නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න

Published May 20, 2024

නිව්ජර්සිහි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අනාවරණයක්

බල්ලා අනාදිමත් කාලයක පටන් මිනිසාට හිතෛෂි සත්ත්වයෙක්. ඒ වගේම ගෙවැසි සුරතලෙක්, ආරක්ෂකයෙක්. අද වන විට සුනඛයා පවුලේම සාමාජිකයෙක් බවට පත්වීමට තරම් ආදරණීය සත්ත්වයෙක් බවට පත්ව තිබෙනවා. ඒත් බල්ලන් සමග ජීවත්වීම පහසු නැහැ. නමුත් බල්ලන්ගෙන් සම්ප්‍රේෂණය වන වෛරස රෝග තත්ත්වයක් නිසා මිනිසුන්ගේ අක්ෂි ආබාධ සහ උග්‍ර රුධිරය විෂ වීමේ රෝග තත්ත්වයන්ට පත්විය හැකි බවට දැන් දැනුම් දීමක් තිබෙනවා.

පසුගිය දිනක නිව්ජර්සි ජනපදයේ බල්ලන් දෙදෙනෙකු වෙතින් මෙම භයානක බැක්ටීරියාව හඳුනාගෙන තිබෙන බැව් එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලුක් ඇන්ඩෘ විසින් DAILYMAIL වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා.

Pseudomonas aeruginosa බැක්ටීරියාව මෙම Pseudomonas aeruginosa බැක්ටීරියාව පරිසරය ආශ්‍රිතව ජීවත් වන අතර එය ජීවියෙකුට සම්ප්‍රේෂණය වීම නිසා සමහර විට සුළු අපහසුතාවයන් ඇති වෙනවා. එය ඔවුන්ගේ ප්‍රතිශක්තිය අනුව වෙනස් වෙනවා.

තෙතමනය සහිත ස්ථානයන්හි ජීවත් වන මෙම බැක්ටීරියාව සම්ප්‍රේෂණය වීම නිසා ඇස, කණ, සම හෝ පෙනහළු ආශ්‍රිතව ආසාදනයන් ඇති වීමට පුළුවනි. බල්ලන්ගේ පෙනහළු සහ කණ ආශ්‍රිතවත් මෙම බැක්ටීරියාව Pseudomonas aeruginosa ජීවත් වෙනවා.Pseudomonas aeruginosa බැක්ටීරියාව නිසා ආසාදනයට පත්වන බල්ලන් කැස්ස සහ ඇසීමේ දුර්වලතාවයට පත් වෙනවා. ඒ වගේම මෙම බැක්ටීරියාව නිවැසි සුනඛයන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමට ඉඩ තිබෙනවා.

එය වඩාත්ම මිනිසුන්ගේ පෙනීම සම්බන්ධයෙන් බලපාන්නට ඉඩ තිබෙන අතර සමහර විට අන්ධභාවයට පවා පත් විය හැකි බවට පර්යේෂකයන් විසින් අනතුරු දන්වා තිබෙනවා. බල්ලන්ගෙන් සම්ප්‍රේෂණය වුන මෙම Pseudomonas aeruginosa බැක්ටීරියාව නිසා පසුගිය වසරේදී මිනිසුන් හතර දෙනෙකු මරණයට පත්ව ඇති අතර පුද්ගලයන් 14 දෙනෙකු අන්ධබවට පත් වුන බවත් වාර්තා වෙනවා.

මරණයට පත්වීමට තරම් දරුණුද… ?

සමහර විට ඔබට මෙසේ සිතෙනු ඇති. සුනඛයන්ගෙන් පැතිරෙන මේ බැක්ටීරියාව මිනිසුන්ට මේ තරම් දරුණු සංකුලතාවයන් ඇති කරන්නේ කෙසේද… ? ඔබේ සැකය සාධාරණ වුණත් මිනිසාට මේ වෛරසය හානි කරන්නේ මේ විදිහටයි.Pseudomonas aeruginosa බැක්ටීරියාවට ආසාදනය වීම නිසා ඇසේ බාහිරව පිහිටි තන්තු මෘදු බවට පත් වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට පෙනීම පිලිබඳව ගැටලු ඇති වෙනවා.

නමුත් ඊටත් වඩා දරුණු සංකුලතාවයන් ඇති කිරීමටත් මේ බැක්ටී්රියාව හේතු වෙනවා. බැක්ටීරියාව නිසා රුධිරය ආසාදනය වීමේ රෝග තත්ත්වය හෙවත් Sepsis රෝග තත්ත්වය නිසා වසරකදී දළ වශයෙන් ලොව පුරා පුද්ගලයින් එක් කෝටි දසලක්ෂයකට වඩා පිරිසක් මිය යන බව වොෂිංටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දෙනවා.

