තුළ ස්වාමි සේවක සම්බන්ධතාවය පිරිහී යන අතරම සේවකයන්ගේ වැඩ කිරීමේ කාර්යක්ෂමතාවය පවා හීන විය හැක.

එසේනම් සමාජ ජීවින් ලෙස අපට විවේකය අවශ්‍යය. විවේකය සතුටින් ගත කිරීම නිසා ලැබෙන ප්‍රතිලාභ ඔබේ කායික සහ මානසික නීරෝගිතාවයට හේතු වෙන බැව් රහසක් නොවේ.

Femina ඇසුරෙන්
පුන්‍යා චාන්දනී ද සිල්වා
✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?