නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වයසට වඩා වැඩියෙන් හිතලා නිර්මාණ කරන මිහින්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

වයසට වඩා වැඩියෙන් හිතලා නිර්මාණ කරන මිහින්

Published April 29, 2024

මිහින් ඉන්නේ දහය වසරේ. හැබැයි එයා කොළඹ කොල්ලෙක් නෙවෙයි.එහෙම මිහින් ගැන කිව්වේ කොළඹට කිරි අපට කැකිරි කතාව මතක් වුණ නිසයි. කොළඹින් පිට පාසල්වලට අඩු පහසුකම් ලැබුණත් සම්ප්‍රදායික රාමුවෙන් පිට හිතන දරුවෝ නැතුවාම නොවෙයි. ඒ නිසා මිහින් වගේ දරුවෝ මේ වනවිටත් බොහෝ නිර්මාණ එළිදක්වලා. ඒ ගැන ලියන්න නවලිය තීරණය කළා. මේ කතාව මිහින් වගේ දරුවෝ ඉන්න අම්මලාටත් මිහින් වගේ වෙන්න කැමති දරුවන්ටත් අභිප්‍රේරකයක් වේවි.

මුලින්ම මිහින් ගැන කියලා මේ කතාව පටන් ගමූ…

මගේ සම්පූර්ණ නම එච්.ඒ මිහින් නිදුවර. මම ඉන්නෙ කුලියාපිටිය දණ්ඩෙගමුව ගමේ. ඉගෙනගන්නෙ කුලියාපිටිය සාරනාත් ජාතික පාසලේ 10 වසරේ.

මිහින් කොහොමද මේ වගේ නව නිර්මාණ හදන්න යොමු වුණේ ?

පොඩි කාලෙ ඉඳන්ම ලොකු ආසවක් තිබුණා එක එක දේවල් හදන්න. ඒත් වයස පොඩි නිසා ඒ වෙනකොට මට ලොකු දැනුමක් තිබුණේ නැහැ. හරියටම හය වසරෙදි තමයි නිවැරදිව දුරස්ථ පාලකයක් මඟින් ක්‍රියා කරවන්න පුළුවන් ගුවන්යානා, නෞකා වගේ හදන්න පටන් ගත්තේ. ඉස්කෝලේ නව නිර්මාණ සංගමයට මම සම්බන්ධ වුණාට පස්සෙ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එතනින් ලැබුණ දේවල් නිසා තමයි මට මේ වගේ නිර්මාණ හදන්න යොමු වුණේ.

මේ වගේ නිර්මාණ කරන්න අවශ්‍ය කරන තාක්ෂණය සහ දැනුම කොහොමද ලබාගත්තෙ?

මුලින්ම මට උදව් කරන්න කවුරුත් හිටියෙ නැති නිසා මම තනියෙන් තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ. ඊට පස්සෙ අන්තර්ජාලය හරහා මට ඕන කරන දේවල් හොයන්න පටන් ගත්තා. දැන් මට මගේ ඉස්කෝලේ තියෙන නව නිපැයුම් සංගමයෙ ඉන්න සාමාජිකයන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් උදව් ලැබෙනවා.

මිහින් කරපු නිර්මාණ ගැනත් කියමුකෝ…

මම වැඩිපුරම කැමති නැව්, ගුවන්යානා සහ කෝච්චි ආකෘති හදන්න. මම දැනට හදල තියෙනවා Amels  27 නැවේ ආකෘතියක්. ඇත්ත නැවේ තියෙන ආකාරයටම පාලක මැදිරි, නිදන කාමර, පිහිනුම් තටාක සියල්ලම මම හදල තියෙන්නෙ. නැවේ පිංතූර අන්තර්ජාලයෙන් හොයාගෙන ඒවා බලලා ඇත්ත නැව වගේම මගේ නිර්මාණය හදන්න වුවමනා වුණා.

දවස් දහයක් වගේ ගියා මට මේ නිර්මාණය හදල ඉවර කරන්න. මේ නැවත් දුරස්ථ පාලකයක් මගින් ක්‍රියා කරවන්න පුළුවන්.ඊට අමතරව මම හදලා තියෙනවා රොබෝ යන්ත්‍රයක්. ඒක මම හැදුවේ වෛද්‍යවරුන්ට ලං වෙන්න බැරි කොරෝනා වගේ වෛරස් වැළඳුණු රෝගීන්ගේ ළගටම ගිහින් එයාලට අවශ්‍ය කරන කෑම බීම සහ බෙහෙත් සපයන්න.

