නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: HIV වලට එරෙහිව නව තාක්ෂණයක් CRISPR
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

HIV වලට එරෙහිව නව තාක්ෂණයක් CRISPR

Published May 6, 2024

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සරසවි මධ්‍යස්ථානයෙන් සොයාගැනීමක්

මානව ප්‍රජාවේ පැවැත්ම අන්තර් ලිංගික සම්බන්ධතාවයන් මත පදනම් වී තිබුණත් වගකීම් විරහිත ලිංගික සම්බන්ධතාවයන් නිසා HIV (Human Immunodeficiency Virus) ආසාදිත තත්ත්වයක් ඇතිවීමේ අවදානම ඉතාම ඉහළයි. මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV) මගින් සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල කිරීම නිසා විවිධ රෝගකාරකයන්ට පහසුවෙන් ගොදුරුවන අතර මෙම අවධිය AIDS නමින් හඳුන්වනවා. වෛරසය ශරීරගත වූ සැණින් ආසාදිතයෙකු බවට පත් නොවුණත් සමහර විට ඒ සඳහා වසර 8 සිට 10 ක් වැනි කාලයක් ගත විය හැක.

මෙම පුද්ගලයන් ආසාදිත බවට පත්වන තෙක් රෝග ලක්ෂණ නොපෙන්වා නීරෝගි පුද්ගලයන් ලෙසින් ජීවත්වන අතර අද ආසාදිතයෙක් බවට තහවුරු නොවුණත් හෙට දවස ගැන ඔබට සහතික වීම අපහසුය. මෙම පුද්ගල කණ්ඩායම් දෙපාර්ශ්වයෙන්ම මානව ප්‍රජාව තුළ HIV ආසාදිතයන් සංඛ්‍යාත්මක ලෙසින් වර්ධනය වීමේ අවදානමක් තිබෙනවා.යම් පුද්ගලයෙක් HIV ආසාදිත තත්ත්වයට පත් වීම නිසා වෛරස ඔවුන්ගේ DNA ප්‍රතිශක්තිකරණ සෛලතුළට ඇතුලු වෙනවා.

ඒ නිසා යම් දවසක ආසාදිත තත්ත්වයට ලබා ගන්නා ප්‍රතිකාර නැවැත්වීම සමග නැවතත් රෝග තත්ත්වය ඉස්මතු වීමට වැඩි අවදානමක් තිබෙනවා. උදාහරණයකින් මේ තත්ත්වය විස්තර කරනවා නම් රබර් බෝලයක් ඔබේ අතේ වීර්යෙන් දියට ගිල්වා ගෙන සිටියත් ඔබේ අත ලිහිල් කළ සැනින් රබර් බෝලය නැවතත් දිය මතු පිටට පැමිණෙනවා. DNA වෙනුවෙන් ලබා දෙන ඖෂධීය ප්‍රතිකාර සම්බන්ධයෙනුත් මේ තත්වය සාධාරණයි.

මීට දශක කීපයකට පෙරාතුව “ඒඩ්ස් මාරාන්තිකයි” යන අදහස ප්‍රජාව අතර තදින්ම බලගැන්වී තිබුණා. නමුත් HIV සඳහා ප්‍රතිකාර ලබා ගැනීමෙන් HIV සමග ජීවත්වන පුද්ගලයන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ හැකියාව තිබෙනවා. මේ ජීවිතය සාමාන්‍ය වන්නේ ඔවුන් HIV සඳහා ප්‍රතිකාර ලබා ගන්නා තෙක් පමණයි.

නිද්‍රාශීලී වෛරස විනාශ කිරීම අවශ්‍යයි

මානව ප්‍රතිකාර සම්බන්ධයෙන් කතා කරන විට මේ අයුරින් වෛරස නිද්‍රාශීලීව තැබීම සැබැවින්ම විසඳුමක් නොවේ. ඒ නිසාම HIV ආසාදන තත්ත්වය වෙනුවෙන් සම්පූර්ණ සුවය ලබාගත හැකි ඖෂධ හඳුනාගැනීම වෙනුවෙන් දශක ගණනාවක් පුරා පර්යේෂණ පවත්වා තිබෙනවා. ඒ අනුව විද්‍යාඥයන් විසින් නොබෙල් ත්‍යාගය ලත් CRISPR තාක්ෂණය මගින් HIV ආසාදිත තත්ත්වයට ප්‍රතිකාර සොයාගත හැකිදැයි වූ අධ්‍යයනයන් සිදු කරනවා.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සරසවි මධ්‍යස්ථානයේ ආචාර්ය එලිනා හෙරිනා කාර්ලියා (Elena Herrera Carrillo) ඇතුළු පර්යේෂක කණ්ඩායමක් විසින් මෙම අධ්‍යයනය සිදු කරනු ලැබුවා. ඔවුන්ගේ මෙම හඳුනා ගැනීම් 2024 වසරේ අප්‍රේල් මාසයේ 27 වැනි දින සිට 30 වැනි දින දක්වා බාසිලෝනා හි පැවැත්වෙන ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ බෝවන රෝග පිළිබඳ යුරෝපීය සම්මේලනයට (ECCMID 2024) ඉදිරිපත් කර තිබෙනවා.ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් පෙන්වා දෙන අන්දමට CRISPR තාක්ෂණය යොදා ගෙන HIV ආසාදිත සෛලවලින් වෛරසයේ සියලුම අංශු ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා.

