නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බැලිය යුතුම පිටකවරය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බැලිය යුතුම පිටකවරය

Published May 13, 2024
යම් භාණ්ඩයක් පැරණි වනවිට ඒ වෙනුවෙන් කෞතුක වටිනාකමක් ගොඩනැගෙනවා. අද වනවිට කෞතුක හෙවත් Antique භාණ්ඩ වෙනුවෙන් උනන්දුවක් දක්වන සමාජයක් බිහි වී තිබෙනවා.

පොතකට පිළිගැනීමක්…

නමුත් පැරණි පුස්තකවල අන්තර්ගතය වෙනුවෙන් තිබෙන පිළිගැනීම කාලයත් සමග වෙනස් වෙන්නේ නැහැ. අලුුත් පර්යේෂණ මඟින් පැරණි දැනුම අලුත් වීම, පවතින දැනුම යාවත්කාලීන කිරීම, යම් යම් සිද්ධාන්ත වෙනස් වීම වැනි අධ්‍යනයන් සිදු කිරීමේදී ඒ වෙනුවෙන් පැරණි පොත්පත් පාදක කරගන්නවා. නමුත් කාලයත් සමඟ අන්තර්ගතයේ වෙනස්කම් සිදු නොවුණත් පොතක පිටකවරය ගැන නම් එතරම් සතුටුදායක ආරංචි ලැබෙන්නේ නැහැ.මේ ගැන පසුගියදා අධ්‍යනයක් සිදු වුණා. ඩෙල්වෙයා විශ්ව විද්‍යාලය මඟින් සිදු කරන ලද මෙම අධ්‍යනයේදී 19 වන ශතවර්ෂයට අයත් ග්‍රන්ථවල පිටකවරයන්හි විවිධ විෂ සංයෝග ඇතුළත්ව තිබෙන බැව් පෙනී ගියා. ඔවුන් විසින් ලබාගත් සාම්පල අතරට

Poetical Works of  William Cowper, Esq (1845
The Liberty Bell (1856)
Winter Wreath of Summer Flowers (1855)


වැනි 19 වන සියවසට අයත් කෘති ඇතුළත් වී තිබුණා. මෙම කොළ, රතු සහ කහ පිටකවර සහිත පොත්වල රසදිය, ඇන්ත්‍රැක්ස් වැනි විෂ සංයෝග අන්තර්ගතව තිබූ බැව් පර්යේෂකයන් විසින් ලබාගත් එක්ස්රේ ඡායාරූප මඟින් පෙනී ගියා.

කිළිටි පිටකවර අනතුරුදායකයි…

මේ කරුණු පාදක කරගෙන පර්යේෂකයන් විසින් සඳහන් කරන්නේ පැරණි පොත්වල පිටකවරවල අන්තර්ගත විෂ සංයෝගවලට නිරාවරණය වීම නිසා පාඨකයන් ශ්වසන ආශ්‍රිත රෝග තත්ත්වයන්ට පමණක් නොව, පෙනහලු පිළිකා වැනි තත්ත්වයන්ට ගොදුරු වීමටත් ඉඩ තිබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

කොළ වර්ණය…

වික්ටෝරියානු යුගයේ වෙරළු කොළ පැහැති සම් පිටකවර සහිත කෘති පාඨකයන් අතර ඉතා ජනප්‍රිය වුණා. නමුත් මිළ සංසන්දනය කිරීමේදී සම්වලට වඩා විවිධ ප්‍රභේද සහිත කොළ වර්ණකයන් (Paris green, emerald green සහ Scheele’s green) යොදා ගැනීම ලාභදායක බව පොත් ප්‍රකාශකයන්ට පෙනී ගිය නිසා ඔවුන් සම් වෙනුවට වෙරළු කොළ වර්ණක ඒ සඳහා ආදේශ කළා. නමුත් මෙම වර්ණකයන්හි ආසනික් අන්තර්ගත බව ප්‍රකාශකයන් දැන සිටියේ නැහැ.

අද වනවිටත් අහිතකර විෂ රසායනයන් සහිත පැරණි කෘති ලෝකය පුරා පුස්තකාල සතුව තිබෙනවා. පසුගිය දිනක ප්‍රංශ ජාතික පුස්තකාලයේ පැරණි කෘති අතරින් වෙරළු කොළ පිටකවර සහිත කෘති කීපයක් හමු වී තිබෙනවා.

මෙම කෘති අතරට 1862-1863 book of the Horticultural Society සහ Edward Hayes’s ‘The Ballads of Ireland’ from 1855 කෘතියේ වෙළුම් දෙකක් ඇතුළත්. එයින් සිදු වී ඇත්තේ අවම හානියක්. නමුත් මෙම පැරණි කෘති පාරිසරික නිරෝධායන ක්‍රමයක් යටතේ තබා වැඩිදුර අධ්‍යනයන් වෙනුවෙන් යොමු කිරීමට පුස්තකාල බලධාරීන් විසින් තීරණය කරනු ලැබුවා.

