නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නැප්ලම් බෝම්බයෙන් බේරුණු කිම්ෆෙක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නැප්ලම් බෝම්බයෙන් බේරුණු කිම්ෆෙක්

Published April 22, 2024

“කිම් ෆෙක් ” යැයි උපත් නාමයට වඩා කාලාන්තරයක් පුරා ඇය හැඳින්වූයේ “ නැප්ලම් දැරිය” ලෙසයි. 1963 වසරේ අප්‍රේල් 6 වැනි දින උපත ලද කිම්, මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ දෙන විට ඇගේ වයස අවුරුදු නවයකි.

1972 වසරේ ජූනි 8 වැනි දා දකුණු වියට්නාමය විසින් සැලසුම් කර තිබූ පරිදි ‘ටැන්ග්බෑන්’ ප්‍රදේශයට නැප්ලම් බෝම්බයක් හෙළන ලදි. එම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් බොහෝ දෙනකු මරණයට පත් වූ අතර බොහෝ දෙනක් ගින්නෙන් දැවී ගියහ.

මේ අතර එක් කුඩා දැරියක් ද මේ බෝම්බයෙන් තම සිරුර දැවෙද්දී ඇය තම ඇඳිවත ගලවා දමා නිරුවතින් දුවන්නට වූවාය. මේ වෙන විට ඇගේ ඥාති සහෝදරියන් දෙදෙනාද ‘නැප්ලම්’ බෝම්බයට ගොදුරුව ජීවිතක්ෂයට පත් විය.

අනේ…පිච්චෙනවා… අනේ පිච්චෙනවා…

Nong qua, nóng qua යැයි කියමින් ඇය දුවද්දී ආරක්ෂාව පතා කොඩෝයි පන්සලේ සිට පලායමින් සිටි සිවිල් වැසියන් හා දකුණු වියට්නාම් සොල්දාදුවන් පිරිසක් ද කිම් ෆෙක් සමග සම්බන්ධ වූහ. බොර දියේ මාළු බාන්නා සේ පුවත්පත් ඡායාරූප ශිල්පීන් විසින් මරණ බියෙන් සහ වේදනාවෙන් දුවන කිම්ෆෙක්ගේ නිරුවත් ඡායාරූපයක් ඔවුන්ගේ කැමරාවට හසුකර ගන්නට සමත් වූහ.

මේ අතරින් “ඇසෝසියේටඩ් ප්‍රෙස් ඡායාරූප ශිල්පි “ නික්උට්” විසින් ඇගේ ඡායාරූපය ලබා ගැනීම පමණක් ඔහුගේ අරමුණ ලෙසින් සලකනු ලැබුවේ නැත. කිම්ෆෙක් සමග සෙසු තුවාලකරුවන් සයිගොන් හි පිහිටි ‘බාස්කි’ රෝහලට ඇතුළත් කරන ලදී.

ඇගේ තුවාල ඉතා බරපතළ බැව් වෛද්‍යවරු විසින් සඳහන් කළහ. එහෙත් ඇගේ ජීවිතයට අවදානමක් නොමැති බැව් වෛද්‍යවරුන්ගේනිගමනය විය. නික්උට් නිරන්තරව රෝහල සමග සම්බන්ධතාවන් ගොඩනඟා ගනිමින් ඇගේ සුවදුක් විමසා බැලීමට තරම් කාරුණික වූයේය.

1973 වසරේදී කිම්ගේ නිරුවත් ඡායාරූපය “නිව්යෝක් ටයිම්ස් පුවත්පත වෙත ඉදිරිපත් කරන ලදී. ගැහැනු දැරියකගේ නිරුවත් ඡායාරූපයක් නිසා නිව්යෝක් ටයිම්ස් ආයතනය විසින් කිම් පැක්ගේ ඡායාරූපය පළ කිරීමට මුලදී අකැමැති වුවත් අවසානයේදී මෙම සංවේදී ඡායාරූපය පළ කිරීමට එකඟ වී තිබේ. මෙම ඡායාරූපය වෙත විශාල ලෙසින් ප්‍රතිචාර ගලා එන්නට විය. “නික්උට්” විසින් ඇගේ ඡායාරූපය පුලිස්ටර් සම්මාන උළෙල වෙනුවෙන් ඉදිරිපත් කරන ලදී.



මාස දාහතරකට පසු කිම්ට නැවතත් ඇගේ නිවස බලා යෑමේ වාසනාව උදා විය. කිම් වෙනුවෙන් සම බද්ධ කිරීම ඇතුළු ශල්‍යකර්ම 17ක් සිදු කන ලදී. මුල් සැත්කම් කීපය පින්ලන්තයේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ “ආර්න් රින්ටලා” විසින් සිදු කරන ලදී. 1982 වසරේ බටහිර ජර්මනියේ දී “ලුඩ්විග්ෂාෆෙන්” හි පිහිටි විශේෂ සායනයකින් ප්‍රතිකාර ලැබීමෙන් පසුව ඇය සුවය ලැබුවාය.පුලිස්ටර් සම්මාන දිනූ කිම්ගේ ඡායාරූපය 1973 වසරේදී ලෝක පුවත්පත් ඡායාරූපය ලෙසින් තෝරා ගන්නා ලදී.

