නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පඩිපෙළ යට තියෙන හිස් ඉඩ හරි විදිහට Use  කරන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පඩිපෙළ යට තියෙන හිස් ඉඩ හරි විදිහට Use  කරන්න

Published May 27, 2024

නිවසක සුවිශේෂී අංගයක් ලෙස පඩිපෙළ හඳුන්වා දෙන්න පුළුවන්. උඩුමහල බිම් මහල හා සම්බන්ධ කෙරෙන අංගයක් ලෙස තට්ටු නිවාසයක පඩිපෙළ අනිවාර්ය අංගයක් වේ. ඒ අනුව බිම් මහලේ යම් ඉඩ ප්‍රමාණයක් පඩිපෙළට ආවරණය වන අතර එම ඉඩෙහි අවිධිමත් උස නිසා ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි අවකාශයක් ලෙස අතහැර දමා තිබීම බහුලව දැක ගැනීමට හැක. එම නිසා නිවසට අපිළිවෙල ස්වභාවයක් ඇතිවීම නිවැසියන්ගේ මැසිවිල්ලට හේතුවක් වී ඇත. ඉතින් අපි හිතුවා ඔබ වෙනුවෙන් පඩිපෙළ යට ඉඩ ප්‍රමාණය නිවසට අලංකාරයක් එක් වෙන පරිදි ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්නා ආකාරය ගැන මේ ලිපිය මගින් සාකච්ඡා කරන්න.

මුලින්ම අපි සැලකිලිමත් වෙන්න ඕනෙ පඩිපෙළේ පිහිටීම ගැන, සාලයට විවෘත වන පඩිපෙළක්ද, කෑම කාමරයට ආසන්නයේ ස්ථාපිත පඩිපෙළක්ද, යන්න වගේම පඩිපෙළේ හැඩය, එල් (L) හැඩේ පඩිපෙළක්ද, යූ ( U )හැඩේ පඩිපෙළක්ද, ඒකාකාරව එක දිගටම පියගැට සහිත පඩි පෙළක් ද, යන කරුණු මෙන්ම, පඩිපෙළේ නිමාව, කොන්ක්‍රීට්වලින් ඉදිවූ පඩිපෙළක්ද, යට අවකාශය පෙනෙන පරිදි ලී හා යකඩ ආධාරක භාවිතයෙන් නිර්මාණය කරන ලද නවීන පන්නයේ පඩිපෙළක්ද යන කරුණු අනුව එම ඉඩකඩට යොදාගත හැකි අවස්ථාද ඊට අනුරූපව වෙනස් වේ.

Pond යොදා ගැනීම…

අලංකාරයක් එක් වන පරිදි නිර්මාණය වූ නවින පන්නයේ පඩිපෙල් සඳහා, එහි ඇති සිදුරු තුළින් පෙනෙන පරිදි ජලය සහිත Pond එකක් යෙදිම මඟින් අලංකාර තවත් වැඩි දෙයක් පුළුවන්, මෙවැනි පඩිපෙළවාල් විශාල නිවෙස් තුළ පමණක් දක්නට ලැබේ.

ගබඩා කිරීම සඳහා කබඩ් සෑදීම…

ගොඩක් වෙලාවට මෙම පඩිපෙළ යට ඉඩ ගබඩා කිරීම සඳහා කබඩ් සෑදීම බහුලව දක්නට ලැබේ. එසේ වුවත්, එය නිවැරදිව සකසා ගන්නා ආකාරයට සිදුකර ගැනිම ගැන ඔබට අවබෝධයක් දෙන්න සිතුවා.ලාච්චුවක කෙරවලේ ඇති දෙයක් ගැනීමට අපට අත දිගු කළ හැකි දිග ප්‍රමාණය අඩි දෙකක් පමණ වේ. නමුදු පඩිපෙළේ පළල අඩි තුනකට ආසන්න වන බැවින් එහි කබඩ් යෙදීමේදී ඒ ගැන වඩා සැලකිලිමත් විය යුතුයි.

එහිදී රෝද සහිත ට්‍රොලි ආකාරයට එළියට ඇදීමට හැකි පරිදි ලාච්චු හෝ කබඩ් සෑදීම වඩාත් ප්‍රායෝගික වේ. එලෙස සෑදීමේදී යට ෆ්‍රේම් එක නොයොදා කබඩ් එක නිර්මාණය කිරීම මගින් රෝද සහිත ට්‍රොලි ඉවතට ඇදීම පහසුවේ.Shoe rack එකක් විදිහට, කුඩා දරුවන්ගේ සෙල්ලම්බඩු, Traveling bag තැබිම සදහා ස්ථානයක් ලෙස, නිවසේ නිතර භාවිතයට නොගන්නා භණ්ඩ වැනි දෑ ගබඩා කිරීමට ඔබට හැකියාව ඇත. ලාච්චුව ඇරීම සඳහා හැඩල් භාවිත නොකර Finger Groove යොදා ගනිමින් නිර්මාණය කර ගැනීම වඩාත් අලංකාර හා ප්‍රායෝගික වේ.

පැන්ට්‍රි කබඩ් සඳහා…

කෑම කාමරේට ආසන්නව පිහිටි පියගැට පෙළක් යට එම ඉඩකඩ පැන්ට්‍රි‍ කබඩ් සඳහා යොදා ගැනීමට ඔබට අවස්ථාව ඇත. එහිදී කෑම කාමරය සඳහා අත සේදීමට සින්ක් එකක් ස්ථාන ගත කිරීමටද ඔබට හැකියාව ඇත, එවිට අත සේදීමට යොදා ගන්නා ස්ථානයේ උස අවම අඩි හතක් වත් විය යුතු බව මතක තබා ගන්න. එතනට එන කෙනෙකුගේ හිස නොවදින ලෙස උස තබා ගැනීම වැදගත් වන බැවින්.