දිගුකාලයක් නිරාවරණය වුණොත්…

නමුත් මෙම ආසනික් සහිත අහිතකර විෂ සංයෝගයන්ට දිගුකාලයක් නිරාවරණය වීම නිසා පෙනහළු ක්‍රියාකාරීත්වය දුර්වල වීම, සමේ සහ පෙනහළු පිළිකා තත්ත්වයන් ඇති වීම වැනි ජීවිතයේ පැවත්මට පවා බලපෑම් ඇති කරන රෝග තත්ත්වයන් ඇති විය හැකි බවට වූ අනතුරු දන්වා තිබෙනවා.

1775 වසරේදී ජර්මන් ජාතික රසායන විද්‍යාඥ කාල් විල්හෙලම් ෂ්ලෙි (Carl Wilhelm Scheele) විසින් තඹ මිශ්‍ර කරමින් ආකර්ශණීය කොළ වර්ණයක් හඳුන්වා දුන්නා. මේ වර්ණය කාලයත් සමග අවර්ණ වී කළු පැහැයට හැරී ඇති අතර ඒ අවස්ථාවේදී විෂ සංයෝග නිකුත් කරන බව තහවුරු වී තිබෙනවා.

වෙනත් පොත් පිටකවර…

මේ අතර පොත් ප්‍රකාශකයින් විසින් ඉටි, රෙදි සහ Wallpapers කඩදාසි වැනි අමුද්‍රව්‍ය යොදා ගෙන පිටකවර නිෂ්පාදනයට යොමු වුණා. Wallpapers කඩදාසිවලත් ආසනික් අන්තර්ගතව තිබෙන බව හඳුනාගෙන තිබෙනවා.

ඒ වගේම පොතේ පිටකවරයේ පමණක් නොව, පාඨකයෙක් විසින් ඇතුළු පිටු පරිශීලනය කිරීමේදීත් මෙම විෂ සංයෝගයන්ට නිරාවරණය වීමේ වැඩි අවදානමක් ඇති බව ඩෙල්වෙයාර් හි Winterthur Museum කෞතුකාගාරයේ සංරක්ෂිකා Melissa Tedone සඳහන් කරනවා.

2019 වසරේදී Poison Book Project යටතේ සිදුකරන ලද අධ්‍යනයකට අනුව පොත් පිටකවර ආශ්‍රිතව ඇති ලීඩ්, ආසනික් සහ ක්‍රෝමියම් වැනි රසායනයන් අලලා අධ්‍යනයන් සිදු කරනු ලැබුවා.

ඒ අනුව පොත් පිටකවරවල ඇති සාදිලිංගම් රතු වර්ණයේ ඇති රසදිය සංයෝග හඳුනාගැනීමේ හැකියාව ඔවුන්ට ලැබුණා. මෙවැනි විෂ සංයෝග සෞඛ්‍යට ඉතා අහිතකර විෂ සංයෝග බවට රෝග පාලනය සහ නිවාරනය පිළිබඳ මධ්‍යස්ථානය විසින් දැනුම් දී තිබෙනවා.

කහ පාට වර්ණය…

කහ වර්ණයේ පොත් පිටකවරවලටත් විෂ සංයෝග ඇතුළත් වුණත් ඒවා මුලින් සඳහන් කරන ලද කොළ සහ රතු වර්ණක තරමටම අහිතකර නොවන බවටත් මෙම පර්යේෂකයන් විසින් සඳහන් කර තිබෙනවා. පොත්වල ඇති විෂ රසායනයන්ට නිරාවරණය වීමේ සෞඛ්‍ය අවදානම පුස්තකාල සේවයේ නිරත අයට වගේම සාමාන්‍ය පාඨකයන්ටත් බලපානවා.

ඒ නිසා පොත්පත් තෝරා ගැනීමේදී අත් ආවරණ පැළඳ ගැනීම, පොත් පරිහරණයෙන් පසුව හොඳින් අත් සෝදා ගැනීම වගේම පොතේ පිටකරවය ප්ලාස්ටික්වලින් ආවරණය කිරීම වැනි ආරක්ෂිත පියවර අනුගමනය කිරීමත් වැදගත්.

ඒ වගේම අද වනවිට පවතින ඩිජිටල් තාක්ෂණය නිසා පැරණි පොත් ක්ෂුද්‍ර කෘති ( Micro), ඡායාරූප ( Micro Films ) ලෙසින් පාඨකයන්ට හඳුන්වා දීමේ හැකියාවත් තිබෙනවා. ඒ නිසා මෙවැනි විකල්ප වෙනුවෙන් යොමු වීමේ අවශ්‍යතාවය දැන් පුස්තකාල ක්ෂේත්‍රය වෙනුවෙන් ඇති වී තිබෙනවා.

Mail on line ඇසුරෙන්

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: Antique, Paris green, පිටකවරය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?