CRISPR – (Clustered regularly interspaced short palindromic repeats) තාක්ෂණය යනු කුමක්ද?

CRISPR තාක්ෂණය හඳුනා ගැනීම වෙනුවෙන් 2020 වසරේදී එම්මානුවල් කාපෙන්ටර් සහ ජෙනිෆර් ඩවුඩ්කා (Emmanuelle Charpentier සහ Jennifer Doudna) විසින් නොබෙල් ත්‍යාගය ලබා ගත්තා. CRISPR තාක්ෂණයට අනුව ජීවින් තුළ ජාන සංස්කරණය, ජෛව තාක්ෂණ නිෂ්පාදන සංවර්ධනය, රෝග සඳහා වූ ප්‍රතිකාර වෙනුවෙන් අත්හදා බැලීම් සිදු කිරීම ඇතුළු මූලික ජීව විද්‍යාත්මක පර්යේෂණ රාශියක් සිදු කරනවා.

මෙම අධ්‍යයනයේ සාමාජික ආචාර්ය එලිනා හෙරේරා සඳහන් කරන්නේ CRISPR තාක්ෂණයේදී RNA (gRNAs) අනුපිළිවෙල යොදාගෙන යොදාගෙන HIV  වෛරසයට එරෙහිව කටයුතු කිරීමට ඇති හැකියාව ගැන පර්යේෂණ සිදු කරනවා.

ඒ වගේම ඔවුන් සෛල මතුපිට ඇති විශේෂිත ප්‍රෝටීන ගැනත් අවධානය යොමු කරමින් සැගව ඇති HIV සෛල පවා ඉලක්ක කිරීමට සූදානම් බැව් සඳහන් කරනවා. නමුත් සෑම ධාරක සෛලයකින්ම වෛරස ඉවත් කිරීමත් යම් අභියෝගයක් විය හැකි බැව් ලන්ඩනයේ ෆැන්සිස් ක්‍රික් ආයතනයේ වෛරස විශේෂඥ ආචාර්ය ජොනතන් ස්ටොෆ් වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

මෙම තාක්ෂණය රෝගීන් සම්බන්ධයෙන් අත්හදා බැලීමට පෙරාතුව තව දුරටත් අධ්‍යයනයන් පැවැත්වීමත් අවශ්‍ය බැව් එක්සත් ජනපදයේ නොටිංහැම් සරසවියේ පියවි සෛල හා ජාන චිකිත්සාව පිළිබඳ මහාචාර්ය වෛද්‍ය ජේම්ස් ඩික්සන් විසින් සඳහන් කරනවා.

මේ ක්‍රමවේදයේදී අපට HIV  වෛරසයට එරෙහිව කාර්යක්ෂතම ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාව තිබෙනවා. අපි ඒ වෙනුවෙන් CRISPR සමග ඒකාබද්ධ වීම අවශ්‍යයි. එවිට HIV සෛල වෙනුවෙන් චිකිත්සක ප්‍රතිකාර පහසුවෙන් ලබා දීමේ හැකියාව ඇති කරනවා.HIV  හෝ AIDS (Acquired immunodeficiency syndrome) ආසාදිත රෝගී පුද්ගලයෙක් බවට තහවුරු වීම සමග ඇතිවන මානසික බිඳ වැටීම නිසාම ඒ රෝගියා සමාජයෙන් හුදෙකලා වුණ චරිතයක් ලෙසින් ජීවත් වීමට උත්සාහ කරනවා. එපමණක් නොව තවමත් HIV ආසාදිතයන් යනු සමාජයේ ප්‍රතික්ෂේපිත චරිතයක් නොවන බවට වූ පිළිගැනීම සමාජයේ ස්ථාපිත වීමත් අවශ්‍යයි.

HIV ආසාදිත වුණත් නිසි ප්‍රතිකාර ලබාගෙන සමාජයේ සාමාන්‍ය පුද්ගලයෙකු මෙන්ම ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට අවස්ථාවක් තිබෙන බවට වූ පිළිගැනීම ගොඩනැගීමට නම් HIVවෛරසයට එරෙහිව සාර්ථක ඖෂධීය ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. එය ඖෂධීය ප්‍රතිකාර ලබා ගන්නා තෙක් සීමා කිරීමට සිදු නොවන බවට දැන් පසුබිම සකස් වෙමින් තිබෙනවා. ඒ නිසා මෙම අධ්‍යයනය සාර්ථක වුණොත් යනු නිට්ටාවටම සුව කළ හැකිය යන පණිවිඩයත් සමාජගත කිරීමට හැකියාවක් තිබෙනවා.

Newscientist.com ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?