නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලෙදර් තාක්ෂණයෙන් එන ක්ෂණික සුප්,කොමඩු රෝලෝ සහ වට්ටක්කා ජෑම්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ලෙදර් තාක්ෂණයෙන් එන ක්ෂණික සුප්,කොමඩු රෝලෝ සහ වට්ටක්කා ජෑම්

Published May 6, 2024

‘Leather’ කිව්වාම අපේ හිතට ඇති වෙන්නේ බොහොම ගොරෝසු සම් භාණ්ඩ. නමුත් මේ ලෙදර් තාක්ෂණය කියන්නේ තායිලන්තයේ ආහාර තාක්ෂණ කටයුතු වෙනුවෙන් යොදා ගන්නා සුවිශේෂී තාක්ෂණයක්. මෙතැන කතාව ඊට වෙනස්. ඒ නිසා තායිලන්තයේ ආහාර තාක්ෂණ ක්‍රමවේදයක් තුළින් ලද දැනුම මගින් තායිලන්ත තාක්ෂණයෙන් ඔබ්බට ගිය ඔහු ලහිරු මාරසිංහ.

මගේ ගම මොනරාගල. උසස් අධ්‍යාපනයෙන් පසුව ප්‍රමාණ සමීක්ෂකවරයකු ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා රැකියාවන් කළා. ඔය අතරේ ඇතිවුණ කොවිඩ් වසංගතය සමග ඉදිකිරීම් කර්මාන්තය තුළ යම් පසුගාමී බවක් ඇතිවුණා. ඊට පසුව මගේම කියලා ඉදිකිරීම් සමාගමක් ආරම්භ කරන්න අදහස් කළත් ඒක බැරිවුණා.

ඔන්ලයින් සමග නිතරම සම්බන්ධයි…

මේ වනවිටත් මම ඔන්ලයින් ගනුදෙණු සමග සම්බන්ධව සිටියා. මේ අතරේ ආහාර විජලන තාක්ෂණය ගැන තොරතුරු ගැන මට දැනගන්න ලැබුණා. මේ කර්මාන්තයට යොමුවන්න මට කැමැත්තක් ඇතිවුණා. ඒ නිසා ‘තායි ශ්‍රීි ඇකඩමියෙන්’ ආහාර තාක්ෂණය පිළිබඳ දැනුම ලබාගත්තා. එහිදී තාක්ෂණය ව්‍යාපාරයක් බවට පත්කර ගන්නා කලාව මම තේරුම් ගත්තා.

‘WIFE’ යනුවෙන් ඔබේ සන්නාමය ගොඩ නැගෙන්නෙ

ඔව්. අපේ නිෂ්පාදන වෙනුවෙන් සන්නාමයක් අවශ්‍ය වනවා. මම බිරිඳ සමග මේ ගැන සාකච්ඡා කළා. ඒ නම ඇත්තටම හදවතට දැනෙන ආකාරයේ නමක් වීමත් වැදගත්. ‘WIFE’  කිව්වාම අපේ මතකයට එන්නේ ගෙදර බිරින්දෑ තමයි.

මටත් ඒ සිතුවිල්ල පොදුයි. මගේ සෙවණැල්ල වගේ සිටින නිසාම මේ නිෂ්පාදන ‘WIFE’ යනුවෙන් නම් කළා.’WIFE’ කියන අකුරු හතර තුළ තවත් සැඟවුණ අර්ථයක් තිබෙනවා. එහි සම්පූර්ණ අර්ථය Wonderfull Items For Every One යන්නයි. ඒ වගේම මගේ නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළට හඳුන්වා දීමේදී මේ සන්නාමය උච්චාරණයත් පහසුයි.

ඔබේ මුල්ම නිෂ්පාදනය…

මම මුලින්ම ඇඹරැල්ලා ව්‍යංජනයක් හඳුන්වා දුන්නා. ඇඹරැල්ලා වෙනම රස පැකට්ටුවත් තිබෙනවා. අපි සෝයා සකස් කරගන්න ක්‍රමට පහසුවෙන් සකස් කරගන්න පුළුවන්. ඇසුරුම හතර දෙනෙකුට ප්‍රමාණවත්. අද බොහෝ දෙනාට ආහාරයේ ගුණාත්මක බව අමතකයි. ඒකටත් ඔවුන් සාධාරණ හේතු ඉදිරිපත් කරනවා.

අපේ කාර්ය බහුල ජීවිතයේ කපන, කොටන, ව්‍යංජන සකස් කරන්න කෝ වෙලාවක්. අල ගෙඩියක් පරිප්පු ටිකක් තෙල් දා ගන්නවා මිසක් වෙන කිසිම දෙයක් කරගන්න වෙලා නැහැ. ඉතින් ඒ වගේ දුක් අඳෝනාවන් කියන අයට මේ වගේ ඇඹරැල්ලා ව්‍යංජනයක් කිසිම අගුණයක් නැහැ.

