නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අම්මලා බබාලා එක්ක යන අපූරු පුස්තකාලය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අම්මලා බබාලා එක්ක යන අපූරු පුස්තකාලය

Published June 3, 2024
තොරතුරු සන්නිවේදන තාක්ෂණය අපේ මුළුතැන්ගෙය දක්වාම අතික්‍රමණය කළත්, කාන්තාවන්ට ඒ වෙනුවෙන් ඇති අවස්ථාව සීමා වී තිබෙනවා. තවමත් අපේ කාන්තාවන් සම්ප්‍රදායික ලෙසින්ම ගෘහ කටයුතු වෙනුවෙන් සීමා වී සිටිනවා. ඒ වගේම දරුවන් රැක බලා ගැනීමේ කටයුතු සමග කාලය ගෙවන විට මව්වරුන්ට සන්නිවේදන තාක්ෂණය සමග කාලය ගෙවීමට තිබෙන ඉඩ බෙහෙවින්ම සීමා වෙලා.

දරුවන් සමග කාලය ගෙවන්න…

බාර්බරා විඩ්මන් ඇමරිකානු ජාතික කාන්තාවක්. අද වනවිට ලෝකය පුරාම “ single mum ” හෙවත් තනි මව්වරුන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. බාර්බර වජර්ජිනියා ප්‍රාන්තයේ “ හෙන්රිකෝ කන්ට්රි ” මහජන පුස්තකාලයේ අධ්‍යක්ෂවරිය ලෙසින්ද සේවය කරනවා. පුස්තකාල පරිශීලනයට උනන්දුවක් දක්වන සහ පොත් පත් කියවීමේ උණ ඇති මව්වරුන් මේ පුස්තකාලයට පැමිණෙනවා.

ඒ වගේම අද ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සියලු ගණුදෙණු සිදු වෙනවා. රැකියා ඇබෑර්තු පවා අද මාර්ගගත ක්‍රමය ඔස්සේ සපිරෙන නිසා කාන්තාවන් තමන්ගේ දරුවන් වඩා ගෙන පුද්තකාලයේ ඩිජිටලය පරිශීලනය සඳහා පැමිණුනත් ඔවුන්ට විවේකීව ඒ කටයුතු සඳහා අවසරයක් ලැබෙන්නේ නැහැ. දරුවන් වඩා ගෙන මේ කටයුතු කිරීම සැබවින්ම අපහසු කාර්යක්.

අලුත් අදහසක්…

2017 වසරේදී මෙම මහජන පුස්තකාලය වෙනත් තැනකට ගෙන යෑමට අදාල පළාත් පාලන බලධාරීන් තීරණය කළා. ඒ අනුව පුස්තකලාය නවීකරණය කිරීම සහ තව දුරටත් විශාල වපසරියක ස්ථානගත කිරීමට ඇස්මේන්තු සකස් කරද්දී බාර්බරාට අලුත් අදහසක් ඇති වුණා.පුස්තකාලයේ ඩිජිටල් අංශයේ පරිගණක පරිශිලනය කරන මව්රුන්ට තමන්ගේ දරුවා තබා ගෙන ඒ කටයුතුවල නිරත වීමට සුදුසු ප්‍රසන්න පරිසරයක් නිර්මාණය කළොත් දැනට වඩා පිරිසක් ඩිජිටල් පුස්තකාලය පරිශීලනයට සම්බන්ධ වන බැව් අය පෙන්වා දුන්නා.

මේ නිසා පරිගණකයක් සමග දරුවා තබා ගැනීමේ මූලික පහසුකම් සහිත ස්ථානයක්ද ඉදි කිරීම සිදු වුණා. 2019 වසරේදී ඇගේ අලුත් සංකල්පය සහිතව මේ මහජන පුස්තකාලය ජනගත වුණා.

බාර්බරා විසින් හඳුන්වා දෙන ලද මේ සංකල්පය නිසා දැන් බොහෝ කාන්තාවන් තම දරුවා සමග ඇවිත් නිදහසේ අන්තර් ජාලය පරිශීලනය කිරීමේ කටයුතුවල නිරත වෙනවා. මෙම සත්කාර්ය එරට මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් වීමත් සමග බොහෝ අය මේ පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන පවා ලබා දීමට ඉදිරිපත් වී තිබෙනවා.

ඒ විතරක් නොවෙයි…

බාර්බරාගේ අදහස සමාජයේ ව්‍යාප්ත වීමත් සමග බොහෝ තොරතුරු තාක්ෂණ සන්නිවේදන ආයතන විසින්ද තමන්ගේ ආයතනය තුළ දරුවන් තබා ගෙන අන්තර්ජාලය සැරි සැරීමට අවශ්‍ය පහසුකම් වෙනුවෙන් යොමු වුණා. ඒ අනුව සන්නිවේදන ආයතන විසින්ද දරුවන් තබා ගත හැකි ස්ථානයක් ඔවුන්ගේ ආයතනයේදී ලබා දෙන්නට දැන් සූදානම්…

businessinsider ඇසුරෙන්

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?