පොත් රාක්කය…

සමහරක් විට පොත් පෑගෙනවා යන අදහසින් කෙනෙකු මේ සඳහා අකමැති වෙන්න පුළුවන්, නමුත් ඉතා කුඩා අවස්ථාවක මෙවැනි නිර්මාණයක් කර ගැනීමට ඔබට හැකියාව ඇත. එහිදී පොත් කියවීම සඳහා Sofa එකක් සහිතවද මෙම ඉඩ නිර්මාණය කරගැනීමට හැකියාව ඇත. එහිදී උස ගැන සැලකිලිමත් වීම වැදගත් වේ. Sofa එකක් භාවිත කිරීමේදී හිඳගන්නා කෙනෙකුගේ හිස නොවැදෙන පරිදි අඩි හතක උසක් පවත්වා ගැනීම වැදගත් වේ. පඩිපෙළේ ලෑන්ඩින් එක යට පවතින ඉඩකඩ මෙවැනි නිර්මාණයක් සඳහා වඩාත් උචිත වේ.

Bar country

නිවසේ විශේෂ ස්ථානයක් බාකවුන්ට් එකක් සඳහා නොමැති අවස්ථාවකදී ද මෙම ඉඩකඩ ඒ සඳහා යොදා ගැනීමට ඔබට හැකියාව ඇත. අවශ්‍ය ද්‍රව්‍ය ගබඩා කිරීමට, විවිධ වර්ගයේ බෝතල් අලංකාරව පෙනෙන පරිදි, වයින් ග්ලාසස් සහ අලංකාරව එල්ලා තැබිය හැකි ආකාරයට පඩිපෙළ යට කොටස ඔබට යොදාගන්න පුළුවන්. එහි ළංවීම සඳහා හිස නොවැදෙන පරිදි උසක් පවත්වා ගෙන යාම වඩාත් කල්පනාකාරී විය යුතුය.

කුඩා ළමයින් සඳහා සෙල්ලම් කරන ස්ථානයක්…

කුඩා දරුවන් සිටින නිවසක් නම් දරුවන් සඳහා ක්‍රීඩා කිරීමට අඩු උසකින් යුත් මෙම ස්ථානය ඔවුන් සඳහා නිර්මාණය කර දීමට ඔබට පුළුවන. එහිදී වඩාත් උස අඩු ස්ථාන සඳහා ඔවුන්ට ළං විය නොහැකි පරිදි ආවරණය කර භාවිත කිරීම වඩා වැදගත් වේ.

T.V Area

TV නැරඹීම සඳහා වෙනම ස්ථානයක් නොමැති අවස්ථාවකදී කුඩා ඉඩකඩක් වුවද වඩාත් ප්‍රායෝගිකව යොදාගැනීමට හැකි ලෙස පඩිපෙළ යට අවකාශය රූපවාහිනිය සවිකිරීම සඳහා අවශ්‍ය උස පවතින අවස්ථාවකදී යොදා ගැනීම වඩාත් ප්‍රායෝගික වේ. වඩාත් අලංකාරය දෙපස කබඩ් සහිතව මැද ස්ථානය රූපවාහිනිය සඳහා නිවැරදිව වෙන් කර ගැනීම මගින් වඩාත් ප්‍රායෝගිකව උපරිමයෙන් එම ඉඩකඩ භාවිතා කිරීමට ඔබට හැකිවේ.

Powder Room

අඩි හතකට ආසන්න උසක් පවතින විට, එක දිගට පඩි පෙළ ඇති විට එම ඉඩ මේ සඳහා වඩාත් උචිත වේ. අමුත්තන් සඳහා වොෂ්පේෂින් එකක් හා කොමඩ් එකක් සහිතව මෙම කුඩා ඉඩ ප්‍රමාණය වෙන්කරගෙන වඩාත් ප්‍රායෝගික ලෙස යොදාගැනීමට ඔබට අවස්ථාව ඇත. මෙහිදී බිත්ති වතුර කාන්දු නොවන ආකාරයට සකස් කර ගැනීමට ඔබ වඩාත් කල්පනාකාරී විය යුතුයි.

විසිතුරු භාණ්ඩ ප්‍රදර්ශන රාක්කයක්…

ඉතාමත් අඩු උසක් ඇති අවස්ථාවකදී නිවසේ පවතින විසිතුරු භාණ්ඩ හා status, සමරැපලක වැනිදා අලංකාරව තබන ස්ථානයක් ලෙස මෙම ඉඩ යොදාගැනීමට ද ඔබට අවස්ථාව ඇත.ඉතින් ඔබට දැන් වඩාත් පැහැදිලි අවබෝධයක් ඇති ඔබ විසින් අතහැර දැමූ පඩිපෙළ යට හිස් අවකාශය ඔබේ නිවසට ගැලපෙන ආකාරයට.

ඔබට අවශ්‍ය පරිදි නිර්මාණය කළ ගත හැකි විවිධ අවස්ථා පිළිබඳව’ ඒ අනුව ඔබගේ නිවස වඩ වඩාත් නිර්මාණශීලී අලංකාරමත් කර ගැනීමට ඔබට මෙම ලිපියෙන් හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වී යැයි සිතමි.

ගොඩනැගිලි සැලසුම්
තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ
නිර්මාණ ශිල්පිධෑ
කවිෂා පෙරේරා
Viharaa HomeDesign

අර්චිත ඉඳුවර ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?