වට්ටක්කා ජෑම්

අපට වෙළෙඳපොළේ විවිධ රස ඇති ජෑම් තිබෙනවා. අපි බොහොම උනන්දුවෙන් ඒවා මිලට අර ගන්නවා. නමුත් මගේ වට්ටක්කා ජෑම් කියන්නේ සම්පූර්ණයෙන්ම වට්ටක්කා අමුද්‍රව්‍ය විදිහට යොදා ගත් නිෂ්පාදනයක්. ජර්මනියෙන් මේ සඳහා හොඳ ඉල්ලුමක් තිබෙනවා. මීට අමතරව වට්ටක්කා ඇට සහ වට්ටක්කා පිටි වැනි නිෂ්පාදනත් තිබෙනවා.

බර අඩුකරන ව්‍යායාමයක් අවසානයේ ආහාරයට සුප් පැකට්ටුවක්…

අපි විනෝද චාරිකාවක් ගියාම, එහෙම නැත්නම් කන්දක් නැග්ගාම පහසුවෙන් පිළියෙළ කරගත හැකි සහ ක්ෂණික දේවල් වෙනුවෙන් උනන්දුයි. ඒ වගේ අවස්ථාවකට ගැළපෙන සුප් පැකට්ටුවක් මම හඳුන්වා දුන්නා. එය රස කීපයකින් තිබෙනවා. ඉස්සෝ, අමු හාල්මැස්සෝ ‘දයියා’ සහ එළවළු සුප් විදිට තිබෙනවා. විභාගවලට පාඩම් කරන දරුවන්ට වගේම නේවාසිකාගාරවල සිටින දරුවන්ට මේ සුප් පැකට්ටුවක් ඉතාම පහසුවෙන් පිළියෙළ කරගන්න පුළුවන්.

එළවළු සුප් පැකට්ටුව හැදුණේ

මගේ ගනුදෙනුකරුවන් අතර නෙදර්ලන්ත ජාතික කාන්තාවක් සිටිනවා. ඇගෙ සැමියා සම්පූර්ණයෙන්ම නිර්මාංශිකයෙක්. ඔහු වෙනුවෙන් එළවළු සුප් පැකට්ටුවක් නිෂ්පාදනය කරදෙන්න කියලා මේ කාන්තාව මගෙන් ඉල්ලා සිටියා. ඇගේ ඉල්ලීමට අනුව මම එළවලු සුප් පැකට්ටුව නිෂ්පාදනය කළා.

සුප් එකට ගෝවා එකතු කරන්න කියලා විශේෂ ඉල්ලීමක් තිබුණා. ඒ නිසා මේ සුප් එකේ ගෝවා,බණ්ඩක්කා, කැරට්, බෝංචි, පරිප්පු, රතු ලූනු, ලොකු ලූනු, පැස්ටා සහ නූඩ්ල්ස් ඇතුළත්.

කොමඩු රෝලෝ

මගේ කොමඩු රෝලෝ නිෂ්පාදනය තායිලන්තයේ ලෙදර් තාක්ෂණයට අනුව නිෂ්පාදනය වුණ ලංකාවටම එකයි කියන අනන්‍යතාව තිබෙන තවත් නිෂ්පාදනයක අයිතිය කිව්වොත් නිවරැදියි. මේ ඇසුරුමේ කොමඩු කිලෝ පහක් පමණ තිබෙනවා. සීනි එකතු කිරීමක් නැහැ. වර්ණය වෙනස් නැහැ. විජලන තාක්ෂණයට අනුව නිෂ්පාදනය කරන නිසා රසකාරක හෝ වර්ණකාරක නැහැ.

එක් වතාවක් ‘ලැට්වියා’ රටෙන් ඇනවුමක් ආවා. ව්‍යාජ ඇනවුමක් කියලා මම හිතුවට ඒ නමින් රටක් තිබෙනවා. ඔහු වෙනුවෙන් මම ඇනවුමට අතිරේකව ප්‍රසාද දීමනාවක් විදිහට ‘කොමඩු රෝලෝ’ එකකුත් ලබාදුන්නා. මේ ලෙදර් ක්‍රමයටම නිෂ්පාදනය කළ කෙසෙල් සහ පැපොල් රෝලෝ නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

මේ අතරින් ‘කොමඩු රෝලෝ’ වෙනුවෙන් වැඩි ඉල්ලුමක් තිබෙනවා. අද මගේ ‘Hot selling’ අයිටම් එකක් බවට පත්වෙලා. කොමඩු රෝලෝ එකට යුරෝපයෙන් හොඳ ඉල්ලුමක් තිබෙනවා. කෙසෙල් සහ පැපොල් රෝලෝ එකට නවසිලන්තය සහ ඕස්ට්‍රේලියාවෙන් ඇනවුම් ලැබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?