නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ශීතකරණයෙන් මල් සුවඳ වස්සන Tips
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ශීතකරණයෙන් මල් සුවඳ වස්සන Tips

Published May 27, 2024

ඔබේ ශීතකරණ තුළින් අප්‍රසන්න දුගඳක් හමනවා නම් එය එතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. එය ඔබේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි දැඩි ලෙස බලපාන නිසා එවැනි තත්ත්වයන් ඇතිවීම ඔබ අනිවාර්යයෙන්ම වළක්වා ගත යුතුයි. ඒ නිසා බොහෝ දෙනකුට තිබෙන මෙම ගැටලුව ගැන අපි කතා කරන්න හිතුවා.

අපි මුලින්ම බලමු ශීතකරණයෙන් අප්‍රසන්න දුගඳක් නිකුත් වන්නේ ඇයි කියලා ?

මෙය ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ ඔබ නිතර ශීතකරණය පිරිසිදු නොකිරීමයි. ඊට අමතරව පිසූ ආහාර නිසි ලෙස ගබඩා නොකිරීම, මස්, මාලු වර්ග දීර්ඝ කාලයක් ශීතකරණයේ ගබඩා කර තැබීම, ඕනෑවට වඩා ආහාර ද්‍රව්‍යවලින් ශීතකරණය පිරවීම වැනි කරුණු ද හේතු වන්නට පුළුවන්.

අපි බලමු මේ තත්ත්වය වළක්වාගන්න පුළුවන් ස්වභාවික පිලියම් මොනවාද කියලා ?

බේකින් සෝඩා

කුඩා වීදුරු කෝප්පයක් හෝ වීදුරු බඳුනක් ගෙන එයට බේකිං සෝඩා පුරවා ශීතකරණයේ කෙලවරක තබන්න. එමඟින් ශීතකරණයෙන් නිකුත්වන අප්‍රසන්න දුඟද අවශෝෂණය කර ගන්නා අතර ශීතකරණය තුළ ඇති වාතයද සෙමෙන් පිරිසිදු කරනු ලබනවා.

ලෙමන්

ලෙමන් ගෙඩියක් ගෙන පෙති කපා එය වීදුරු බඳුනක් බහා ශීතකරණයේ තබන්න. ලෙමන්වලට අප්‍රසන්න දුර්ගන්ධයක් අවශෝෂණය කර ගන්නා අතර ලෙමන්වල ඇති නැවුම් සුවඳ ශීතකරණය ඇති වාතයට මුසු වනවා. මෙසේ ලෙමන් තැබීමේදී ඒවා සතියකට දෙවරක් මාරු කිරීමටත් වගබලා ගත යුතුයි.

අර්තාපල්

අර්තාපල් ගෙඩියක් ගෙන එහි පොතු ඉවත්කර ශීතකරණයේ තබන්න. අර්තාපල් අවශෝෂකයක් ලෙස ක්‍රියා කරන අතර ශීතකරණයේ ඇති සියලුම දුර්ගන්ධයන් ඉවත් කරනවා. මෙසේ තබන අර්තාපල් සතියකට දෙවරක් හෝ තුන්වරක් මාරු කිරීමටත් සැලකිලිමත් විය යුතුයි.

වැනිලා

කපු පුළුන් බෝල කිහිපයකට වැනිලා එකතු කරන්න. නැත්නම් කපු පුළුන් බෝල කිහිපයක් වැනිලාවල පොඟවන්න. ඒවා වීදුරු භාජනයක බහා ශීතකරණයේ කෙලවරක තබන්න. මෙමගින් ශීතකරණය තුළ ප්‍රසන්න සුවඳක් ඇති කරනවා.

Essential oil

ඔබ කැමතිම වර්ගයේ Essential oil  කපු පුළුන් බෝලවල පොඟවා ඒවා වීදුරු භාජනයක බහා ශීතකරණයේ තබන්න. ඒවා දින දෙක තුනකට වරක් අලුත් කරන්න.

පාවිච්චි කළ Tea Bags

පාවිච්චි කළ Tea Bags කිහිපයක් විවෘත කළ භාජනයක බහා ශීතකරණය තුළ තබන්න. තේ දළු මගින් දුර්ගන්ධයන් අවශෝෂණය කර ගන්නා අතර ශීතකරණය තුළ ඇති වාතයට නැවුම් සුවඳක්ද මෙමඟින් එකතු කරනවා. එය පවත්වාගෙන යාම සඳහා දින 2 – 3 කට වරක් Tea Bags මාරු කරන්න.

ශීතකරණයේ අප්‍රසන්න දුගදක් ඇතිවීම වළක්වා ගන්නේ කොහොමද ?

  • එළවළු සහ පලතුරු හොඳින් සෝදා පිරිසිදු කර ගබඩා කරන්න.
  • පිසූ ආහාර වාතය ඇතුළු නොවන වීදුරු භාජනවල හෝ බෑග්වල බහා ශීතකරණයේ ගබඩා කරන්න.
  • එසේ ගබඩා කරන ආහාර ඉක්මනින් පරිභෝජනය කරන්න.
  • ඉක්මනින් නරක් විය හැකි එළවලු, මස් සහ මාළු වර්ග දින දෙක තුනක් ඇතුළත භාවිතයට ගන්න
  • සතියකට වරක් ශීතකරණය Deep Clean කරන්න.

ඔබ පරිභෝජනය කරන ආහාරවලින් ඉතා වැඩි ප්‍රමාණයක් ඔබ ගබඩා කරන්නේ ශීතකරණය තුළ නිසා අනිවාර්යෙන්ම ඒ පිරිසිදුව සහ හොඳ තත්ත්වයෙන් පවත්වා ගැනීම පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා මේ උපක්‍රම භාවිත කර ඔබේ ශීතකරණය හොඳ සෞඛ්‍ය ආරක්ෂාවෙන් යුතු තැනක් බවට පත් කරගන්න.

අර්චිත ඉඳුවර ✍️

TAGGED: ශීතකරණ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?