මේ රොබෝ යන්ත්‍රය රෝහල්වලට අමතරව හෝටල්වලටත් භාවිත කරන්න පුළුවන් කෑම පිළිගන්වන්න වගේ දේවල්වලට. දැනට මේ රොබෝ වැඩ කරන්නෙ බ්ලූටූත්වලින් ජංගම දුරකථනය හරහා. ඉදිරියෙදී මේ නිර්මාණය තව වැඩිදියුණු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

ඒ වගේම මම නිර්මාණය කරලා තියෙනවා ජීවිතාරක්ෂක බෝට්ටුවක්. යම් පුද්ගලයෙක් දියේ ගිලුනොත් ඔහුව බේරගන්න තවත් කෙනෙක් යනවාට වඩා ඉක්මනට මගේ බෝට්ටු එතනට යවලා ඒ පුද්ගලයාට ජීවිත ආරක්ෂක කබායක් ලබා දෙන්න පුළුවන්. මේ නිර්මාණයෙන් 2022 සමස්ථ ලංකා නව නිපැයුම් තරගයෙන් පළවෙනි ස්ථානය දිනාගන්නත් පුළුවන් වුණා.

2023 සමස්ථ ලංකා නව නිර්මාණ තරගයට මම ඉදිරිපත් කළා පොඩි ළමයිව ගෙනියන්න පුළුවන් ගෝකාට් එකක්. මේ නිර්මාණයේ තියෙන විශේෂත්වය තමයි මේකට ළමයෙක්ව දැම්මට පස්සෙ ළමයාගේ දෙමව්පියන්ට හැර වෙන කිසිම කෙනෙකුට ළමයාව ගන්න බැහැ.ඒවගේම ඕනෑම කඳුකර, දුෂ්කර මාර්ගයක වුණත් ආරක්ෂාකාරීව ඉතා පහසුවෙන් මේ ගෝකාට් එක රැගෙන යන්න පුළුවන්.

ලැබුණු උදව් ගැන මතක් කළොත්…

මුලින්ම මතක් කරන්න ඕනෙ අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් චමින්ද රන්දෙණිය සර්. සර් මට ගොඩක් උදව් කරනවා මේ වැඩ කරගෙන යන්න. ඒ වගේම නව නිපැයුම් සංගමය භාරව කටයුතු කරන නයෝමි දිසානායක ගුරුතුමියවත් මතක් කරන්න ඕනෙ. එතුමියත් මම දන්නෙ නැති දේවල් මට කියල දෙනවා.

වෙන්නපුවේ ඉන්න ඩිවෝන් ලලන්ත ගුරුතුමා සහ මනුත් සාරංග ගුරුතුමත් මට තාක්ෂණය පැත්තෙන් ඉදිරියට යන්න ගොඩක් ලොකු සහයෝගයක් ලබාදෙනවා. ඒ සියලුදෙනාගෙ උදව් නිසා තමයි මට මෙච්චර දුරක් එන්න ලැබුණේ.

මිහින් ලබාගත්ත ජයග්‍රහණ ගැන කිව්වොත්…

කොළඹ BMICH එකේ පැවැත්වුණ නව සමස්ථ ලංකා නව නිපැයුම් තරගයේ රොබෝ තාක්ෂණය යටතේ විනෝදාස්වාදය කාණ්ඩයෙන් මට පළමු ස්ථානය ලබාගන්න පුළුවන් වුණා.ඒ වගේම දිස්ත්‍රික්, පළාත්, කලාප මට්ටමෙන් ජයග්‍රණ රැසක් මට මේ වෙනකොට ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා.

මිහින්ගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මුලින්ම මම හදල තියෙන රොබෝව වැඩිදියුණු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඒක දුරකථනයෙන් පාලනය කරනවාට වඩා යම් සංඥාවක් ලබාදී ඒ ඔස්සේ බෙහෙත් හෝ ආහාර දීලා නැවත හිටපු තැනට එන්න පුළුවන් විදිහට හදනවා මම.

මගේ මේ නිර්මාණ මීට වඩා ලොකුවට කරන්න හදන්න මම ආසාවෙන් ඉන්නෙ. රටට වැඩදායී නිර්මාණ රැසක් ඉදිරියේදී කරන්න බලාගෙන ඉන්නෙ. ඒවාවලින් ලංකාවට විදේශ විනමය ගෙනල්ලා රටේ ආර්ථිකයටත් සහයෝගයක් දක්වන්නත් මගේ හිතේ අදහසක් තියෙනවා. මේ නිර්මාණ ඉදිරියට කරගෙන යද්දී අවශ්‍ය කරන දැනුම සහ සහයෝගය මට ලබාදෙන්න පුළුවන් නම් කාට හෝ ගොඩක් වටිනාව.

 අර්චිත ඉඳුවර ✍️

 

TAGGED: රොබෝ තාක්ෂණය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?