කෙසේ හෝ වේවා මෙම ඡායාරූපය ගැන විවිධ මතවාද නැගෙන්නට විය. 1972 වසරේදී ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන් කාර්ය මණ්ඩල ප්‍රධානී “එච්. ආර්. හැල්ඩමෙන් ” ප්‍රකාශ කර තිබුණේ මෙම ඡායාරූපය ගැන රිචඩ් නික්සන් තුළ සැකයක් ඇති බවයි.

ඇත්තටම මෙම දැරිය ගින්නෙන් දැවී දුවන අවස්ථාවක මෙම ඡායාරූපය ගත්තාද නොඑසේ නම් මෙය කැමරාවෙන් ලබාගත් මායාවක්දැයි සැක ඇති බවයි. එහිදී අදහස් ඉදිරිපත් කරමින් නික්උට් සඳහන් කළේ “ මේ පින්තූරය වියට්නාම් යුද්ධය සේම සත්‍ය බවයි.”

1994 වසරේ නොවැම්බර් 10 වැනි දින යුනෙස්කෝ සුහද තානාපති ලෙසින් කිම් ෆෙක් නම් කරන ලදී. ඇගේ චරිතාපදානය ඩෙනිස් චොං විසින් රචනා කළ අතර 1999 වසරේදී එය ප්‍රකාශයට පත් වූයේ “ ගර්ල් ඉන් ද පික්චර් ” (Girl in the Picture) යන නමිනි. මම කෘතියෙන් ලද ආදායම “කිම් ෆෙක්” පදනම වෙනුවෙන් බැර කරන ලදී. 2004 වසරේ ඔක්තෝබර් 22 වැනි දින කිම් ෆෙක් වෙනුවෙන් ඔන්ටෝරියෝ හි Order of Ontario සාමාජිකත්වය ප්‍රදානය කරන ලදී.

ලෝකය පුරා යුද්ධයෙන් විපතට පත් දරුවන් වෙනුවෙන් කිම්ෆෙක් විසින් ඉටුකරන ලද සේවය අගයමින් ඔන්ටෝරියෝහි කිංස්ටන්හි ක්වින්ස් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ ගෞරව උපාධිය පිරිනමන ලදී. 2011 වසරේ ජූනි දෙවැනි දින ඇයට “ ලෙත්බ්‍රිජ්  විශ්වවිද්‍යාලයෙන් නීතිවේදි උපාධිය පිරිනමන ලදී.

යුද්ධයෙන් විපතට පත් දරුවන් වෙනුවෙන් වෛද්‍ය සහ මානසික ආධාර ලබා දීමේ අරමුණ මත 1997 වසරේ කිම් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ ‘කිම්ෆෙක් ( Kim Phúc Foundation ) පදනම පිහිටුවන ලදී. “කිම් ෆෙක් පදනම ” යටතේම තවත් සංවිධාන එයින් අනතුරුව පිහිටුවන ලදී.

2004 වසරේදී කිම් විසින් ඇගේ ජීවිතයේ අත්දැකීම් පිළිබඳව “කනෙක්ටිකට් විශ්වවිද්‍යාලයේදී ” අදහස් ඉදිරිපත් කරමින් කියා සිටියේ අනුකම්පාව සහ ප්‍රේමය ඇගේ ජීවිතයේ ජයග්‍රහණය වෙනුවෙන් පාදක වූ බවයි. 2009 වසරේදී කිම් මහජන ගුවන්විදුලිය ඔස්සේ “සමාව සඳහා දිගු මාවත” යනුවෙන් ඇගේ අත්දැකීම් විස්තර කළාය.

2010 වසරේ මැයි 18 වැනි දින බීබීසී චැනල් 4 වැඩසටහනේදී “ඉට්ස් මයි ස්ටෝරි ” වෙනුවෙන් පෙනී සිටියාය. 2003 වසරේදී ඉරාකය විසින් බැග්ඩෑඩය ආක්‍රමණය කරද්දී රොකට් ප්‍රහාරයකින් අත් දෙකම අහිමි වුණ “අලි අබ්බාස්” සඳහා කැනඩාවේ ප්‍රතිකාර ලබාදෙන විට කිම් ෆෙක් ඇගේ පදනම මගින්ද සහයෝගය ලබාදීමට ඉදිරිපත් වූවාය.

2019 වසරේ පෙබරවාරි 11 වැනි දින කිම් ෆෙක් වෙනුවෙන් ඩේ‍රස්ඩන් සාම ත්‍යාගය පිරිනමනු ලැබුවේ යුනෙස්කෝව සමග ඇය විසින් ඉටු කරන ලද සමාජ සද්කාර්යන් වෙනුවෙන් වූ උපහාරයක් ලෙසින්ය.1996 වසරේ එක්සත් ජනපදයේ වියට්නාම ප්‍රවීණයන්ගේ අනුස්මරණ දිනයේදී ඇය සඳහන් කර සිටියේ කෙනකුට අතීතය වෙනස් කළ නොහැකි නමුත් සාමකාමී අනාගතයක් වෙනුවෙන් වැඩ කළ හැකි බවයි.

Sky news ඇසුරෙන්

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️





 

TAGGED: අලි අබ්බාස්, කිම් ෆෙක්, නැප්ලම්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?