යම් පුද්ගලයෙකුට බැක්ටීරියාව ශරීරගත වූ විට එය ඔවුන්ගේ සිරුරේ ගුණණය වීමට පටන් ගන්නවා. මේ නිසා ඒ පුද්ගලයාගේ පෙනහළු, සම,ආහාර ජීරණ මාර්ග පද්ධතිය ආශ්‍රිතව ආසාදිත වීම් ඇති වෙනවා. මේ නිසා හඳුනාගත නොහැකි අන්දමින් රුධිරය විෂ වීම සහ පටක හානිය පවා සිදු විය හැකියි.

ඒ වගේම ආසාදිත සුනඛයන්ගේ මල මුත්‍රා වගේම මෙම සතුන්ගේ කෙළ, ඔස්සේද බැක්ටීරියාව ආසාදනය වීමට ඉඩ තිබෙනවා. 48 හැවිරිදි ග්‍රෙග් මැන්ටිෆෙල් මෙම බැක්ටීරියාවෙන් ආසාදන වීම නිසා අවසානයේදී ඔහුගේ කකුලක් පවා කපා ඉවත් කිරීමට සිදු වුණා. ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බල්ලෙකුගෙන් බැක්ටීරියාව සම්ප්‍රේෂණය වීම නිසා 53 හැවිරිදි කාන්තාවක් මෙම බැක්ටීරියාවෙන් ආසාදනය වී රුධිරය විෂ වීමේ තත්ත්වයක් නිසා මරණයට පත්ව තිබෙනවා.

අවදානම වැඩි පිරිස…

දෙවන වර්ගයේ දියවැඩියාව, තරබාරුව ඇති පුද්ගලයන්ට මෙම බැක්ටීරියාවෙන් ආසාදනය වීමෙන් පසුව සංකුලතාවයන් ඇති වීමේ වැඩි අවදානමක් තිබෙන බැව් රෝග පාලනය සහ නිවාරණය පිළිබඳ මධ්‍යස්ථානයේ Centers for Disease Control and Prevention (CDC) Dr පශු වෛද්‍ය Emma Price සඳහන් කරනවා.

ප්‍රතිජීවකවලට ඔරොත්තු නොදීම…

බැක්ටීරියා, වෛරස සහ දිලීර සහ පරපෝෂිතයන් විටින් විට වෙනස් වෙනවා. මේ වෙනස් වීම නිසා පවතින ප්‍රතිජීවක මඟින් රෝග තත්ත්වයට සාර්ථක සුවයක් ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වය ඇති වෙන්නේ බැක්ටීරියාවේ පවතින තත්ත්වයට ප්‍රතිජීවක ඖෂධ වෙතින් ප්‍රතිචාර නොදැක්වීම නිසාය. මේ තත්ත්වය “ ප්‍රතිජීවක ප්‍රතිරෝධය ” යනුවෙන් හඳුන්වනවා. එවැනි අවස්ථාවන් වෙනුවෙන් නව ප්‍රතිජීවක හඳුන්වා දීම අවශ්‍ය වෙනවා.

නමුත් එය පහසු කාර්යක් නොවෙයි. Pseudomonas aeruginosa බැක්ටීරියාව සම්බන්ධයෙනුත් මේ තත්ත්වය දැන් සාධාරණ වී තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ වසරකට ප්‍රතිජීවක ඖෂධවලට ඔරොත්තු නොදෙන රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 2. 8 ක් බැව් වාර්තා වෙනවා.

මීට පෙරාතුව බැක්ටීරියා ආසාදිත රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ලෙසින් භාවිතා කළ carbapenem ප්‍රතිජීවක ඖෂධය වෙනුවෙන් Pseudomonas aeruginosa  බැක්ටීරියාව ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒ වගේම දැනට නිර්දේශිත ප්‍රතිජීවක ඖෂධ මගින් මෙම බැක්ටීරියාව විනාශ කිරීමත් අපහසුයි. ඒ නිසා මෙම බැක්ටීරියාව වෙනුවෙන් නව ප්‍රතිජීවක හඳුනා ගැනීමට පවා පර්යේෂකයන්ට සිදු වීමටත්

බල්ලන්ගෙන් ප්‍රවේසම් වීම…

මෙම දරුණු බැක්ටීරියා තත්ත්වයන්ගෙන් සුනඛ අයිතිකරුවන් සහ පවුලේ උදවිය ආරක්ෂා කර ගැනීමට ඒ වෙනුවෙන් පූර්ව ආරක්ෂාව සලසා ගැනීම ඉතාම වැදගත්. සුනඛයන් දුරස්ථව තබා ගැනීම වගේම මෙම සතුන්ගේ මල, මුත්‍රාවලට නිරාවරණය නොවී සිටිය යුතු බවටත් වෛද්‍යවරුන් අනතුරු ඇගවීමක් කර තිබෙනවා’ ඒ නිසා “ බල්ලොත් එක්ක නම් බැහැ ” කියන තැනට පත් නොවී, ඔබ නිවසේ සිටින බල්ලා වගේම ඔබත් Pseudomonas aeruginosa බැක්ටීරියාවට ආසාදනය නොවී සිටින්නට වග බලා ගන්න.

Mail online ඇසුරෙන්

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?