නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බුදු දහම තුළ කියන යහපත් සන්නිවේදනය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බුදු දහම තුළ කියන යහපත් සන්නිවේදනය

Published May 27, 2024

එදිනෙදා ජීවිතයේදී අපට විවිධ චරිත ලක්ෂණ ඇති පුද්ගලයන් හමුවනවා. මේ සෑම පුද්ගලයකු සමගම අන්තර් සන්නිවේදන සම්බන්ධතාවන් මනාව ගොඩනඟාගැනීම ඉතාම වැදගත්. නමුත් එය පහසු කාර්යයක්ද නොවේ. එකම පවුලක වුණත් විවිධ ගති පැවැතුම් ඇති සහෝදර සහෝදරියන් සිටිනවා. එසේ නම් එකම මවකගේ දරුවන් නොවන බාහිර සමාජයේදී අපට ඇසුරට හමුවන පුද්ගලයන් අතරත් විවිධාකාර චරිත ලක්ෂණ ඇති පුද්ගලයන් සිටිනවා. නමුත් අප මේ හැම දෙනා සමගම මනා වූ සම්බන්ධතාවක් ගොඩනඟාගැනීම වැදගත්. එවැනි සම්බන්ධතාවක් වෙනුවෙන් සන්නිවේදනයේදී අප සතුව පවතින හැකියාව ඉතා වැදගත්. එබැවින් තැනට ගැළපෙන සේ අපි හැසිරෙන්නේ කෙසේද? බුදුරජාණන් වහන්සේ විසින් පුද්ගලයන් විසින් නගන ලද ප්‍රශ්න විෂයෙහි ප්‍රතිචාර දැක්වූ ක්‍රම සතරක් තිබෙනවා. අපේ වැඩිහිටියන් සඳහන් කරන ‘දොඩ දොඩා බස් බෝ වේ’ ජන වහරට අනුව බොහෝ ගැටුම්වලට අපේ වචන නිසා සංවාදයන් දිර්ඝ වී අවසානයේදී ඔවුනොවුන් අතර විරසක සිත් ඇතිවන තරමටම තත්ත්වය දරුණු වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා අපි එකිනෙකා අතර සම්බන්ධතාවන් ගොඩනගාගැනීමේදී අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙන රටාව හඳුනාගැනීමත් ඉතාම වැදගත්.

සෘජුවම පිළිතුරු ලබා දීම…

බුදුරජාණන් වහන්සේ ඇතැම් ප්‍රශ්නවලදී ඉතා කෙටි පිළිතුරු ලබා දුන් අවස්ථා ඇත. ප්‍රශ්නයට අදාළව ‘ඔව්’ හෝ ‘නැහැ’ යනුවෙන් පිළිතුරු ලබා දී උන්වහන්සේ නිහඬ වූ සේක. අපේ සමාජයේදීත් එවැනි කෙටි පිළිතුරු ලබාදීමට සිදුවන අවස්ථාවන්හිදී අනවශ්‍ය ලෙසින් ප්‍රශ්නය දිගින් දිගට ගෙන යෑමට වඩා ‘ඔව්’ හෝ ‘නැහැ’ යනුවෙන් පිළිතුරු ලබාදී නිහඬ විය යුතු අවස්ථාවන් තිබේ.

විස්තරාත්මකව පිළිතුරු ලබා දීම…

බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් බොහෝ ජාතක කතාවන්හිදී බුදුරජාණන් වහනසේ මෙවැනි විස්තරාත්මක පිළිතුරු ලබාදුන් අවස්ථාවන් ගැන අපට සඳහන් කළ හැක. භික්ෂූන් වහන්සේලා විසින් යම් ප්‍රශ්නයක් ගැන විමසූ විට ඊට අදාළ අතීත සිදුවීමද ඉදිරිපත් කරමින් පූර්වාපර අවස්ථා ගළපමින් අදාළ ප්‍රශ්නයට විස්තරාත්මක විසඳුම් ලබාදුන් අවස්ථාවන් බොහෝ ඇත. බුද්ධකාලීන භාරතයේ බ්‍රාහ්මණයෝ තමන් ඉතා උසස් ජාතියක් බවට හඳුන්වා ගනිමින් ජීවත් වූහ. නමුත් ඔවුන් හැසිරීමෙන් බල්ලන්ටත් වඩා පහත් ජාතියක් බැව් බුදුරජාණන් වහන්සේ දීඝ නිකායේ තෙවිජ්ජක සුත්‍රයේදී මේ අන්දමින් විස්තර කළ සේක.

පෙර බමුණෝ බැමිණියන් කරාම ගිය නමුත් දැන් බමුණෝ නොබැමිණියන් කරාද යති. බල්ලෝ තවමත් යන්නේ බැල්ලියන් වෙත පමණි.

පෙර බමුණෝ වැඩිවිය පත් බැමිනියන් කරාද ගිය නමුත් දැන් බමුණන් වැඩිවියට නොපත් බැමිනියන් කරා යති. එහෙත් බල්ලන් එසේ වැඩිවියට පත් බැල්ලියන් වෙතට නොයති.

පෙර බමුණෝ බැමිණියන් විකුණුවේ හෝ මිලට ගත්තේ නැත. දැන් බමුණන් බැමිණයන් මිලට ගැනීම සහ විකිණීම කරති. නමුත් බල්ලන් තවමත් බැල්ලියන් විකුණන්නේ නැත.

