නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සෙල්ලමක් කර නොගත යුතු කූඩු හැදිල්ල
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සෙල්ලමක් කර නොගත යුතු කූඩු හැදිල්ල

Published May 27, 2024

හැම දෙයකටම අර්ථයක් තියෙනවා

වෙසක් උත්සවය වෙනුවෙන් සිදු කරන ආමිස පූජාවන් අතරට වෙසක් සැරසිළි ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා. බාල වයසේ දරුවන්ගේ පටන් වැඩිමහල් අය පවා වෙසක් උත්සවය නිමිත්තෙන් සැරසිල්ලක් කිරීමට පසුබට වෙන්නේ නැහැ. මේ අතර වෙසක් කුඩු සකස් කිරීම ඉතාම සුලබව සිදු වෙන්නක්.වෙසක් කුඩු විවිධ හැඩයෙන් නිර්මාණය කරනවා. පැටව් සහිතව මේ අන්දමින් වෙසක් කුඩු නිර්මාණය කිරීම නිසා බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් වූ ආමිස පූජාවක් වගේම තවත් ලෙසකින් නිර්මාණශීලීත්වය, හසුරු කුසලතාවයන් වැඩි දියුණු වෙනවා. අද පවා බොහෝ අය විවිධ හැඩයෙන් යුක්ත, නිර්මාණශීලී අලංකාර වෙසක් කුඩු නිර්මාණය කිරීමට උනන්දුවක් දක්වනවා. උදාහරණයක් ලෙස අටපට්ටම, තරුව, නෙළුම්මල් ලෙසින් සැරසිළි දකින්න ලැබෙනව.මේ අතර අටපට්ටම් වෙසක් කුඩුවකින් බෞද්ධ දර්ශනය සංකේතවත් කරන බැව් ඔබ දන්නවාද ?

අටපට්ටම් කුඩුවක කොටස්…

සම චතුරඝ්‍ර හතරක්
ත්‍රිකෝණ අටක්
හිස් කොටු දෙකක්
රැළි වැල්
පහන් ආලෝකයක්

මේ සෑම කොටසකින්ම සංකේතවත් වන ගැඹුරු ධර්මතාවයක් තිබෙනවා.

සමචතුරඝ්‍ර හතර…

අටපට්ටම් කුඩුවක් නිර්මාණය කිරීමේදී හතරැස් කොටු හතරක් යොදා ගන්නවා. මෙම සමචතුරඝ්‍ර හතර චතුරාර්ය සත්‍ය සංකේතවත් කිරීමක් ලෙස සඳහන් කරන්න පුළුවන්.

දුක්ඛ සත්‍යය
දුක්ඛ සමුදය සත්‍ය
දුක්ඛ නිරෝධ සත්‍යය
දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා සත්‍යය

ඒ වගේම අටපට්ටම් කූඩුවක ත්‍රිකෝණ අටක් තිබෙනවා. මෙම ත්‍රිකෝණ අට අටලෝදහම සංකේතවත් කරනවා. අටලෝ දහම යනු ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක මෙම අටලෝ දහම අප කාටත් පොදුයි.

එහෙත් අප ජීවත් වීමේදී අටලෝ දහමට කම්පා නොවී ජීවිතය ගොඩ නගා ගැනීම වැදගත්. අටලෝදහමට කම්පා නොවී ජීවත්වීම ගැන බුදුරජාණන්වහන්සේගේ ධර්මයේ අපට පෙන්වා දුන් සේක. අටපට්ටම් කුඩුවක ඇති හිස් කොටු දෙකෙන් අපේ උපත සහ මරණය සංකේතවත් වෙනවා.

කුඩුවේ අලංකාරයට යැයි අප සිතන රැළි වැල් මගින් සංසර ගමනත්, පහන් ආලෝකයෙන් අපේ සිතත් සංකේතවත් වෙනවා.සිත හැම දෙයටම ප්‍රධානයි. එය කුසලයට වගේම අකුසලයටත් හේතු වෙනවා.

ලෝභ, ද්වේශ සහ මෝහ යන අකුසල මූලයන්ට වගේම අලෝභ, අදෝෂ සහ අමෝහ යන කුසල මූලයන්ටත් සිත ප්‍රධානයි. ඒ නිසා ඔබ විසින් නිර්මාණය කරන අටපට්ටම් වෙසක් කුඩුවකින් සංකේතවත් වන බුදුදහමේ ඉගැන්වීම් ගැනත් දැනුවත්ව සිටීම ඉතාම වැදගත්.

 පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️
 

TAGGED: අටපට්ටම්, බෞද්ධ, වෙසක්, වෙසක් කුඩු
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?