නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ට්‍රෝපියාගේ මරණීය නර්ථනය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ට්‍රෝපියාගේ මරණීය නර්ථනය

Published May 6, 2024

ඒ 1518 වසරයි. අද වනවිට ප්‍රංශය නමින් හැඳින්වෙන මේ ‘ස්ට්‍රාස්බර්ග්’ ප්‍රදේශය මේ කාලය වනවිට රෝම අධිරාජ්‍යට අයත්. ඇය නමින් ෆ්‍රෝ ට්රොපියා. එක් දිනක් ඇය ‘ස්ට්‍රාස්බර්ග්’ වීදියට ඇවිත් නටන්න පටන් ගත්තා. සෞන්දර්ය ප්‍රිය කරන කවුරුත් මේ රංගනය දෙස බලා සිටියා. එය දැන් නවතී යැයි හිතුවත් ඒ දවසේම ඇය නැටුවා. දවස ගෙවී ගියා. නැටුම නැවතුණේ නැහැ.දැන් ඇයට සහයෝගයටත් පිරිස එකතු වුණා. ඔවුන්ද ට්රොපියා යනුවෙන් හැඳින්වූ මේ කාන්තාව සමග නටන්න පටන් ගත්තා. ඇය නැටුම නැවැත්වූයේ නැහැ. දින කීපයක් ගෙවුනත් ඇය නොනවත්තාම රංගනයේ යෙදුණා.ඇගෙන් පටන් ගත් නැටුමට ක්‍රමයෙන් සංඛ්‍යාව වැඩි වී අවසානයේදී දහසක් පමණ දෙනා සමග නටන්න පටන් ගත්තා.

නැටුම නැවතුණේ කොහොමද?

මේ නැටුම මාස කීපයක් පුරා පවතින විට ඒ ගැන ප්‍රදේශය භාර බිෂොප්වරයාට දැන ගන්න ලැබුණා. එයින් අනතුරුව වෛද්‍යවරුන් සහ ස්ට්‍රැස්බර්ග් මහෙස්ත්‍රාත්වරයා එකතුව මේ නැටුම නැවැත්වීමට කටයුතු කළත් ඒ වෙන විටත් කීප දෙනෙක් රෝහල්ගත කර සිටි අතර තවත් කීප දෙනෙක් මරණයට පත් වී තිබුණා. ජූලි සිට සැප්තැම්බර් මාසය පුරා මරණ පහළොවක් පමණ සිදු වූ බැව් වාර්තා වෙනවා. මියගිය පිරිස අතර මැදි වයසේ පසු වූ අය බවත් වාර්තා වෙනවා.

මරණයට පත් වීමට හේතුව

නොනවත්තාම රංගනයේ යෙදුන පිරිස අතරින් කීප දෙනෙකු මරණයට පත් වීම ගැන පසු පරීක්ෂණ සිදු කරද්දී බොහෝ විට ආහාර ආසාත්මිකතාවයක් නිසා මෙම මරණ සිදු වන්නට ඇතැයි අනුමාන කළා. පාන් වල තිබුන දිලීරයක් ආසාදනය වීම නිසා මෙම මරණ සිදු වන්නට ඇතැයි වූ අනුමානයක් තිබුනත් තවත් පිරිසක් ඒ අදහස ප්‍රතික්ෂේප කළා. ආහාරයක් විෂ වූවා නම් එය මෙම නැටුමේ සිටි සියලු දෙනාටම බලපෑමට ඉඩ තිබෙන්නට ඇතැයි ඔවුන් සඳහන් කරනවා.

සමහර විට අධික උෂ්ණත්වය නිසා මේ මරණ සිදු වන්නට ඇතැයි වූ අදහස තවත් පිරිසක් ඉදිරිපත් කරනවා. ඒ වගේම නිසි පරිදි ආහාර නොගෙන අධික ලෙස වෙහෙසට පත් වීම මෙම මරණවලට හේතු විය හැකි බවටත් වූ අදහස් ඉදිරිපත් වෙද්දී මේ ගැන ඇති තවත් අදහසක් ගැනත් සඳහන් කර තිබෙනවා. මේ කාලයේ ‘ස්ට්‍රාස්බර්ග්’ වැසියන් දැඩි මානසික පීඩනයකින් සිටි නිසා ඔවුන් තමන්ගේ පීඩනය මුදා හැරීමට රංගනයේ යෙදෙන්නට ඇතැයි අනුමාන කරනවා.

නැටුම් වසංගතයක් බවට පත් වීම

ඉතිහාසයේ සඳහන් වන අන්දමට 1518 වසරට පෙරාතුවත් මේ අන්දමින් අසාමාන්‍ය ලෙසින් රංගනයේ යෙදුන අවස්ථාවන් හතක් ගැන වාර්තා වී තිබෙනවා. ස්විස්ටර්ලන්තය, ජර්මනිය සහ නෙදර්ලන්තය වැනි රට වලිනුත් මෙවැනි නර්තන වසංගත ගැන වාර්තා වී තිබෙනවා. ඒ නිසාම මේ සිදුවීමත් නර්තන වසංගතයක් යනුවෙන් හඳුන්වා තිබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?