පෙර බමුණන් ධනධාන්‍ය රැස් නොකළ නමුත් දැන් බමුණෝ ධනධාන්‍ය රැස් කරති. නමුත් බල්ලන් එසේ ධනධාන්‍ය රැස් කරන්නේද නැත.

පෙර බමුණන් කා බී ඉතිරි දෙය රැගෙන ගියේ නැත. නමුත් දැන් බමුණන් කා බී ඉතිරි දෙයද රැගෙන යන්නාහ. එහෙත් තවමත් බල්ලන් කා බී එම ස්ථානයෙන් යනවා මිස ඉතිරි දෙය රැගෙන යන්නේ නැත.මේ අන්දමින් අදාළ ප්‍රස්තුතය විස්තරාත්මක ලෙස ගළපමින් පිළිතුරු දුන් අවස්ථාවන් බොහෝය.

ප්‍රශ්න කිරීමෙන්…

යම් සිදුවීමක සත්‍ය අසත්‍ය බව පෙන්වාදීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් භාවිත කළ සාර්ථක ක්‍රමය වන්නේ මෙයයි. අදාළ ප්‍රශ්නයට වූ පිළිතුර පුද්ගලයා වෙතින්ම ලබාගැනීම බුදුන් වහන්සේ ඇතැම් අවස්ථාවන්හි අනුගමනය කරන ලද තවත් ක්‍රමවේදයකි.

සොක්‍රටීස් විසින්ද මෙම ක්‍රමය අනුගමනය කරන ලදි. වර්තමාන අධ්‍යාපන රටාව තුළද ‘බුද්ධිකලම්බනය’ යනුවෙන් අධ්‍යාපන විද්‍යාඥයන් විසින් මෙම ක්‍රමය අනුගමනය කරනු ලැබේ. එක් බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මේ ලෝකය මවන ලද්දේ බ්‍රහ්මයා විසින් යැයි තරයේම තර්ක කරන්නට විය.

“හොඳයි… මේ ලෝකය බ්‍රහ්මයා විසින් මවන ලද බැව් ඔබට කිව්වේ කවුද?” බුදුරජාණන් වහන්සේ විමසා සිටියහ.

“මගේ ගුරුවරයා විසින් මට එසේ කියා ඇත.” බමුණා කීවේය.

“ඔබේ ගුරුවරයා බ්‍රහ්මයා දැක තිබේද?”

“නැත. නමුත් අපේ මුතුන්මිත්තන් පවා අපට කියා තිබෙන්නේ ඒ විදිහටයි.” බමුණා කීවේය.

පරම්පරාවෙන් පැවැති පමණින් එය පිළිගැනීම මෝඩයන්ට මිස ඤාණවන්තයන්ට ගැළපෙන්නක් නොවන බැව් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. මෙම සිදුවීමේදී බුදුරජාණන් වහන්සේ බමුණා සමග තර්ක විතර්ක ගොඩනඟමින් සංවාදය දීර්ඝ කළේ නැත. ප්‍රශ්නයට අදාළ පිළිතුර ඔහු වෙතින් ලබාගත් සේක.

නිහඬව සිටීම…

බොහෝ ප්‍රශ්නවලදී බුදුරජාණන් වහන්සේ නිහඬව සිටියහ. ලෝකය ශාස්වතද… අශාස්වතද… ලෝකයේ කෙළවරක් ඇත්ද… නැත්ද… ජීවය සහ ශරීරය එකක්ද. මෙවැනි ප්‍රශ්නවලදී බදුරජාණන් වහන්සේ නිහඬව සිටියහ.

මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු දීම ගැන උන්වහන්සේ මෙසේ වදාළ සේක. කැලයක් මැදින් ගමන් ගනින්දී ඊතලයක් වැදුණ විට ඔහු කළ යුත්තේ එය සිරුරෙන් ඉවත්කොට තුවාලයට ප්‍රතිකාර කිරීමයි. එසේ නොමැතිව ඊතලය පැමිණි දිසාව, එය විදින ලද්දේ කවුදැයි විපරම් කිරීම නිෂ්ඵල කාර්යක් බැව් පෙන්වා දුන් සේක.

එසේ නම් ඔබ සමාජයේ ජීවත්වන විට තවත් පුද්ගලයකු සමග කතාබහ කිරීමේදී එහි සීමාවන් දැනගැනීම වැදගත්. එපමණක් නොව අදාළ පුද්ගලයාගේ චරිත ස්වභාවය අනුව සංවාදය දීර්ග කිරීම හෝ ‘ඔව්’ හෝ ‘නැහැ’ යනුවෙන් කෙටි පිළිතුරු ලබා දී නිහඬ වීමේ විකල්ප අවස්ථාවන් ඔබ සතුව තිබේ.

සමහර විට ඔබ මේ ප්‍රශ්නය ගැන බොහෝ කරුණු දැනුවත්ව සිටියත් අවස්ථාවට එය ගැළපෙනවා නම් පමණක් කතා කරන්න. ඔබ අවට සමාජය වෙතින් එම විස්තරාත්මක කරුණු ගැන ප්‍රතිචාර නොදක්වන්නේ නම් නිහඬ වීම බුද්ධිමත් බවේ ලක්ෂණයකි.

රූපවාහිනී සහ ගුවන්විදුලි ධර්මදේශක
පූජ්‍ය අතුරුගිරියේ
අනුරුද්ධ ස්වාමින්වහන්සේ
ධර්මරාජ මහ පිරිවෙන
කණදුල්ල-කුලියාපිටිය

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️





 

TAGGED: Vesak, බුදු දහම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?