නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හිතුමතේට නොදැමිය යුතු කාපට්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

හිතුමතේට නොදැමිය යුතු කාපට්

Published May 6, 2024

නිවසක මෘදු, සුඛෝපභෝගී කාපට් එකක් තිබීම හොඳ අත්දැකීමක් ලබා දෙනවා. ඒ වගේම කුඩා දරුවන්ට ක්‍රීඩා කිරීමට ආරක්ෂිත සහ සුවපහසු ස්ථානයක් සැපයීම කාපට් එකක එක වාසියක්. කාපට් එකක් මත ඇද වැටීමකදී තුවාල වීමේ අවදානම ඉතා අඩුයි. ඔබේ නිවසට කාපට් එකක් තෝරා ගන්නවා නම් විවිධ වර්ණ, අමුද්‍රව්‍ය මෝස්තර අතරින් ඔබට ගැළපෙන කාපට් එක තෝරාගත යුතුයි.

වෙළෙඳපොළේ ඇති කාපට් විවිධ විලාසිතා සමග පැමිණෙනවා. සමහර කාපට් ඝනයි. තවත් සමහර කාපට් මෘදු සහ ආකර්ෂණීය ඒවායි. රබර් කාපට් ලා ආකර්ෂණීය බව තරමක් අඩු වුණත් ඒවායේ පැල්ලම් ඇති වන්නේ අඩුවෙන්. නිවසේ සාමාජිකයන් වැඩිපුර ගැවසෙන ස්ථානයක හෝ දරුවන් නිතර ගැවසෙන ස්ථානයකට රබර් කාපට් හොඳින් ගැළපේ. විවිධ මෝස්තර ඉස්මතු වන ලෙස තන්තු යොදාගෙන සකසන ලද කාපට් ආලෝකය පරාවර්තනය කිරීමට උපකාරී වේ. මෘදු කෙඳි සහිත කාපට් දෙපා වලට ඉතා මෘදු බවක් ගෙන දුන්නත් එහි අඩි සලකුණු සහ කුණු පැල්ලම් තැවරෙන්න ඉඩ තියෙනවා.

මිලට වඩා ගුණාත්මකභාවයට මුල් තැන දෙන්න

ඔබට කල්පවතින කාපට් එකක් මිලදී ගත හැකි නම් වඩා හොඳයි. විවිධ වෙළෙඳසැල්වල පවතින කාපට් අතර මිල ගණන් සසඳා බලන්න. එමඟින් ඔබගේ ජීවන රටාවට සහ ඔබේ අතේ ඇති මුදලට ගැළපෙන කාපට් එකක් තෝරා ගත හැකි වනු ඇත. පැල්ලම් ප්‍රතිරෝධී කාපට්වල මිල තරමක් අධික වුවත් එය දිගුකාලයක් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. පහසුවෙන් කුණු තැවරෙන, මිල අඩු කාපට් මිලදී ගතහොත් කෙටි කාලයක් ඇතුළත ඒවා නැවත අලුත් කිරීමට සිදුවනු ඇත.

ඔබේ නිවසේ දරුවන් සහ සුරතල් සතුන් සිටිනවා නම් රෝල් කරන ලද කාපට් වෙනුවට කාපට් ටයිල් මිලදී ගැනීමට උත්සාහ කරන්න. ලොම් සහිත කාපට් මිලෙන් තරමක් වැඩියි. නමුත් නයිලෝන් සහ කෘත්‍රිම ලොම්වලින් නිර්මාණය කරන ලද කාපට් ඊට වඩා අඩු මිලකට ඔබට ලබාගත හැක.බිම්මහල, පඩිපෙළ වැනි තෙතමනය සහිත ප්‍රදේශ සඳහා Polyester වලින් නිෂ්පාදනය කරන ලද කාපට් තෝරාගන්න. එවිට එම ස්ථානවල සිදුවිය හැකි අනතුරුද වළක්වාගත හැකිය.

ඔන්ලයින් මිලදී ගන්න එපා

කාපට් වැනි දේ ඔබ සැළකිලිමත් විය යුතු වැදගත් කාරණයක් තමයි මෙය. වේ වනවිට ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්න ඔන්ලයින් ක්‍රමයිට භාණ්ඩ මිළදී ගන්න. එය පහසු වුණත් කාපට් වගේ දේවල් මිලට ගන්න විට එය නුවණට හුරු දෙයක් නම් නෙමෙයි. කාපට් මිලදී ගැනීමට වෙළඳසැලකට ගොස් ඔබට ගැළපෙන කාපට් එක මිලදී ගත හැකි නම් වඩා සුදුසුයි.

සාදා ඇති අමුද්‍ර්‍ය සහ එහි කල්පැවැත්ම ගැන ඔබට නිවැරදිව දැන ගැනීමට පුළුවන් වන්නේ වෙළඳසැලකින්ම පමණයි. විකුණුම්කරුගෙන් ඔබට අවශ්‍ය සියලුම ප්‍රශ්න අසා දැනගන්න. අත්දැකීම් සහ පළපුරුද්ද බහුල සේවක මඬුල්ලක් සිටින ස්ථානයකින් කාපට් මිලදී ගැනීම වඩාත් වාසිදායකයි.

පහසුවෙන් නඩත්තු කළ හැකි කාපට් තෝරාගන්න

මේ ගැනත් ඔබ වැඩි සැළකිල්ලක් අනිවාර්යයෙන්ම දැක්විය යුතුයි. ඔබේ නිවසේ කුඩා දරුවන්, බල්ලන් හා බළලුන් ජීවත් වෙනවා නම් පිරිසිදු කිරීමට අපහසු කාපට් තෝරා ගැනීම අනුවණ ක්‍රියාවක්.පැල්ලම් ප්‍රතිරෝධී කාපට් තෝරාගන්න හැකි නම් ඔබගේ පිරිසිදු කිරීමේ කාලය ඉතිරි කරගත හැකියි. කාපට් එකක් මිලදී ගැනීමට පෙර එය පිරිසිදු කිරීමේ සහ නඩත්තු කිරීමේ ක්‍රියාවලිය ගැන විකුණුම් කරුගෙන් විමසා දැනගන්න.

කොපමණ වාරයක් පිරිසිඳු කළ යුතුද, පිරිසිදු කිරීමට යොදාගත යුතු විශේෂ උපකරණ හෝ පිරිසිදුකාරක වර්ග මොනවාද යනාදියත් ඔබ විමසා දැනගන්න. ඔබට කාපට් පිරිසිදු කිරීමට තරම් කාලයක් නොමැතිනම් එවැනි කාපට් මිලදී ගැනීමෙන් වළකින්න.

අර්චිත ඉඳුවර ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?