නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගෙදර පිරිසිදු කරගන්න Natural Cleaners
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ගෙදර පිරිසිදු කරගන්න Natural Cleaners

Published May 20, 2024
නාන කාමරය පිරිසිදු කරන්න මිල අධික පිරිසිදුකාරක හැමවෙලේම අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට පහසුවෙන් භාවිත කළ හැකි අමුද්‍රව්‍ය ගැන අද අපි කතා කරමු. මේ අමුද්‍රව්‍ය පරිසර හිතකාමී වීම විශේෂ වාසියක්.

බේකින් සෝඩා

බේකින් සෝඩා වැසිකිළිය සහ නාන කාමය මතුපිට පිරිසිදු කිරීමට යොදාගත හැකියි. අනවශ්‍ය ගන්ධයන් ඉවත් කිරීමට සහ ටයිල්වල තැවරී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට යොදා ගත හැකිය. ටයිල් මත, බිත්තිවල සහ ටයිල් දාරවල රැඳී ඇති කුණු සහ පාසි පහසුවෙන්ම ස්ක්‍රබ් කර ඉවත් කිරීමට මේවා උපකාරී වේ.

සුදු විනාකිරි

සුදු විනාකිරි ස්වභාවික විෂබීජ නාශකයකි. නාන කාමරයේ ඇති සබන් පැල්ලම්, කුණු පැල්ලම් සහ පාසි ආදිය ඉවත් කිරීමට සුදු විනාකිරි යොදාගත හැකියි. විශේෂයෙන්ම වීදුරු කොටස්, කණ්ණාඩි, කරාම සහ ශවර් හෙඩ් පිරිසිදු කිරීම සඳහා මෙය යොදාගත හැකියි.

ලෙමන් යුෂ

ලෙමන් යුෂවල ප්‍රති බැක්ටීරියා හා විෂබීජ නාශක ගුණ අඩංගුයි. නාන කාමරයේ ඇති ග්‍රීස් වැනි පැල්ලම් කපා ඉවත් කිරීමට ලෙමන් යුෂ උපකාරී වේ. එමෙන්ම නැවුම් පැඟිරි සුවඳක් නානකාමරයට එකතු වන අතර එහි ඇති ගඳ ඉවත් වී යයි.

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ස්වාභාවික විෂබීජ නාශකයක් වන අතර අනවශ්‍ය පැල්ලම් සහ පුස් ඉවත් කිරීමට යොදාගත හැකිය.

Essential oil

Tea tree තෙල්, ලැවෙන්ඩර් තෙල් හෝ යුකැලිප්ටස් තෙල් වැනි තෙල් වර්ග ප්‍රතිබැක්ටීරියා ගුණ සහිතය. ප්‍රසන්න සුවඳක් අඩංගු වන අතර පිරිසිදු කිරීමට යොදාගත හැකිය. ඔබ නානකාමරය සෝදන ජලයට තෙල් බින්දු කිහිපයක් එකතු කර සේදීමෙන් නාන කාමරයේ ඇති බැක්ටීරියා ඉවත් වී ප්‍රසන්න සුවඳක් ලැබෙනු ඇත.

ඔලිව් තෙල්

මල නොබැඳෙන වානේ කොටස් පිරිසිදු කිරිමට ඔලිව් තෙල් යොදා ගත හැකිය. ඒවා යොදා ඔප දැමීමෙන් බබලන ස්වභාවයක් ලබාගත හැකි වනු ඇත.

ඉරිඟු පිටි

ජනෙල් සහ දර්පණ පිරිසිදු කිරීම සඳහා යොදා ගත හැකියි.

පොල්තෙල්

නානකාමරයේ දැව මතුපිට පිරිසිදු කිරීමට පොල්තෙල් යොදා ගත හැකියි.

ලුණු

නාන කාමරයේ ඇති වී තිබෙන තද පැල්ලම් සහ කුණු ඉවත් කිරීමට ලුණු පිරිසිදුකාරකයක් ලෙස භාවිතා කළ හැකිය.

ස්වභාවික පිරිසිදු කිරීමේ වට්ටෝරු

  • ජලය සහ සුදු විනාකිරි සමාන ප්‍රමාණවලින් ගෙන මිශ්‍ර කරන්න. එයට Essential oil බිඳු කීපයක් මුසු කරන්න. සින්ක්, කවුන්ටර ඇතුළු මතුපිටවල් පිරිසිඳු කිරීමට මෙය යොදාගන්න.
  • බේකින් සෝඩා සහ ජලය මිශ්‍ර කර පේස්ට් එකක් සකසා ගන්න. ටයිල් ස්ක්‍රබ් කිරීමට යොදා ගන්න.
  • ජලය සහ සුදු විනාකිරි සමාන ප්‍රමාණවලින් ගෙන මිශ්‍ර කරන්න. ෆයිබර් රෙදි කඩක් ගෙන වීදුරු මතුපිටවල් පිරිසිදු කරන්න.
  • වැසිකිළි බඳුන ඇතුළතට බේකින් සෝඩා ඉස ගන්න. විනාඩි කිහිපයක් තබා සෝදා හරින්න.

අර්චිත ඉඳුවර ✍️



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?